දැන් කට්ටිය බලනවා ඇති මොකක්ද මේ වැරදුනු අනුපාතය කියල. මම මේ කියන්න යන්නේ මොරටුව කැම්පස් එක ගැන කතාවක්. මාත් ඉතින් ඔන්න ඕකෙ තමයි ඉන්නෙ. මොරටුව කැම්පස් එකේ අනුපාතය 2:1. ඒ කියන්නෙ කොල්ලො දෙන්නට එක කෙල්ලයි. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. අපි පොඩි කාලෙ හිතන් ඉන්නෙ කොහොමද? කැම්පස් ගියාම හරි ජොලියෙ ඉන්න පුලුවන් කියලනෙ. ඒ මදිවට කොහොමද උසස් පෙල පන්තිවල සර්ල දෙන ටෝක්ස්? "මේ කාලෙ විතරයි මහන්සි වෙන්න තියෙන්නෙ. කැම්පස් ගියාට පස්සෙ කෙල්ලෙක් යාලු කරගෙන ෆුල් ජොලියෙ ඉන්න පුලුවන්". අනේ අමරුවෙන් මොරටුවෙ ආපු උන්ට නම් ඉතින් ඕව කතන්දර විතරයි. මෙහේ අනුපාතය එක කෙල්ලට කොල්ලො 2යි. ඒ කියන්නෙ සෑම කොල්ලො දෙන්නෙක්ගෙන්ම එක කොල්ලෙක් ඉන්නෙ අවදානම් කලාපයේ. ඇත්තම කියනව නම් ප්‍රායෝගික හේතු නිසා ඔය ප්‍රශ්නය ඔයිටත් වඩා බරපතලයි. මෙහේ හරියන කෙල්ලෙක් හොයා ගන්නව කියන්නෙ chemistry වලට A එකක් ගන්නව වගේ වැඩක්. එහෙම සිලෙක්ට් වෙන කෙල්ලන්ට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. එතකොට ඉතින් තියන තරඟය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.
(ඕක IT going down එකකට ගොඩ කැන්ටින් එකේ අලවලා තිබුන පෝස්ටර් එකක්. සැ.යු. මේකෙ 4වෙනි පේළිය නම් මම අනුමත කරන්නෙ නෑ.)
ඉතින් කෙල්ලෙක් දාගන්න ෆුල්ම ගේමක් දෙන්න ඕන. මෙහේ කොල්ලො පොළවෙ පස් කන්නෙ නැති එක විතරයි. ඒකටම හරි යනව මෙහෙ ඉන්න කෙල්ලො ටිකත්. ලේසියකට කැමැත්ත නම් දෙන්නෙ නෑ. කොල්ලව මරවල තමයි කැමතියි කියල කියන්නෙ. හෙනම ලොකු ලයින් එක. එක අතකට වැරද්දක් කියන්නත් බෑ ඉතින්. තියන ඉල්ලුමේ හැටියට කෙල්ලො එහෙම ලොකු වෙන එක ස්වාබාවිකයි. ඒ නිසා මෙහෙ රජ කරන්නෙ ස්වබාදහමේ ප්‍රාතමිකම නීතිය. ඒ කිව්වෙ ප්‍රබලයා විසින් දුබලයා පරාජය කිරීම. සුපිරි ඩයල්ස් කොහොම හරි කරල ඉතින් කෙල්ලෙක් සෙට් කරගන්නවා. අනේ ඉතින් අපි වගේ අඩු සුදුසුකම් තියන උන්ට දෙයියන්ගෙම පිහිටයි. ඔහේ හූල්ල හූල්ල ඉන්නවා ඉතින්, වෙන මොනව කරන්නද? අපි නම් කමක් නෑ කියමු, මෙහේ ඉන්න ඉන්ජන්ටවත් කෙල්ලෙක් සෙට් කරගන්න බෑ නෙ. උසස් පෙළදි ලෝකෙ නැති ගැටලු විසඳපු උනුත් මොරටුවෙ මේ ප්‍රශ්නෙ ඉදිරියේ අසරණයි. කොහොම හරි ඔය ප්‍රශ්න නිසා මෙහේ කොල්ලන්ගෙන් 2/3 කට වඩා තනිකඩ ජීවිතේ තමයි ඉතින්. අර පන්තිවල සර්ලට දෙකක් කියල එන්න හිතෙන්නෙ ඔය වෙලවට තමයි.
(මේක library එකේ මේසෙක ටිපෙක්ස් වලින් ලියල තිබුන කවියක්.)
තාම කතාව ඉවර නෑ, තව තියනවා. අපි කියමුකො කොහොම හරි කොල්ලෙක් සෙට් කරගත්ත කියල. වැඩේ කියන්නෙ ඊට පස්සෙත් සමහර කෙල්ලන්ගෙ ලොකු ලයිල් එක නෙ. ඇයි ඉතින් කෙල්ල දන්නව කොල්ල කොච්චර උනත් ඉන්නෙ බයෙන් කියල. මොකද තියන තරඟෙත් එක්ක කොයි වෙලෙ වෙන කොල්ලෙක් කෙල්ලව ඩැහැ ගනීද කියල කියන්න බෑ නෙ. කෙල්ලො ඕක දන්න නිසා පුදුම විදියට ගනන් උස්සන්නෙ. අනේ ඉතින් ලෝකෙ නැති දුක් විඳල කෙල්ලෙක් දාගත්ත එකාට ඊට පස්සෙ වෙන්නෙ ඒකෙ ගෑස් බල බල ඉන්න.
හැබැයි ඉතින් එහෙම කිසිම ලොකු ලයින් එකක් නැති, හොඳ කෙල්ලොත් මොරටුවෙ ඉන්නවා. ඒකත් කියන්න ඕන. කොහොම හරි ඉතින් ඔන්න ඕකයි මොරටුවෙ කතන්දරේ. දුක කියන්නෙ ඉතින් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහේ විතරයි නෙ. පේර, ජපුර, රුහුණ ඔය වගේ කේස් එකක් නෑ නෙ. ඕක කාගෙ වැරැද්දද, වැරදුනේ කොතනද කියල නම් මම දන්නෙ නෑ. හැබැයි කෙල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නෙ අඩුගානෙ 1:1 අනුපාතයටවත් මොරටුවට සිලෙක්ට් වෙන්න ට්‍රයි කරන්න කියල. එතකොටවත් මෙහෙ කොල්ලන්ට සාදාරනයක් ඉෂ්ට වෙයි නෙ. දැන් බොලා හිතනව ඇති, මේව මට කෙල්ලෙක් නැති නිසා දුකට කියන කතා කියල. ඔව් ඉතින් ඒක තමයි ඇත්ත.