දැන් කට්ටිය බලනවා ඇති මොකක්ද මේ වැරදුනු අනුපාතය කියල. මම මේ කියන්න යන්නේ මොරටුව කැම්පස් එක ගැන කතාවක්. මාත් ඉතින් ඔන්න ඕකෙ තමයි ඉන්නෙ. මොරටුව කැම්පස් එකේ අනුපාතය 2:1. ඒ කියන්නෙ කොල්ලො දෙන්නට එක කෙල්ලයි. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. අපි පොඩි කාලෙ හිතන් ඉන්නෙ කොහොමද? කැම්පස් ගියාම හරි ජොලියෙ ඉන්න පුලුවන් කියලනෙ. ඒ මදිවට කොහොමද උසස් පෙල පන්තිවල සර්ල දෙන ටෝක්ස්? "මේ කාලෙ විතරයි මහන්සි වෙන්න තියෙන්නෙ. කැම්පස් ගියාට පස්සෙ කෙල්ලෙක් යාලු කරගෙන ෆුල් ජොලියෙ ඉන්න පුලුවන්". අනේ අමරුවෙන් මොරටුවෙ ආපු උන්ට නම් ඉතින් ඕව කතන්දර විතරයි. මෙහේ අනුපාතය එක කෙල්ලට කොල්ලො 2යි. ඒ කියන්නෙ සෑම කොල්ලො දෙන්නෙක්ගෙන්ම එක කොල්ලෙක් ඉන්නෙ අවදානම් කලාපයේ. ඇත්තම කියනව නම් ප්‍රායෝගික හේතු නිසා ඔය ප්‍රශ්නය ඔයිටත් වඩා බරපතලයි. මෙහේ හරියන කෙල්ලෙක් හොයා ගන්නව කියන්නෙ chemistry වලට A එකක් ගන්නව වගේ වැඩක්. එහෙම සිලෙක්ට් වෙන කෙල්ලන්ට පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. එතකොට ඉතින් තියන තරඟය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.
(ඕක IT going down එකකට ගොඩ කැන්ටින් එකේ අලවලා තිබුන පෝස්ටර් එකක්. සැ.යු. මේකෙ 4වෙනි පේළිය නම් මම අනුමත කරන්නෙ නෑ.)
ඉතින් කෙල්ලෙක් දාගන්න ෆුල්ම ගේමක් දෙන්න ඕන. මෙහේ කොල්ලො පොළවෙ පස් කන්නෙ නැති එක විතරයි. ඒකටම හරි යනව මෙහෙ ඉන්න කෙල්ලො ටිකත්. ලේසියකට කැමැත්ත නම් දෙන්නෙ නෑ. කොල්ලව මරවල තමයි කැමතියි කියල කියන්නෙ. හෙනම ලොකු ලයින් එක. එක අතකට වැරද්දක් කියන්නත් බෑ ඉතින්. තියන ඉල්ලුමේ හැටියට කෙල්ලො එහෙම ලොකු වෙන එක ස්වාබාවිකයි. ඒ නිසා මෙහෙ රජ කරන්නෙ ස්වබාදහමේ ප්‍රාතමිකම නීතිය. ඒ කිව්වෙ ප්‍රබලයා විසින් දුබලයා පරාජය කිරීම. සුපිරි ඩයල්ස් කොහොම හරි කරල ඉතින් කෙල්ලෙක් සෙට් කරගන්නවා. අනේ ඉතින් අපි වගේ අඩු සුදුසුකම් තියන උන්ට දෙයියන්ගෙම පිහිටයි. ඔහේ හූල්ල හූල්ල ඉන්නවා ඉතින්, වෙන මොනව කරන්නද? අපි නම් කමක් නෑ කියමු, මෙහේ ඉන්න ඉන්ජන්ටවත් කෙල්ලෙක් සෙට් කරගන්න බෑ නෙ. උසස් පෙළදි ලෝකෙ නැති ගැටලු විසඳපු උනුත් මොරටුවෙ මේ ප්‍රශ්නෙ ඉදිරියේ අසරණයි. කොහොම හරි ඔය ප්‍රශ්න නිසා මෙහේ කොල්ලන්ගෙන් 2/3 කට වඩා තනිකඩ ජීවිතේ තමයි ඉතින්. අර පන්තිවල සර්ලට දෙකක් කියල එන්න හිතෙන්නෙ ඔය වෙලවට තමයි.
(මේක library එකේ මේසෙක ටිපෙක්ස් වලින් ලියල තිබුන කවියක්.)
තාම කතාව ඉවර නෑ, තව තියනවා. අපි කියමුකො කොහොම හරි කොල්ලෙක් සෙට් කරගත්ත කියල. වැඩේ කියන්නෙ ඊට පස්සෙත් සමහර කෙල්ලන්ගෙ ලොකු ලයිල් එක නෙ. ඇයි ඉතින් කෙල්ල දන්නව කොල්ල කොච්චර උනත් ඉන්නෙ බයෙන් කියල. මොකද තියන තරඟෙත් එක්ක කොයි වෙලෙ වෙන කොල්ලෙක් කෙල්ලව ඩැහැ ගනීද කියල කියන්න බෑ නෙ. කෙල්ලො ඕක දන්න නිසා පුදුම විදියට ගනන් උස්සන්නෙ. අනේ ඉතින් ලෝකෙ නැති දුක් විඳල කෙල්ලෙක් දාගත්ත එකාට ඊට පස්සෙ වෙන්නෙ ඒකෙ ගෑස් බල බල ඉන්න.
හැබැයි ඉතින් එහෙම කිසිම ලොකු ලයින් එකක් නැති, හොඳ කෙල්ලොත් මොරටුවෙ ඉන්නවා. ඒකත් කියන්න ඕන. කොහොම හරි ඉතින් ඔන්න ඕකයි මොරටුවෙ කතන්දරේ. දුක කියන්නෙ ඉතින් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ මෙහේ විතරයි නෙ. පේර, ජපුර, රුහුණ ඔය වගේ කේස් එකක් නෑ නෙ. ඕක කාගෙ වැරැද්දද, වැරදුනේ කොතනද කියල නම් මම දන්නෙ නෑ. හැබැයි කෙල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නෙ අඩුගානෙ 1:1 අනුපාතයටවත් මොරටුවට සිලෙක්ට් වෙන්න ට්‍රයි කරන්න කියල. එතකොටවත් මෙහෙ කොල්ලන්ට සාදාරනයක් ඉෂ්ට වෙයි නෙ. දැන් බොලා හිතනව ඇති, මේව මට කෙල්ලෙක් නැති නිසා දුකට කියන කතා කියල. ඔව් ඉතින් ඒක තමයි ඇත්ත.
මුළු රටම එක මිටට
2 weeks ago
This comment has been removed by the author.
ReplyDeleteඅපි මොරටුවෙ හිටිය කාලෙ අනුපාතය 7 ට 1 යි. කොහොම තියෙන්න ඇතිද?
ReplyDeletehttp://nadeesthoughts.wordpress.com/2010/02/24/%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-3%E0%B6%9A%E0%B7%8A/
ඒ අවුරුද්දෙ දෙපාර්තමේන්තුවෙ අනුපාතය 60 ට 0 යි!
අඩොව් මචං එහෙම කියන්න එපා නං පේරේ ඇවිත් වේලෙන කොල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා බං.
ReplyDeleteමොනා කරන්නද ලොකු රිසල්ට්ස් දාලා මොරටු ආවනම් දුක තමයි. අපි වගේ පොඩි රිසල්ට් එකක් දාලා පේරා ආවනම් එලම කිරි තමයි !!!!
අපි ඉතින් බාහිර නේ අපිට කෙල්ලෝ ඕන තරම්
ReplyDeleteමට හිතෙන හැටියටනම් ඔකට ඉතින් A/L කාලෙම ෂුවර් කරන්න පුලුවන් කෙල්ලක් හොයා ගත්තනම් ගොඩ නේ.....
ReplyDeleteigena ganna awanan igenaganin ban. geniyek hoyaganna uba campus enna ona nene.......
ReplyDelete@mahima
ReplyDeleteතොටත් ඉතින් ජොබ් එක විතරනේ ලැබුනෙ!
@nadeesthoughts
මම ඒ කතාව කියෙව්ව. ඒ කාලෙ කේස් එක මීටත් වඩා සිරියස් වගෙ නේ?
@මධුරංග & හිස් අහස
අඩෝ ඔහොම කියන්න එපා, ඉරිසියයි!
@බීටා
අපෝ ඒ කාලෙ ඒව වැඩිය ෂුවර් කරන්න බෑ බං.
@Lasantha
අනේ එහෙම කියන්න එපා අයියා. අවුරුදු 14ක් විතර තිස්සෙම ඉගෙන ගන්න එකමනෙ කරන්නෙ. මොකක් හරි ප්‍රගතියක් තියෙන්නත් ඕනනෙ.
haha ewa mwthana kiyanna onee ne ne
ReplyDeleteකතාව ඇත්ත මචෝ මොරටුවෙ උන් වේලෙනවා කියලා මාත් අහලා තියෙනවා....
ReplyDelete"මෙහේ ඉන්න ඉන්ජන්ටවත් කෙල්ලෙක් සෙට් කරගන්න බෑ නෙ"
ඔයා ඉන්ජෙක් නෙමෙයිද සහෝ?
උඩ කවි නම් පට්ට..........
කවුද ලියලා තියෙන්නෙ?
@mahima
ReplyDeleteඔව් නේ, අපි ඒව කතා නොකර ඉමු.
@හරී
නෑ සහෝ, මම ඉන්ජෙක් නෙමෙයි.
එකක් IT going down එකකට ගහපු එකක්. අනිත් එක පුස්ථකාලෙ තිබුනෙ. කවුරු ලියලද දන්නෙ නෑ.
@Kasun : එහෙනම් මොනාද කරන්නෙ..
ReplyDeleteඉන්ජො අරුනාම තව කවුද මොරටුවෙ ඉන්නෙ..මම නම් අහලා තිබුනෙ මොරටුව ඉන්ජන්ගෙ කැම්පස් එක කියලා...
ඔය කතාව මම අහපු 3 වෙනි වතාව.. හික්ස්.. දැන් තියෙන්නේ මොරටු කෙල්ලෝ ගැන සිතිවිල්ල අත ඇරලා ලඟපාත කැම්පස් එකක කෙල්ලෙක් ගැනවත් හිතන එක.. (මං කිවුවේ කසුන් අයියාටම නෙවේ.. අනුපත වැරැද්දෙන් දුක් විදින අහෙමෝටම..)
ReplyDeleteකැම්පස් වල ඔහොම වුනාට අපේ ඉස්කෝලෙ බයෝ පන්තියෙ තිබුන අනුපාතෙ නං ඕකෙ අනික් පැත්ත.. කෙල්ලො : කොල්ලෝ = 3: 1
@හරී
ReplyDeleteඅනේ එහෙම කියන්න එපා සහෝ. තව එවුන් මේකෙ ඉන්නවානෙ. මේකෙ පීඨ තුනක් තියනවා. Engineering, IT, Architecture. මම Archi faculty එකේ.
@ප්‍රාර්ථනා
ඔව් අනේ, ඕක ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්නයක්නෙ. hikz...
ඔව් ඒක නම් එහෙම තමයි, කෙල්ලො වැඩිය කැමති බයෝ කරන්න. කොල්ලො කැමති මැත්ස් වලට.
හැකියාව ඇති උන් කොහොම හරි ගොඩ යනව බං
ReplyDelete@රංග - මගේ ලෝකය :ගොඩ යන්නත් කවුරුහරි ඉන්න ඕනනේ බං.....
ReplyDelete@ Kasun :ඇයි බං ආකි එකේනෙ වැඩිපුර කෙල්ලො ඉන්නෙ...
munta kello wetenawada ban
ReplyDeletewetena kellatath budu saranai
@රංග
ReplyDeleteඅපිට ඉතින් හැකියාවත් නෑ නෙ
@හරී
ඒ ඉන්න එවුන්ගෙ හෙන ගනන් බං
@mahima
උඹට වැටෙන කෙල්ල ගැන මම උඹට කියල තියනව නෙ.
Ration of 2:1 sounds like heaven compared to Peradeniya E-fac during our time.
ReplyDelete@Kathandara
ReplyDeleteyah, the situation was worse than in the past.
අනේ අපේ කසුන් මල්ලිට කවුරු හරි ගෑනු ලමයෙක් අනුකම්පා කරන සේක්වා ........
ReplyDeleteමේ ඇත්තටම කැම්පස් යනකොට සෙට් කරගන්න ඕන කැම්පස් කෙල්ලෙක්මද, ඇයි එලියෙ ඉන්න උන්ගේ ගැජට් බැජට් අඩුයිද .....
අහ්හ් එහෙමත් එකක්ද අනේ මන්දා අප්පා
ReplyDeleteමොරටු යන්න බලන් ඉන්න අයියලා මල්ලිලා යන්න කලින්ම එකක් කරගත්තනම් හරි
ReplyDeleteකැම්පස් වල කෙල්ලොන්ගෙන් බහුතරයකගේ චරිතේනම් ගන්න දෙයක් නැ බන්..
ReplyDelete