පිසගෙන හමන මා ගත
කොඳුරන්නේ රහසක් මට
හෙමි හෙමින් රහසේම
හමන මුදු මද නල
හිරිගඩු පිපෙන සීතල
පෙළන්නේ මා ගත
එපමණක් නොව සිතද
නිරුවත් උඩුකයට
දරණු බැහැ මේ සීතල
කිලිටි වූ කමිසයට
මඩිනු හැකිවෙද මේ දරුණු සීතල
ජීවිතේ තනිකම
මා වෙලාගත් පාළුව
හමන මේ සැඳෑ මද නල
කියාදෙන්නේ දෝ මට
නැති වෙන්නට මේ සීතල
තුරුළු වෙන්නට උණුසුමට
කෙනෙක් හිටියා නම් මට
මාත් බය නෑ මේ සීතලට
:D :D :D :D :D :P
.................................................................................................................................................................
හවසට ජනේලේ ලඟට වෙලා හීතල හුලං වැදි වැදි ඉන්නකොට හිතට ආපු කවියක් මේ....;) :D
ම්ම එක ද?
ReplyDelete//නැති වෙන්නට මේ සීතල
Deleteතුරුළු වෙන්නට උණුසුමට
කෙනෙක් හිටියා නම් මට
මාත් බය නෑ මේ සීතලට //
හොද බෙඩ් ශීට් එකක් අරගෙන පෙරවගත්තොත් නරකද අයියේ? ;) හික්ස්ස්ස් විහිළුවට කිව්වෙ..
ම්ම්.. සීතලට බය නැතිවෙන්න ඉක්මනට කෙනෙක් හම්බෙන්න කියලා, ම්ම ප්‍රාර්ථනා කරනවා..:)
වෙඩිමක් කියනව.......මෙයා මේ කවියක් පිටින් ඩාල සේප් එකේ කුණුරෙඩි ටික හෝඩගන්න කෙනෙක් හොයන්නෙ
ReplyDelete“කිලිටි වූ කමිසයට
මඩිනු හැකිවෙද මේ දරුණු සීතල“
හික්........
පවු බං උබ. :P :P
ReplyDeleteතනිකම සැපයි :)
ReplyDeleteමාත් කියන්න ගියේ තනිකම සැපයි පාළුව හොදයි කියලා බං
Deleteඇට මිඳුළු කාගෙන
ReplyDeleteදැනෙන මේ හීතල
උහුලන්න බැ තවත්
දිරා යන දිවියට
අනේ ඔබ එනවා නම්
අයෙමත් පෙර සේ
තුරුළු වී ගුලි වෙන්න
සීතලට පිටුපා..
කොහෙද අනේ ඔහොම සීතලක් ඔය පළාතේ . මාත් ඉන්නේ ඔය කිට්ටුවමනේ .
ReplyDeleteමාත් මේ ටිකේ එහෙම එකියක්ව හොයනවා !
ReplyDeleteමේ කවි සෙට් එක මටම කියලා ලිව්වා වගේ. මරු ඈ...
//නැති වෙන්නට මේ සීතල
ReplyDeleteතුරුළු වෙන්නට උණුසුමට
කෙනෙක් හිටියා නම් මට
මාත් බය නෑ මේ සීතලට //
හප්පටසිරි නියම විසඳුම :ඩ්
කවිය ලස්සනයි අය්යේ
සීතල නැතුව යන්න ලැමට තුරුලුවෙන්න කෙනෙක් හොයාගත්තමවත් ඔය කමිසෙ හෝදන්න වෙයි!
ReplyDeletehenryblogwalker the Dude
හොද වෙලාවට උඹ ඉන්න පැත්තට හිම වැටෙන්නේ නැත්තේ.. නැත්තම් හීතල දරා ගන්න බැරුව මැරිලා..
ReplyDeleteඉක්මනටම ඔය අඩුව පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...:)
ReplyDeleteතනිකම වෙලාවකට සැපක්, වෙලාවකට දුකක්..
බලන්නකෝ එකෙත් හැටි.....:)
ඉක්මනට සීතලට තුරුලු කරගන්න කෙනෙක් ලැබේවා...
ReplyDeleteඑහෙම කෙනෙක් තාම නොලැබෙන හේතුවත් මේ කවියෙම තියෙන්නෙ."කිලිටි වූ කමිසයට" කියලා... ඔන්න ඔය කමිසෙ හෝදලා දාලා පිළිවෙලක් වෙමු බලන්න. ඉක්මනට කෙනෙක් හම්බුවෙයි! :)
ReplyDeleteලස්සනයි යාළු........
ReplyDeletehmm hmm.. ikmaninma kenek lbenna kiyalaa patanawaa :)
ReplyDeleteඑහෙනම් ඉතින් ඉක්මනට තුරුලු කරගන්න කෙනෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... :D
ReplyDelete