පහත කවි පෙළ අමරදේවයන්ගේ 'පිලේ පැදුර හේනට අරගෙන යනවා' ගීතයේ තාලය සිහි කරගෙන කියවන මෙන් ඉල්ලා සිටිමි.
මැච් එක බලා බත් එක මට මිස් වෙනවා
කැන්ටිම වසා කන්නට තැන් නැති වෙනවා
පාරේ කඩත් වහලා දැන් නිදියනවා
රෑට කන්න මොකවත් මට නැති වෙනවා
බඩගින්දර ඉවසන්නට බැරි වෙනවා
හිතේ ගින්න ඊටත් දැන් වැඩි වෙනවා
දවල් කාපු බත් එක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියැවෙනවා
හෙට උදේට ලෙක්චර් එක සිහි වෙනවා
බඩගින්දර තව එතකොට වැඩි වෙනවා
නොකා නොබී නින්දට යන්නට වෙනවා
හිතේ දුකට එතකොට කවි කියැවෙනවා
...................................................................................................................................................................
ප.ලි. රෑ කෑම අහිමි වීමේ දරුණු ශෝකයෙන් ලියන ලද්දක් බව සලකන්න.
හයියෝ කෑවා කෑවා.. කොහේදෝ තිබ්බ බඩගින්නක් ආව පින්තුරේ දැකලා
ReplyDeleteඑළකිරි. දැන් ඉතින් මම බඩගින්නේ හිටියා වගේ ඉන්න.:D
Deleteකවි ටිකනම් සුපිරි.ඒත් මල්ලි කැම්පස් එක ඉස්සරහ පොඩි ලොරියක් ඇවිත් ශෝට් ඊට්ස් විකුනනවානෙ රෑ 11 විතර වෙනකල්.දැන් ඒක නැද්ද??
ReplyDeleteපින්තූරෙ තියෙන බත් එකනම් රස පාටයි ඒක දිහා බලාගෙන උදේට කන්නට්යි යන්නෙ දැන්.
තව එකක්//පැලේ පැදුර හේනට අරගෙන යනවා'// නෙවෙයි පිලේ පැදුර හේනට අරගෙන යනවා.
ඒක නම් තාම එනවා අක්කා. ඒත් ඉතින් අපි ඉන්නේ පිටිපස්සේ හොස්ටල් වලනේ. ආයෙත් මහ රෑ ඉස්සරහට යන්න කම්මැලි හිතුනා.:)
Deleteතැන්කූ අක්කේ නිවැරදි කලාට. මට මෙච්චර කල් ඇහුනේ අර විදියට.:) ඔන්න මම හැදුවා ඒක.
තේමාව මොක වෙතත්, කවි ටික නම් පංකාදුයි... බොලා වගේ මැච් පිස්සන්ට බඩගින්නේ නිදයන එක සුළූ දෙයක් නොවැ... ඒක නෙවෙයි, බංගලි කොල්ලෝ ටික පව් නේද බං !!!
ReplyDeleteබඩගින්නේ නිදා ගන්න වැඩියෙන්ම අවුල් හිතට අයියේ.:) බංගලි කොල්ලෝ ගැන නම් කියලා වැඩක් නෑ අයියේ. සිරාවටම පව්.
Deleteඅයියෝ...:(
ReplyDeleteපවු හලේ.....
පව් නේන්නං....:(
Deleteඒක නම් සාගිනි කවියක්. මේ කවි වලින් ලියලා තියෙන බ්ලොග් පෝස්ට් දැක්කම මට දැනෙන්නෙ අර ඉංග්‍රීසි බ්ලොග් වලට සමහරුන්ගෙ තියෙන බය සැක වගෙ එකක්. මම අර කලිනුත් කිව්වා වගෙ මේවට පද්‍යයෙන්ම නැතුව ගද්‍යයෙන් කමෙන්ට් කලාම අර රබර් සෙරෙප්පු දාගෙනමගුල් ගෙදර ගියා වාගෙ වෙයිද කියලා හිතෙනවා.
ReplyDeleteකවිය ෂෝයි, ආ
henryblogwalker the Dude
පිස්සුද අයියේ, මම නම් ඔය කවි පෝස්ට් වලට අමුවෙන්ම තමයි උත්තර දෙන්නේ.:) ඇයි දෙයියනේ අපි කවියක් ගැට ගහගන්නේ පුදුම ගේමක් දීලා, එහෙම එකේ අනිත් අයගේ ඒවටත් කවි වලින් උත්තර දෙන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.:P
Deleteවෙලාව එක හමාරයි, මේක දැකල ගෙදරින් ගෙනාපු බත් එක කන්න එපාවෙයිද මංද....
ReplyDeleteඔය ඉතින් මටත් එක්ක කන්න වෙන වැඩක් අයිය සෙට් කරන්න හදන්නේ.:D
Deleteහ්ම්ම් බත් එකට හොඳට මාළු දාල තියන බව පේනවා . නොකා නොබී මැච් බලනව වගේ .
ReplyDeleteකවි ටිකත් ලස්සනයි .
මැච් එක මුල ඉඳලම මාර හොට් අක්කෝ, ඒකයි කන්න යන්න වුනේ නැත්තේ.:)
Deleteනොකා නොබෝ මැච් බලන්නේ අපි සෙල්ලම් කරනවද බං.. අපරාදෙනේ...
ReplyDeleteඒ වුනාට පට්ට මැච් එක අයියේ. බලන්න වටිනවා.
Deleteහොඳ වැඩේ බොට...
ReplyDeleteඔන්න ඉතින් අපේ අයියල! කිව්වොත් ඔහොම හිත බිඳෙන වචනයක් තමයි.
Deleteමගේ බඩගින්න ඇවිස්සුව
ReplyDeleteමේ පොටෝව දැම්මා
මේ කසුන් මලයාට නම්
අදත් බඩගින්නේ ඉන්නන වෙන්න .....:P
අයියෝ මොන හිතකින්ද අක්කේ එහෙම කිව්වේ??? :'( මම පව් නේ.
Deleteවෙලාවට කාලා බීලා ඉවරවෙලා බැලුවේ නැත්නම් මේ ෆොටෝව දැක්කනම් හතරගාතේ දාලා වැටෙන්නේ බඩගිනි හැදිලා
ReplyDeleteවෙලාවට නැත්තන් මටත් හොඳවයින් අහගන්න තිබුනා.:D
Deleteගීතයේ තාලය සිහි කරගෙන කියවන මෙන් ඉල්ලා සිටිමි. මේ ටික කියෙව්වම හිනා යනවා බං... කවි කියවන්න හිතෙන්නේ නෑනේ...
ReplyDeleteමරු මචං ... එල...
ඔහොම නෝන්ඩියට හිනා වෙන එක හරිද නවකයන්ට? :'(
Deleteඅර උඩ කෑම දැක්කම කටට කෙලත් ඉනුවා !!!
ReplyDeleteෆයිඩ් රයිස් කන්න නම් ආසයි. ඒත් කොයි ??
කවි ටික නම් සුපිරි යෑ. කෑම නැති උන එක ගැන දුකත් හිතෙනවා.
ඇයි බං දැන් ජොබ් කරන මිනිස්සුනේ. තුන් වේලටම ෆ්‍රයිඩ් රයිස් කන්න බැරියෑ.:D
Deleteබඩගින්න වැඩිවෙන කවියක්නෙ..පින්තූරෙත් පංකාදුයි!!!
ReplyDeleteබඩගින්න වැඩි වෙන එක තමයි හොඳ. මාත් බඩගින්නේ හිටියනේ.:D
Deleteඅයියෝ මෙයාටත් වෙන වැඩ :D
ReplyDeleteඉතින් හිනා වෙලා හරියනවද එතකොට? නියම නංගිලා!
Deletehinaa wune natho .me mama andana gaman :P
Deleteඅයියෝ අයියේ.. බඩගින්නේ මෙලෝ සිහියක් නැතුව මැච් බලනවට හොඳ පාඩම
ReplyDeleteදුක නැද්ද අලේ ඔහොම කියන්න නගෝ? නංගිලා ඔක්කොම එකයි.:(
Deleteඅනේ මචං මොන ලොඩ්ඩ කරත් චණ්ඩි බණ්ඩි පුරවන් ඉඳපන් කියල තමයි....අපේ හිච්චි ආච්චි කියල තියෙන්නෙ...
ReplyDeleteඒක නම් ඇත්ත තමයි බං. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ආතල් එකේ ඉන්න වෙලාවට ඕක මතක් වෙන්නෙම නෑ නේ.
Deleteකෑම වගේද මචෝ මැච් එක.......
ReplyDeleteකන්ඩනං කවද බැරිද.
කවි සෙට් එක සුපිරියි ඈ.......
ඒකනේ මචන්, දාපන් පහක්.:)
Deleteඅපි දන්නේ නෑ ඔන්න ගැස්ට්‍රික් වැඩි වුණොත්.... බඩගින්නෙ හිටිය වගේයැ...
ReplyDeleteආහ් දැන්ද මේ පැත්ත මතක් වුනේ? නියම කෙනා හැබැයි මට වෙලාවට කන්න කියලා කියන්නේ.:P
ReplyDeleteඉතින් අයියේ 23 දාපු පොස්ට් එකට 26 කමෙන්ට් කළාම ඔහොම කියන්න හොඳද :((
Deleteලස්සන කෑම පිඟාන. දැක්කාම බඩගිනිවෙනවා.
ReplyDeleteකවි ටිකත් ලස්සනයි. :)))
අයියෝ බඩ ගින්න වගේද බන් ක්‍රිකට්
ReplyDeleteසිරා බොල.. අදනේ මේක සෙට් වුනේ.. හැම දාම එමි... ෆලෝවක් දෙමි..
ReplyDeleteසුපිරියි සහෝ.........
ReplyDeleteසිරා කවි ටික
A/L කාලෙ මතක් වුනා
ඒ කාලෙ
බඩගින්නට මගෙ ඇස් දෙක පියවෙනවා
හීනෙන් කෑම මැවිලා කෙල ගිල්ලෙනවා