කවියෙක් නොවෙයි මම
සොඳුරු පද වැල් ගොතන්නට
ඒත් ආසයි
ඔබ ගැන කවියක් ලියන්නට
තෙරපෙන හැඟුම් සිත තුල
කවියෙක් කරයි මා සිත
මටත් ආසයි
ඔබ ගැන කවියක් ලියන්නට
පන්හිඳ නිසලයි තවම
අසරණයි මගේ කවි සිත
ඔබ ගැන ලියන්නට
වචන මදි මට හොඳටම
නිදි වරා රෑ තුන්යම
වෙහෙසිලා හිත හොඳටම
ඒත් තාමත්
මට ලියනු බැරි කවිය ඔබ
පද ගලපගනු බැරි
අසරණ වූ කවියා මම
මට ලියා ගනු බැරි
සොඳුරුතම වූ කවිය ඔබ
ඈ නොදකින
ReplyDeleteඈවෙනුවෙන්
ලියුනු සොඳුරු
කවි පෙලක්,
මීට වැඩය
වටිනවාද
ඈ හට වෙන
තිලිණයක්....
සිතේ ඇති පෙම
ReplyDeleteඑකට කැටි කොට
පිටකරපන් නුඹ
වාතලයට,
ප්‍රාර්ථනාවක් ලෙසට
..........
පද ගලපනු බැරි
සිතුවිලි,
එසිතට
දැනෙන්නට
.......
කවියෙක් නෙවෙයි කිව්වට හොඳ කවියෙක් වගේ........:)
ReplyDeleteලස්සන කටි ටික
ReplyDeleteහරිම ලස්සනයි අනේ . හොඳට කවි ලියන්න පුලුවන්නේ ඔයාට.
ReplyDeleteගොතා ගන්නට බැරි වුනත් අද
ReplyDeleteලියූ මේ කව වටී මාහට
නුඹේ හදවත මෙමා වේනම්
එපා කවි කම් එපා මට නම්... :D
කවි ලියන්න බැරි අයත් ඉබේම කවියො වෙන්නෙ ඔහොම වෙලාවට තමා මල්ලි..:))
ReplyDeleteහුඟ දවසකින් මේ පැත්තෙ ගොඩ වැදුනෙ.. කසුනා කවියෙක් වෙලානෙ
ReplyDeleteකියා ගන්න බැරි තරම ට....අන්ත අසරනය් මා සිත නුඹට බැඳී පෙමින් ....තුරු තුරු තුරු තුරූ...
ReplyDeleteකවි පද ටික හරිම අගෙයි.
ReplyDeleteමේකනෙ කේස් එක. කසුන්ලා කවියෙන් පෝස්ට් ලියනකොට අපි වගෙ කමෙන්ට් එකක් දාගන්න කවියක් හදාගන්න බැරි වුන්ට හිතෙන්නෙ ෂෙහ්, නිකම්ම ලිව්වොත් සෙරෙප්පු දාගෙන මගුල් ගෙදර ගියා වගෙ තියෙයිද කියලා.
ReplyDeleteහොඳ නිර්මාණයක්. *****
henryblogwalker the Dude
ගොතා ගන්නට බැහැ මට මේ කව
ReplyDeleteනුඹ වෙනුවෙන් ලියන්නට හැදුව
ඇරඹුම පමණයි කවියේ පේලි වල
උපමා නැතුව නුඹ ගැන ලියන්නට..
කවි ටිකනම් නියමයි කසුනෝ.. දැන් උඹට මේ කවුරු ගැනද ලියා ගන්න බැරුව ඉන්නේ??
බෑ කිය කිය ලියල තියෙන්නේ ,,...
ReplyDeleteබෑ බෑ කියාගෙන 5කුත් ලියල... ඒ මොනාද එතකොට????
ReplyDeleteහරිම ලස්සනයි අයියා කවිය.. දැන් කියමුකෝ බලන්න කවුරු ගැනද මේ කියන්නේ කියලා..
ReplyDelete