twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න
Showing posts with label කතා නොකෙරෙන පැත්ත. Show all posts
Showing posts with label කතා නොකෙරෙන පැත්ත. Show all posts

Friday, February 3, 2012

අයිතීන් උදෙසා කාන්තාවෝ



හැමදාමත් අයිතිවාසිකම්,
කතා කරමුද
එකම එක දවසක් වත් 
යුතුකම් ගැනත්


ප.ලි. මේ පොස්ටරේ තිබුනේ අපේ හොස්ටල් එකේ තාප්පේ. මේක මම දැකපු දවසෙම දාන්න හැදුවේ. ඒත් එතකොට මේක ඇඩ් එකක් වෙනවනේ, ඒ නිසා මේ දවස පහු වෙනකල් ඉඳල දැම්මේ.;)

Friday, December 2, 2011

දැන් එතකොට කොල්ලන්ගේ විතරමද වැරැද්ද?


  
කාලෙකින් දවස් දෙක තුනක නිවාඩුවක් ගත්තා. හැබැයි මුකුත් ලිව්වේ නැත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් නිසා.:) මගේ කලින් පෝස්ට් එකත් දවස් දෙක තුනක් අයින් කරලා තිබ්බා ඒ නිසා. දැන් නම් අවුලක් නෑ වගේ. අද මේ කොටන්න කියල ලේස්ති වුනේ ආදරය සම්බන්ධ ගැටළුවක් ගැන. මේ ගැන කලින් ගොඩක් ලියවිලාත් ඇති. ප්‍රශ්නේ තමයි මුලින් ආදරය ප්‍රකාශ කරන්න ඕන කොල්ලමද කියන එක. එහෙමත් නැත්තන් කෙල්ලෙක් මුලින් ආදරය ප්‍රකාශ කිරීම වැරදිද කියන එක. ඔය සම්බන්ධව ලියවුනු ගොඩාක් දෙනෙක් අදහස් දක්වපු ලිපියක් මම ටික කාලෙකට කලින් දැක්කා. බ්ලොග් සහෝදරියක් තමයි ඒක ලියල තිබුණේ. එයාට වුන සිද්ධියක් නිසා තමයි එයාට එහෙම ලියන්න හිතිලා තිබුණේ. ඒ සිද්ධියේ හැටියට එහෙම ලියන්න හිතුන එක 100% ක්ම සාධාරණයි. හැබැයි ඒකෙ සම්පූර්ණයෙන්ම වැරදිකාරයෝ කරලා තිබුනේ කොල්ලන්ව. ඒ ප්‍රශ්නෙදි කෙල්ලන්ගේ පැත්තෙන් වෙන වැරදි ගැන කියවිලා තිබුනේ නෑ. (ඒක ඉතින් සහෝදරියන්ගේ බ්ලොග් වල නිතරම දකින්න ලැබෙන දෙයක් නේ.:)) මම ඒකට කමෙන්ට් එකකුත් දැම්මා, රිප්ලයි නම් ලැබුනේ නෑ. මට පස්සේ දාල තිබුන කමෙන්ට් වලටත් රිප්ලයි කරලා නම් තිබුනා.:) මම එතන දාපු කමෙන්ට් එකේ කියපුවත් එක්ක තමයි මේ කියන්නේ. මට කාලෙකට පස්සේ මේ ගැන ආයෙත් මතක් වුනේ මේ ලඟදි බ්ලොග් සහෝදරියක් එක්ක චැට් එකෙන් කරපු කතා බහක් නිසා. එයාත් ටික කාලයක් තිස්සේ හිතේ තියන දේ කොල්ලට කියාගන්න බැරුව බලාගෙන ඉන්නවා. අපි ඒ ගැන ගොඩක් කතා කළා. ඒ කතා බහෙන් මට කලින් හිතිලා තිබුනේ නැති කාරණා ටිකකුත් දැනගත්තා. ඊට පස්සේ තමයි මට මේ ගැන ලියන්න හිතුනේ.

මුලින්ම කියන්න ඕන කෙල්ලෙක් මුලින් ආදරේ ප්‍රකාශ කළා කියල ඒ කෙල්ල චාටර් කෙල්ලෙක් කියල හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කෙල්ලෙක්ට වුනත් තමන් කැමති කොල්ලෙක් තෝරාගෙන එයාට ආදරේ කරලා, එයාට ඒක කියන්න අයිතියක් තියෙන්න ඕන නේ. ඒකෙ කිසි කතාවක් නෑ. දුක කියන්නේ ඉතින් එහෙම කිව්වම කෙල්ල චාටර් කියල හිතන කොල්ලෝ ඉන්නවා. ඒක අවිවාදයෙන් පිළිගන්න වෙනවා. අපේ ලොකු අම්මගේ පොඩි පුතා ඇතුළුව කීපදෙනෙක්ම මට ඒ කතාව කියල තියනවා. ඒක වැරදියි කියල සාධනය කරන්න, එහෙමත් නැත්තන් එහෙම උන්ට බනින්න මම මේ වෙලාවේ උත්සාහ කරන්නේ නෑ. ඒක කවුරුත් දන්නවනේ, අමුතුවෙන් කරන්න ඕන නෑ නේ. අර මම කියපු පෝස්ට් එකෙත්, ඒකට වැටුන කමෙන්ට් වලත් ඒ ටික හොඳට පැහැදිලිවම වෙලා තිබුනා. මම උත්සාහ කරන්නේ කතා නොකෙරෙන පැත්ත ගැන කතා කරන්න. ඒ කිව්වේ කෙල්ලෝ ඇයි තමන්ගේ හිතේ තියන ආදරේ කියන්නේ නැතුව හිතේ හිරකරගෙන ඉන්නේ කියන එක ගැන කතා කරන්න. කොල්ලම මුලින් ආදරේ කියන්න ඕන කියල කොල්ලන්ට වඩා හිතාගෙන ඉන්නේ කෙල්ලෝ. ඒක බොහොම පැහැදිලියි. වෙනස තියෙන්නේ කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ. අර මම කලින් කියපු පෝස්ට් එකේ කියවුණු විදියට නම් කෙල්ලෝ එහෙම ආදරේ කියන්නේ නැතුව ඉන්නේ කොල්ල කෙල්ල ගැන වැරදියට හිතයි කියන බය නිසාලු. හැබැයි ඇත්ත කතාව නම් කාරණේ ඒක විතරක් නෙමෙයි. එහෙම වෙන්න හේතු කීපයක්ම බලපාන්න පුළුවන්.

1. බය

මෙතන බය කිව්වේ සාමාන්‍යයෙන් ආදරයක් ප්‍රකාශ කරන්න තියන බය. ඒක ඉතින් කෙල්ලන්ට විතරක් නෙමෙයි, කොල්ලන්ටත් තියන එකක් නේ. (අප්පච්චියේ එක පාරක් කෙල්ලෙක්ගෙ මූණ බලාගෙන ඕක කියාගන්න බැරුව මම විඳපු දුකක්. මම තේරුණා මාව විජලනය වේගෙන එනවා කියල. පස්සේ මම බැරිම තැන ඇහුවා "ඔයාට තේරෙන්නේ නැද්ද මම කියන්න හදන දේ?" කියල. වෙලාවට කෙල්ල කිව්වා "මට තේරෙනවා" කියල.)

2. අර කලින් කිව්වා වගේ තමන් ගැන වැරදියට හිතාවි කියන හැඟීම

එහෙම පටු විදියට හිතන කොල්ලෝ ඉන්න නිසා මෙහෙම බයක් ඇතිවෙන එක සාධාරණයි. හැබැයි ඒකට උත්තරේ ආදරේ කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්න එක නෙමෙයි. මෙහෙමයි, ඕන කසාදයක් කියල ඕක කියල දාන්න. කොල්ල හොඳ කොල්ලෙක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ. එක්කෝ ආදරේ පිළිගනීවි, නැත්තන් වැදගත් විදියට ප්‍රතික්ෂේප කරාවි. කොල්ල අරම පටු විදියට හිතන එකෙක් නම් එයා ඒ නිසාම කෙල්ලව ප්‍රතික්ෂේප කරාවි. ඉතින් දෙයියනේ කොල්ල එහෙම පටු විදියට හිතන එකෙක් නම් එහෙම එකෙක් නැති වෙන එකමනේ හොඳ. කොහොමත් එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්නත් බෑ නේ. එතකොට ඒකෙන්ම මිනිහ කවුද කියල තේරුම් ගන්නත් පුළුවන් නේ.

3. ආඩම්බරකම

ඔන්න ඕක ගැන තමයි මට වැඩියෙන්ම කියන්න ඕන වුනේ. ඔය කොල්ලම ආදරේ කියනකල් බලාගෙන ඉන්න අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මෙන්න මේ හේතුව නිසා තමයි එහෙම කරන්නේ. ගොඩක් කෙල්ලො හිතාගෙන ඉන්නෙ කොල්ලම ඇවිල්ල තමයි මුලින් අහන්න ඕන කියල. කෙල්ලො කොච්චර ආදරේ කලත් තමන් මුලින් කිව්වොත් එක ලැජ්ජාවක් කියල තමයි ගොඩක් කෙල්ලො හිතන්නෙ. ලැජ්ජාවකටත්  වැඩිය ඒක මදි කමක් කියල තමයි හිතන්නේ. කොල්ලම පස්සෙන් වැටීගෙන ඇවිත් අහනව නම් තමයි කෙල්ලො කමති. ඔය ලොකු කතා කිව්වට කොල්ලෙක් පස්සෙන් එනකොට යලුවොත් එක්ක රස කර කර කියන්නයි, කැමතිද ඇහුවම අගේ කරන්නයි ලොකු ලයින් දෙන්නයි තමයි ගොඩක් කෙල්ලො කැමති. බොරු ආඩම්බරකමට නොකිය ඉඳල අන්තිමට කියනවා කොල්ලෝ වැරදියට හිතන නිසයි කියන්නේ නැත්තේ කියල. (හැමෝම ගැන නෙමෙයි මේ කියන්නේ හොඳද)  

මට මතකයි අර පෝස්ට් එකේ ඇනෝ සහෝදරියක් කියල තිබුන මතුපිටින් රොක් පොරවල් වගේ හිටියට අද සමාජයේ කොල්ලො ළඟ තියෙන්නේ ගල් යුගයේ මති මතාන්තර කියල. ඒකම තමයි ඉතින් අනිත් පැත්තටත් කියන්න වෙන්නෙ. කොන්ඩෙ ස්ට්‍රේට් කරල ඩෙනිම් ගහල රොක් පොරීල වගේ හිටියට ලංකාවේ කෙල්ලො ළඟ තියෙන්නෙත් ගල් යුගයේ මති මතාන්තර. ඔය වගේ තැනක ටෝක් දුන්නට ඇත්ත ජීවිතේ ඔය කියන අය ඔයිට වඩා හාත්පසින්ම වෙනස් චරිත රඟපාන්නේ. 

අර මාත් එක්ක චැට් කරපු සහෝදරී මෙහෙම කතාවක් කිව්වා. ගොඩක්ම කෙල්ලො එහෙම දෙයක් කියන්න බය ඊට පස්සෙ කොල්ල අනිත් අය ඉස්සරහ කෙල්ලව චාටර් කරාවි කියලලු. මන්ද මම නම් හිතන්නෙ නෑ කොල්ලෙක් එහෙම දෙයක් කරාවි කියල. මම නම් කවදාවත් එහෙම දෙයක් නම් අහල නෑ. තව එයා කිව්ව එහෙම කෙල්ල ඇහුවම සමහර කොල්ලො ආතල් එකට යාලු වෙනවලු. මම ඒ වෙලාවේ නම් ඒ ගැන එයාට මුකුත් කිව්වේ නෑ. හැබැයි මම නම් ඒ කතාව එච්චර විස්වාස කරන්නේ නෑ. එහෙම වෙන්නේ නෑම කියල මම කියන්න යන්නෙත් නෑ. ඒත් මෙහෙම හිතන්නකෝ, කෙල්ලෙක් කවුරු හරි කොල්ලෙක්ට ආදරේ කරන්න ගන්නවා නම් හොඳට හොයල බලල, හොඳ කොල්ලෙක් කියල හොඳටම විස්වාස නම් විතරනේ ආදරේ කරන්නේ. ඇත්තටම ගොඩක් කොල්ලෝ වගේ කෙල්ලෝ ආවට ගියාට ඔය වගේ අදහස් ඇති කරගන්නේ නෑ නේ. ඇඳුමක් ගන්න ගියාම කෙල්ලෝ තෝරන තේරිල්ලට කොල්ලෙක් තෝරාගන්නවා නම් කොයිතරම් නම් දේවල් හිතනවා ඇද්ද? ඉතින් එහෙම හොඳ කොල්ලෙක්ට ඔය වගේ දෙයක් කිව්වා කියල අර සහෝදරී කියපු වගේ දෙයක් වෙන්න තියන අවදානම ගොඩක්ම අඩුයි නේ. මම නම් කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අරම වෙයි මෙහෙම වෙයි බොරුවට හිතාගෙන කොල්ලම මුලින් කියන්න ඕන කියන එක සාධාරණීකරණය කරගන්න එක. 

දැන් ඔය මාත් එක්ක කතා කරපු සහෝදරීට නම් ඔය ප්‍රශ්න නෑ හොඳද. එයාට තියෙන්නේ මම කියපු පළවෙනි හේතුව විතරයි. ඒ කියන්නේ ඒක කියාගන්න පොඩි බයක් තියනවා එක හේතුවක් නිසා. (මේ ටික දැම්මේ මගේ ආරක්ෂාවට.:D)

ගොඩක්ම වෙලාවට කෙල්ලෝ කරන්නේ කොල්ලෙක්ට හිත ගියොත් කෙලින්ම කියන්නේ නැතුව වටින් ගොඩින් එක එක හින්ට් දීල කොල්ලව ෆෝම් කරගෙන කොල්ල ලවාම කියව ගන්න එකනේ. ඒක ඉතින් කොල්ලට තේරුනොත් හොඳයි. නැත්තන් ඉතින් හැමදාම පසුතැවෙන්න වෙන්නේ. පස්සේ කාලෙක කොල්ල දැනගත්තොත් කොල්ල වුනත් පසුතැවේවි. මම දන්න ඔහොම සිද්ධි ඕන තරම් තියනවා. දැන් ඉතින් ඔය විඳව විඳව ඉන්නවා. ඒවා නම් ඉතින් මෝඩ කම, වෙන කියන්න දෙයක් නෑ. මම දන්න දෙන්නෙක් ඉන්නවා, කෙල්ල කොල්ලට ගොඩක් කල් ඉඳල හිතෙන් ආදරේ කළා. ඒක එයා පෙන්නුවත් එක්ක. ඒ වුනාට ඒ කෙල්ල ගොඩක් සෝෂල්, හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා බහ කරලා ඉන්න කෙල්ලෙක්. ඒ නිසා අර කොල්ලට ඒ කෙල්ලගේ වෙනසක් පෙනුනේ නෑ. කොහොමහරි කෙල්ල කිව්වෙත් නෑ, කොල්ල දැනගත්තෙත් නෑ, ඒක කාලයත් එක්කම එහෙමම වැළලිලා ගියා. පස්සේ ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා. ඊටත් පස්සේ කෙල්ලගේ වෙන යාලුවෙක් කිව්වට පස්සේ තමයි කොල්ල දැනගත්තේ එහෙම එකක් තිබුන කියල. මේ ලඟදි ඔය දෙන්න චැට් කර කර ඉන්නකොට ඔය කතාව ඇදිල තිබුනා. ඒ කෙල්ල අදටත් සෑහෙන දුක් වෙනවා අරූව නොලැබුන එකට. එදා ඒ වචනේ කියාගන්න බැරි වුන එකට අදටත් ඒකි දුක් වෙනවා.

අවසාන වශයෙන් කොල්ලන්ට කියන්න තියෙන්නේ කෙල්ලක් එහෙම කිව්ව පලියට ඒකි චාටර් කෙල්ලක් කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා. ඒකෙන් හොයන්න බෑ කෙල්ල චාටර්ද නැද්ද කියල. ආදරය ප්‍රකාශ කිරීමේ සම අයිතිය පිළිගන්න. එහෙම කියන්න තරම් කෙල්ලෙක් පෙළඹෙනවා කියන්නේ දරාගන්න බැරි තරම් ආදරයක් එතන තියෙන්න පුළුවන්. අර කතාවක් තියෙන්නේ තමන් ආදරේ කරන කෙනා නෙමෙයි තමන්ට ආදරේ කරන කෙනා තෝරගන්න කියලා. ඉතින් එහෙම අවස්තාවක් ලැබුනම ඒක අවතක්සේරු කරන්න එපා.

කෙල්ලන්ට කියන්න තියෙන්නේ කවදාවත් ඔය වගේ දෙයක් හිතේ තියන් ඉන්නේ නැතුව කියල දාන්න. එතකොට කොල්ල අකමැති වුනත් හිත හරි නිදහස් මම කිව්වා නේද කියල. එහෙම නැති වුනොත් කවදාහරි පසු තැවෙන්න වෙනවා මම මේ දේ එයාට කිව්වා නම් කතාවේ වෙනසක් වෙන්න තිබුනා නේද කියල. ඒක හිතේ තියාගෙන ඉන්න එක තමන්ට වගේම ඒ කොල්ලටත් කරන අසාධාරණයක්. මොකද ඒ කොල්ලට ගොඩක් වටින කියන ආදරයක් නැති වෙන්න පුළුවන් කෙල්ල සද්ද නැතුව හිටියොත්. අරම වෙයි මෙහෙම වෙයි කියල තමන්ම තීරණය කරලා හිතේ තියන දේ නොකිය ඉන්න එපා. "අඳුරට ශාප කරමින් නොසිට එක පහනක් හරි දල්වන්න" කියල කතාවක් තියනවනේ. කෙල්ල මුලින් ආදරේ කියන එක ලැජ්ජාවක්, මදි කමක් කියල හිතන්න එපා. තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ කරලා ඉන්න මුලින්ම. තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ නොකර බොරුවට අනිත් අයට දොස් කියන්න එපා.  

 .................................................................................................................................................................
ප.ලි. ඔන්න ඔහොමයි කසුන්ට හිතෙන්නේ. මේ ගැන හිතට එකඟව මොනවා හරි කියන්න තියනවා නම් කියලම යන්න.