ඔන්න කැම්පස් පටන් ගන්නවලු. මෙච්චර දවස් බැන බැන හිටියට දැන් නම් යන්න කම්මැලියි වගේ. තව ටිකක් ස්ට්‍රයික් එක තිබුන නම් හොඳයි කියල හිතෙනව. මේ සෙමෙස්ටර් එකේ නම් කොට්ටෙකුත් අරගෙනම තමයි ලෙක්චර්ස් යන්න වෙන්නෙ. ඇයි දෙයියනේ මෙච්චර දවස් ගෙදර ඉඳල කොහොමද ලෙක්චර්ස් වල ගිහින් ඉන්නෙ? අදත් මොකක් හරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම බැරෑරුම් මාතෘකා ගැන නෙ කතා කලේ. මට හිතුන මගේ ජීවිතේ මම මූන දීපු අත්දැකීම් ගැනත් අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන් නම් හොඳයි කියල. අත්දැකීම් කිව්වට ඉතින් චාටර් සිද්ධි තමයි තියෙන්නෙ. අද මේ කොටන්න යන්නෙ මම ට්‍රේනින් කාලෙ වුන සිද්ධියක්.
මම ට්‍රේනින් හිටියෙ විශාල පරිමාණයේ ආයතනයක. ඒකෙ අංශ ගනනාවක්ම තියනව. අපේ බැච් එකේ හතර දෙනෙක්ම ඒකෙ ට්‍රේනින් හිටිය. කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි. මම හිටපු අංශයේ මාත් එක්ක අනිත් හිටියෙ කෙල්ලෙක්. ඒකි තමයි කතා නායිකාව. අපි කියමු එයාට නිශාදි කියල. අපි ඉතින් ලන්ච් ටයිම් එකට හතර දෙනාම සෙට් වෙලා තමයි කෑම කන්නෙ. ඉතින් කනකල් මායි අනිත් කොල්ලයි කරන්නෙ අරුන් දෙන්නව බයිට් කරන එක. උන් දෙන්නත් කිසි අවුලක් නෑ. උන් දෙන්නගෙත් හොඳ කටවල් දෙක, උන් දෙන්නත් අතාරින්නෙ නෑ. කොහොම හරි අපි මාරම ෆන් එකේ හිටියෙ. ඒ මගේ සෙක්ශන් එකේ හිටපු කෙල්ල එක්ක ඊට කලින් මම වචන දහයකට වැඩිය කතා කරල නෑ මම හිතන්නෙ. ආපු දවස්වල කාගෙත් නම් ගම් විස්තර අහගන්නවනෙ සින්නො ඇහුවම කියන්න. එහෙම කතා කලාට පස්සෙම මම කතා කරල නෑ ඒ කෙල්ල එක්ක. ඒ වුනාට ට්‍රේනින් ගියාට පස්සෙ ඒකටත් එක්ක හරියන්නම කතා කලා. ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට (වැඩියම තිබුනෙ එහෙම වෙලාවල් තමයි.) අපි දෙන්නගෙ වැඩේ මොකක් හරි බයිලයක් කියව කියව හිනා වෙන එක. (පසු කාලීනව 'ටක් ටුක් ටික්', 'කොටු කැපීම' වගේ ළමා ක්‍රීඩාත් ඒකට එකතු වුනා.) ඒ සෙක්ශන් එකේ තුන්වෙනියට ඉන්න සර් ඉන්නෙ අපේ ලඟම අපේ පැත්ත බලාගෙන. පස්සෙ ඒ මනුස්සයවත් ගානක් නැතුව ගියා. ඒ කෙල්ල අනිත් කෙල්ලො වගේ පොඩ්ඩ ඇත්තන් බුම්මගන්නෙ නෑ. විහිලු හොඳට තේරෙනව. ඒක නිසා මාත් කටට එන ඕන දෙයක් කියන්න පුරුදු වෙලා හිටියෙ.
මම ට්‍රේනින් හිටියෙ විශාල පරිමාණයේ ආයතනයක. ඒකෙ අංශ ගනනාවක්ම තියනව. අපේ බැච් එකේ හතර දෙනෙක්ම ඒකෙ ට්‍රේනින් හිටිය. කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි. මම හිටපු අංශයේ මාත් එක්ක අනිත් හිටියෙ කෙල්ලෙක්. ඒකි තමයි කතා නායිකාව. අපි කියමු එයාට නිශාදි කියල. අපි ඉතින් ලන්ච් ටයිම් එකට හතර දෙනාම සෙට් වෙලා තමයි කෑම කන්නෙ. ඉතින් කනකල් මායි අනිත් කොල්ලයි කරන්නෙ අරුන් දෙන්නව බයිට් කරන එක. උන් දෙන්නත් කිසි අවුලක් නෑ. උන් දෙන්නගෙත් හොඳ කටවල් දෙක, උන් දෙන්නත් අතාරින්නෙ නෑ. කොහොම හරි අපි මාරම ෆන් එකේ හිටියෙ. ඒ මගේ සෙක්ශන් එකේ හිටපු කෙල්ල එක්ක ඊට කලින් මම වචන දහයකට වැඩිය කතා කරල නෑ මම හිතන්නෙ. ආපු දවස්වල කාගෙත් නම් ගම් විස්තර අහගන්නවනෙ සින්නො ඇහුවම කියන්න. එහෙම කතා කලාට පස්සෙම මම කතා කරල නෑ ඒ කෙල්ල එක්ක. ඒ වුනාට ට්‍රේනින් ගියාට පස්සෙ ඒකටත් එක්ක හරියන්නම කතා කලා. ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට (වැඩියම තිබුනෙ එහෙම වෙලාවල් තමයි.) අපි දෙන්නගෙ වැඩේ මොකක් හරි බයිලයක් කියව කියව හිනා වෙන එක. (පසු කාලීනව 'ටක් ටුක් ටික්', 'කොටු කැපීම' වගේ ළමා ක්‍රීඩාත් ඒකට එකතු වුනා.) ඒ සෙක්ශන් එකේ තුන්වෙනියට ඉන්න සර් ඉන්නෙ අපේ ලඟම අපේ පැත්ත බලාගෙන. පස්සෙ ඒ මනුස්සයවත් ගානක් නැතුව ගියා. ඒ කෙල්ල අනිත් කෙල්ලො වගේ පොඩ්ඩ ඇත්තන් බුම්මගන්නෙ නෑ. විහිලු හොඳට තේරෙනව. ඒක නිසා මාත් කටට එන ඕන දෙයක් කියන්න පුරුදු වෙලා හිටියෙ.
හරි දැන් සිද්ධියට එමුකො. ඒකෙ හිටීගමන් එක එක දේශන තියනව. එක එක මාතෘකා ගැන. ටෙක්නිකල්, මැනේජ්මන්ට්, පොසිටිව් තින්කින් වගේ දේවල්. එක ඔය කියන දවසෙ තිබුනෙ පොසිටිවි තින්කින් ගැන දේශනයක්. අපේ ට්‍රෙනීස්ලට කියල තිබුනෙ ඕන දේශනයකට කැමති නම් යන්න කියල. ඉතින් එදා එකටත් අපි හැමෝම ගියා. එදා දේශනේ ගොඩක් ඉන්ටරෙස්ටින්. ඒක කරපු සර්නුත් ගොඩක් ආස හිතෙන විදියට කියල දුන්න. මම එතන තිබුන දේශන වලින් නිදා ගන්නෙ නැතුව ඔක්කොම අහගෙන හිටපු එකම දේශනේ ඒක. ඔහොම යනකොට ටික වෙලාවකින් මෙන්න මේ පහලින් තියන ෆොටෝ එක තියන ස්ලයිඩ් එකක් දැම්ම.
(ගූගල් ඉමේජ් වලට පින්සිද්ද වෙන්න 'cat in front of mirror' කියල ගහපු ගමන් මේක හොයා ගන්න පුලුවන් වුනා.)
දාල කිව්ව "අපි ඇත්තටම කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ, අපි ගැන අපි හිතාගෙන ඉන්න විදියයි වැදගත් වෙන්නෙ" කියල. ඒ කියන්නෙ සරළව කිව්වොත්, අපි අපේ ගැන ඉහලින් හිතන ඉන්න තරමට අපිට වැඩි වැඩියෙන් ඉහලට යන්න පුලුවන් කියන එකනෙ. මම අර කෙල්ලට ඔයිට කලින් විහිලු කර කර හිටියෙ ඒකි තමන්ගෙ ගැන හෙන ලොකුවෙන් හිතාගෙන ඉන්නෙ කියල. ඔන්න ඉතින් ඒ වෙලාවෙ මගේ කට කහන්න ගත්ත. අපේ සෙට් එකේ මම හිටියෙ කොනේම. මගේ ගාව අනිත් කොල්ල, ඊලඟට මගේ සෙක්ශන් එකේ කෙල්ල, ඊටත් එහා අනිත් කෙල්ල. මම ඉතින් ඉස්සරහට නැමිල අරකි දිහා බැලුව. ඒකිත් මම කියපුව මතක් වෙලාද කොහෙද මගේ පැත්ත බලාගෙන හිටියෙ. මම කිව්ව, "ඔන්න, උඹ වගේ ඩයල් එකක්. උඹත් ඔය වගේ හෙන ලොකුවෙන් නෙ හිතාගෙන ඉන්නෙ" කියල. ඒකි මට ඔරවල ඉස්සරහ බලාගත්ත. ඔහොම ඉඳල ඊට පස්සෙ දවසෙ කන වෙලාවෙ මම ආයෙත් ඔය කතාව ඇදල ගත්ත. ඒ වෙලාවෙ නම් ඒකි හොඳටම බයිට් වුනා. එදා හවස හොඳටම වැඩ සෙට් වුනා. ඔලුව උස්සගන්න බැරි තරමට වැඩ වැටුන. වැඩ කර කර ඉන්න ගමන් ඒකි එක පාරට කිව්ව මට දෙයක් කියන්න තියනව කියල. ඊට පස්සෙ එක්කො ඕන නෑ කියල නිකන් හිටිය. වැඩ හිර වෙලා තිබුන නිසා මමත් ආයෙ අහන්න ගියේ නෑ. ඊට පස්සෙ දවසෙ එච්චර වැඩ තිබුනෙ නෑ. දැන් මේකි ටිකක් අවුල් වගේ. මාත් එක්ක වැඩිය කතා කරන්නෙත් නෑ, හිනා වෙන්නෙත් නෑ. මට අවුලක් තියනව කියල මීටර් වුනා, ඒත් මම අහන්න ගියේ නෑ. හවස ආයෙත් මේකි කිව්ව "මට ඔයාට දෙයක් කියන්න තියනව" කියල. මම කිව්ව කියන්න කියල. ඊට පස්සෙ ආයෙත් නොකිය ඉන්න හැදුව. මම කිව්ව " නෑ නෑ කියන්න ගිය දේ කියන්න" කියල.
"මම ඔයා හිතාගෙන ඉන්න විදියෙ කෙනෙක් නෙමෙයි කසුන්."
මට දැන් විකාරයි මොනවද මෙයා කියන්නෙ කියල.
"මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතාගෙන හිටියෙ නෑ." එහෙම කියනකොටම මේකිට ඇඬුන. මට එතකොට තමයි සීන් එක මීටර් වුනේ. මම දැන් කරකවල ඇතෑරිය වගේ.
"මම මගේ තරම හොඳට දන්නව. මම ඊට වැඩියෙන් මගේ ගැන හිතගෙන ඉන්නෙ නෑ. මට එහෙම ඕනත් නෑ."
දැන් මේකි කියව කියව අඬනව. මට කරගන්න දෙයක් හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නව. මහ පාරක වගේ වුනානම් වාහනයකටවත් පනින්න තිබුන. දැන් මට හොඳටම අප්සට්. ඊටත් වැඩිය අනිත් අයට ඇහුනොත් අපි දෙන්නටම හරි නෑ නෙ. කම්පියුටර් ඇසිස්ටන්ට් අක්ක ඉන්නෙත් අපි ඉන්න තැනට චුට්ටක් එහායින්. ඒ අක්කට මේකි අඬන සද්දෙ ඇහිල. එයා ඉන්නෙ අපිට පිටුපාල. දැන් එයාත් හැරි හැරී බලනව. මේකි තවත් ලේන්සුවෙන් මූන වහගෙන අඬනව. ඔයිට වැඩිය හොඳයි පැත්තකට එක්කගෙන ගිහින් මට ගැහුව නම්.
මම කිව්ව "අයියෝ, මම ඒක විහිලුවට කිව්වෙ. හරි හරි දැන් ඒක ඉවරයි" කියල. වැඩිය මොනවත් කියන්න ගියේ නෑ, අඬන වෙලාවට හිත හදන්න ගියාම තවත් ඇඬෙනව නෙ, ඒක නිසා. කොහොමහරි ශේප් එකේ ඇඬිල්ල නැවතුනා. අම්මෝ එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. අර අක්කට විතරයි වැඩේ මාට්ටු. අර අපි දෙන්න ලඟම ඉන්න සර් වෙලාවට ඒ වෙලාවෙ හිටියෙ නෑ. ඒ මනුස්සය ඒ වෙලාවෙ හිටිය නම් මම ආයෙත් එතන ට්‍රේනින් යන්නෙ නෑ.
මම කිව්ව "අයියෝ, මම ඒක විහිලුවට කිව්වෙ. හරි හරි දැන් ඒක ඉවරයි" කියල. වැඩිය මොනවත් කියන්න ගියේ නෑ, අඬන වෙලාවට හිත හදන්න ගියාම තවත් ඇඬෙනව නෙ, ඒක නිසා. කොහොමහරි ශේප් එකේ ඇඬිල්ල නැවතුනා. අම්මෝ එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. අර අක්කට විතරයි වැඩේ මාට්ටු. අර අපි දෙන්න ලඟම ඉන්න සර් වෙලාවට ඒ වෙලාවෙ හිටියෙ නෑ. ඒ මනුස්සය ඒ වෙලාවෙ හිටිය නම් මම ආයෙත් එතන ට්‍රේනින් යන්නෙ නෑ.
කොහොමහරි මට වුන දේ ගැන ගොඩක් දුක හිතුන. කවදාවත් විහිලු කලාට තරහ යන්නෙවත් නැති කෙල්ලට ඇඬුන කියන්නෙ ගොඩක්ම හිත රිදිල වෙන්න ඕන නෙ. ඒකයි මට ගොඩක්ම අප්සට්. ප්‍රයිමරියෙන් අයින් වුනාට පස්සෙ මම විහිලු කරල කෙල්ලෙක් ඇඬුවමද කොහෙද. මම සාමන්‍යයෙන් කවුරුහරි අප්සට් වේගෙන වගේ එනව නම් ටක් ගාල විහිලු කරන එක නවත්තනව. ඒත් මෙයා එහෙම අවුල් යන්නෙ නැති නිසා මෙයට මම ඕන තරම් විහිලු කරනව. මට හිතාගන්න බැරි ඇයි මේ කතාවට විතරක් එච්චර අවුල් ගියේ කියල.
අපි දෙන්නම එකම මේසෙ දෙපැත්තෙ මූනට මූන බලාගෙන ඉන්නෙ. කොහොමහරි ඊට පස්සෙ දවස් ගානක් යනකල් මම ඒකි දිහා ඔලුව උස්සල බැලුවෙවත් නෑ. බලන්න පුලුවන් කමක් තිබුනෙ නෑ ඇත්තටම. ඒකිත් ඊට පස්සෙ වැඩිය කතා නෑ. ඔෆීශියල් වැඩ වලට විතරයි ඊට පස්සෙ කතා කලේ. කන්න ගියාම උනත් අනිත් කෙල්ලට විහිලු කලොත් මිසක් මේකි ගැන වචනයක් වත් කිව්වෙ නෑ. ඒ දවස් ටිකේ ඔෆිස් එකේ ඉන්න එක නම් මාරම බෝරින් වෙලා තිබුනෙ. හැබැයි ඉතින් වැඩි දවසක් ඔහොම හිටියෙ නෑ. අපි දෙන්නටම කට පියාගෙන ඉන්න හරි අමාරුයි. ආයෙත් ටික ටික කතා කරන්න ගත්ත. ඊට පස්සෙ දවස් දෙක තුනකින් සාමාන්‍ය තත්ත්වෙට ආව. ඊට පස්සෙ මම ඇහුව "එච්චර සීරියස් ගන්න තරම් මොකක්ද වුනේ? මම විහිලුවක්නෙ කලේ" කියල. ඒකි කියනව "ඔයා විහිලුවට නෙමෙයි ඒක නම් ඇත්තටමයි කිව්වෙ" කියල. මම කිව්ව එහෙම එකක් නෑ ඒක විහිලුවක් විතරයි කියල. ඒකි කියනව "ඔයා මට ඕන තරම් විහිලු කරල තියනව, ඒ කිසි දෙයක් මට ප්‍රශ්නයක් නෑ. ඒත් මේක නම් මට හිතෙන්නෙම ඔයා ඇත්තටම කිව්ව කියල. මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ගොඩක් දුක හිතුන" කියල. කොහොමහරි එහෙම දෙයක් නෑ කියල දහ අතේ දිවුරල යන්තන් ශේප් කරගත්ත. පස්සෙ ඒකි ආයෙත් කිව්ව, "වෙනද නම් ඔයා විහිලු කරනකොට හිනා වෙවී නෙ කරන්නෙ, ඒත් එදා නම් මුනේ පොඩ්ඩක්වත් හිනාවක් තිබුනෙ නෑ, මහ සීරියස් මූඩ් එකක් තිබුනෙ. ඒකයි මම හිතුවෙ ඔයා ඇත්තටම කිව්වෙ කියල". හලේ මම ඇත්තටම එහෙම දෙයක් නම් හිතල කලේ නෑ. මම වෙනද වගේම ඉතින් ජෝක් එකටම තමයි කිව්වෙ. කොහොමහරි ඉතින් ඒ වැඩේ ශේප් වුනා.
ඊට පස්සෙ වැරදිලාවත් ඒ විහිලුව නම් ආයෙත් කලේ නෑ. හැබැයි පස්සෙ ඔය අඬපු සීන් එක මතක් කරලත් බයිට් කරන්න ගත්ත. අනිත් දෙන්නට නම් ඒ කතාව කිව්වෙ නෑ. ඒක මගේ පාවිච්චියට විතරක් තියා ගත්ත. ඊලඟට සමහර වෙලාවට මම මොකක් හරි චාටර් කතාවක් කියල එහෙමම අනිත් පැත්තට ගොන් හිනාවක් දාල කියනව "ඔන්න හිනා වෙවී කිව්වෙ, සීරියස් ගන්න බෑ" කියල. මම කියල තිබුනෙ ඇත්තට කියන්න දෙයක් තියනව නම් කියන්නම්, විහිලු සීරියස් ගන්න බෑ කියල. කොහොම වුනත් වෙනදට වඩා පරෙස්සමින් තමයි ඊට පස්සෙ විහිලු කලේ. ඊට පස්සෙ ඒ වගේ ප්‍රශ්න වුනේ නෑ. දෙන්න රන්ඩු වෙලා මල පැනල හිටපු වෙලාවල් නම් තිබුන.
අපේ ජිව්තේ පැත්තක් එනවා අපිට අපි ගැනම ඇත්ත කියන්න හොගක් කට්ට්යට එක ඇත්තටම මතක් වෙන්නේ තමුන්ගේ මරණයට ලගා වුනාම මේකනේ මනුස්ස ස්වබාවය
ReplyDeleteකොච්චර විහිලු කරත්,ෆිට් උනත් සමහර වෙලාවට, සමහර විහිලු තදින්ම දැනෙනවා. ඒ වෙලාවට උඩු හිත ඒක විහිලුවක් කිව්වත් යටි හිත නෑමයි කියන්නේ. එතකොට ඇඩෙනවා තමයි...විශේෂයෙන් හොදම යාලුවෙක් ඒ වගේ විහිලුවක් කරාම..ඒකයි ඔයාගේ යාලුවා අඩන්න ඇත්තේ..පව් අනේ..
ReplyDeletehttp://harsha814.blogspot.com/2011/07/blog-post_22.html
ReplyDeleteඔහොම දේවල් වෙනව සමහර වෙලාවට.අපි නොහිතා නිකන් කියන විහිලු ,වචන පවා සමහර අයට තදින් "ලොකුවට බරට" දැනෙනව.යාලුවෝ ඔහොම දේවල් කිව්වම ගොඩක් හිතට දැනෙනවද මන්ද ඒකනේ අර යාලුව අඩන්න ඇත්තේ.
ReplyDeleteඕකනේ කියන්නේ ඉතින් හැම තිස්සෙම විහිළු කරන්න එපා කියලා..:D
ReplyDeleteඔහොම දේවල් නම් අනන්ත අප්‍රමාණ වෙනවා අපි කිසිම සීරියස් හිතන්නේ නැතිව කියනව ඒවා අනිත් කට්ටිය සිරාවට ගන්නවනේ. නදී අක්ක කිව්වා වගේ යාලුවෝ ඔහොම දේවල් කිව්වම ගොඩක් හිතට දැනේනවා
අපේ බැච් එකෙත් හිටිය ගෑල්ලමෙක් වැඩිය හිනා නෑ.. කතා නෑ.. හොඳට අඳින පලඳින නිසාත්, බ්‍රයිට් කේස් එකක් නිසාත් අපේ සේරම හිතුවෙ හරි ඔලුව කියල..ඒත් 3 වෙනි අවුරුද්දෙ තමයි අපි දැන ගත්තෙ මේ ලමයට ගෙදර තියෙන ප්‍රශ්න සහ තියෙන කරදර ගොඩ..එතකොට අපිටයි ඇඬුනෙ..
ReplyDelete@වේලාව ලගයි
ReplyDeleteදැන් සහෝ කියන්නෙ මට මැරෙන්න වෙලාව ලඟයි කියලද?
@අසනි
ඔව් ඒ දවස් ටිකේ අපි ගොඩක්ම ෆිට් වුනා. ඒක නිසා තමයි ඒක එච්චර සීරියස් ගන්න ඇත්තෙ. කලින් මම ඔහොම දෙයක් කිව්ව නම් පොඩ්ඩක්වත් ගනන් ගන්න එකක් නෑ.
@Harsha
ඔබතුමා මගේ පෝස්ට් එක එහෙමම දාගෙන මොකක්ද කරන්න හදන්නෙ? දැන් ඔබතුමා කියන්න හදන්නෙ මේක ඔබතුමාගෙ පෝස්ට් එකක් කියලද? එහෙම නම් කියන්නකො මම එතකොට උත්තරයක් දෙන්නම්.
@නදී
එයා කිව්වෙ මම ඒ විහිලු කරන වෙලාවෙ මගේ තිබුනෙ සීරියස් ලුක් එකක් කියල. විහිලුවක් කියල හිතුනෙම නැතිලු. ඒකලු මම ඒක ඇත්තටම කිව්ව කියල එයා හිතුල තියෙන්නෙ. මගේ තුන් හිතක වත් එහෙම දෙයක් නම් තිබුනෙ නෑ.
@ChammA
නෑ සහෝ ඉතින් අනිත් වෙලාවට කිසි අවුලක් නැති නිසා ඉතින් කටට එන එක කියනව. ඊට පස්සෙ නම් එහෙම නෑ. දෙපාරක් හිතල තමයි කිව්වෙ.
@Weni
ඔව් සහෝ, අපි ගොඩක් වෙලාවට කතා බහ කරන්නෙ නැති වුනාම එහෙමනෙ හිතන්නෙ. ඇත්තටම මාත් මේ කෙල්ල ගැන හිතාගෙන හිටියෙ එහෙමයි.
අපේ ජිව්තේ පැත්තක් එනවා අපිට අපි ගැනම ඇත්ත කියන්න හොගක් කට්ට්යට එක ඇත්තටම මතක් වෙන්නේ තමුන්ගේ මරණයට ලගා වුනාම මේකනේ මනුස්ස ස්වබාවය
ReplyDeletemu mokada ban mee kiyanne?
දැන් blog post වලටත් copy rights දාන්න වෙලා වගේ නේද?
ReplyDeleteඔය ධනාත්මක චින්තන කාරයොත් වෙලාවකට කියන්නේ මහ ගොන් කතානේ.. තමන් ගැන වැඩියෙන් හිතන් ඉන්න එකෙන් කොහොමද හොඳක් වෙන්නෙ.. ඔය පූසාගෙ උදාහරණෙම ගම්මු. ඌ තමන් සිංහයෙක් කියල හිතන් කොටියෙක්ට පාට් එකක් දාන්න ගියොත් කොහොමට තියෙයි ද...!!!
ReplyDeleteඕනවට වැඩියෙන් කොයිකත් එපා..
ReplyDeleteගෑනු ළමෝ හරි බොළඳායි.. පරිස්සමෙන් ඇසුරු කරනු...
ReplyDelete@mahima
ReplyDeleteඅනේ මන්ද මම ලඟදි මැරෙනව කියලද දන්නෙ නෑ මේ කියන්න හදන්නෙ.
@Apzi
අනේ ඔව් සහෝ. මේ බ්ලොග් කෙරුවාවත් වෙලාවකට එපා වෙනව.
@ගයන්ත
"ඌ තමන් සිංහයෙක් කියල හිතන් කොටියෙක්ට පාට් එකක් දාන්න ගියොත් කොහොමට තියෙයි ද...!!!" :D :P
ඒක නියම කතාව. එහෙම නෙමෙයි බං, මට එච්චර ශක්තියක් නෑ, මට කරන්න කරන්න පුලුවන් මේ දේ විතරයි කියල වගේ තමන් ගැන අඩුවෙන් හිතන්න එපා කියලනෙ ඒ කියන්නෙ. එහෙම හිතුවොත් අනිවාර්යෙන්ම එහෙමම තමයි. හැබැයි මට ඊට වඩා දෙයක් පුලුවන් කියල උත්සහ කලොත් ගොඩක් වෙලාවට අපිට එතනින් උඩට යන්න පුලුවන්.
@චතුර
ඒක නම් ඇත්ත සහෝ. වෙලාවකට කටට බ්‍රේක් නැති වෙනවනෙ.
@විසිතුරු
ඊට පස්සෙ නම් මම ගොඩක් පරෙස්සම් වුනා සහෝ.
අනේ මන්දා කසුනා!!!! උබත් ඉදල ඉදලා කරගන්න වැඩ. හොදටම ෆිට් වෙලා ඉන්න කෙනෙක් එකපාරටම ඔහොම අඬාගෙන ඉන්නකොට නම් ටිකක් අවුල් තමයි.
ReplyDeleteකොහොම උනත් ඒ ගෑනු ළමයා නම් හොද කෙනෙක් වගේ. නැත්නම් අච්චර විහිලු කරලත් ගානක් නැතුව හිටියේ. වෙන කෙනෙක් නම් මෙලහකට තරහත් වෙලා ගොඩක් කල්.
අපි නොහිතා කරන විහිලු වලින් ගොඩක් වෙලාවට සමහර අයගේ හිත රිදෙන්න පුලුවන්. ඒ වෙලාවට උබ කලා වගේ කතා කරලා ඒක විසද ගන්න එක තමයි කරන්න පුලුවන් එකම නුවණට හුරු වැඩේ.
මොකක්ද අර වෙලා තියෙන්නෙ.වෙන බ්ලොග් එකක්?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@මධුරංග
ReplyDeleteඅවුල් කියන්නෙ බං මට පොලොව පලාගෙන යන්න හිතුන. ඇයි ඉතින් හැමදාම හිනාවෙලා ඉන්න කෙල්ල අඬනකොට. ඔව් එයාට විහිලු නම් හොඳට තේරෙනව. ගොඩක් කෙල්ලො වගේ නෙමෙයි.
@නදී
අනේ මන්ද සහෝදරී මෑන් මොකාට එනවද කියල. මගේ පෝස්ට් එක මම දාපු ගමන් එහෙමම දාගෙන. මම කලින් දාල අයින් කරපු පෝස්ට් එක නිසා වෙන්න ඇති ඔය ඒකෙන් වැදිච්ච කට්ටිය මට නෙලන්න සෙට් වෙන්නෙ. වෙලාව මොකක් හරි ජිල් මාට් එකක් දාල වෙනස් කරල තියනව. ඒකෙ වෙලාව තියෙන්නෙ මගේ එකට කලින්. ඒ වුනාට මිනිහ වරද්ද ගත්ත තැන් දෙක තුනක්ම තියනව. කොපි කරන වැඩේ වත් හරියට කරගන්න බෑ මේකට. මම ඇහුව මිනිහ මොකක්ද කියන්නෙ කියල. බලමුකො මිනිහ මොකක්ද කියන්නෙ කියල. මට දවස් දෙකකට විතර ආයෙත් මේ පැත්තෙ එන්නෙ වෙන්නෙ නෑ. මිනිහ මොනව හරි කියල තිබුනොත් මම ඇවිත් පෝස්ට් එකකින්ම උත්තර දෙන්නම්.
සමහර වෙලාවට අපි හිතන් ඉන්න පුද්ගලයා නෙමෙයි සහෝ අපි ඉස්සරහා ඉන්නේ...ඕනම විහිළුවක් හිනාවෙලා බාරගත්තත් පොඩි දෙයක් ඇති ඒ පුද්ගලයන්ට ජීවිතේම එපා වෙන තරමට සිත රිදවා ගන්න....නියම සිද්ධිය මොනවා වුනත්.....
ReplyDeleteහීනා වෙලා හිටියට ගොඩක් අය සංවේදීයි. අපි ළඟින් ඉන්න යාළුවෝ කියලා හීතාගෙන ඉන්න අය කරන දේවල් වැඩියෙන් දැනෙනවා. ඒ අපි එකිනෙකා කෙරෙහි බැඳී ඉන්න නිසා.
ReplyDeleteමේක කියෙව්වහම මට මතක් උනේ මම ළග තියන book mark එහෙක නිසැඳසැක්...
ReplyDelete"හැම තිස්සෙම හැම දෙයක්ම
සැහැල්ලුවට හිතන...
හිනා වෙලා පිස්සු නටන...
පිස්සුම පිස්සු හිත්වලට
ලොකුම ලොකු පාඩුවක් උනත්
එකම එක ලස්සන හිනාවකින් භාරගනිවී...
ඒත්...
සමහර පුංචි දේවල්
දරා ගන්නවත් බැරි වේවි....."
ගෑණු ළමයි සමහර අවස්ථා වල බොළඳ විදියටනෙ අයියෙ හිතන්නෙ..පරිස්සමින්...
කසුන්... අපේ හිතේ එක එක එක්කෙනාට තියන බැදීම වෙනස්.
ReplyDeleteසමහරවිට ඔය විහිලුවම වෙන කෙනෙක් කලානම් එයාට ඒ විහිලුව දරගන්න පුලුවන්වේවි.ඒ යාලුවා ඔයාට ගොඩාක් සමීප ඇති. ඒකයි දුක හිතෙන්න ඇත්තේ.අනිත් කරුන තමයි අපි ඒ අවස්තාවෙ ඉන්න මානසික තත්වය.මානසික තත්වය මතත් දරාගැනීමේ ශක්තිය වෙනස් වෙනවා,
@මකුළුවා
ReplyDeleteඔව් සහෝ, හිනාවෙලා විහිලු කරගෙන ඉන්න කෙනෙක් වුනත් සමහර වෙලාවට එක වචනයක් ඇති සම්පූර්ණයෙන්ම වැටෙන්න. සමහර වෙලාවට කොල්ලො වුනත් එහෙමයි.
@Anithkona
ඔව් අක්ක, ඒ දවස් ටිකේ යාලුවො විදියට ගොඩක් ෆිට් වුන නිසා වෙන්න ඇති ඒක එයාට එච්චර දැනුනෙ.
@හිතුවක්කාරි
අම්මෝ ඔව් නගෝ, ඊට පස්සෙ මම ගොඩක් පරෙස්සම් වුනා. විහිලුවක් කරන්න කලින් දෙතුන් පාරක්ම හිතල තමයි කලේ.
@Gimhani
ඒක ඇත්ත ගිම්හානි. මටත් ඒක නම් හිතුන. මම වුනත් ඔය කතාව ට්‍රේනින් එන්න කලින් කිව්ව නම් එයා පොඩ්ඩක් වත් ගනන් ගන්න එකක් නෑ.
@රජිත්
ඕක කොපි පේස්ට් සීන් එකක් විතරක්ම නෙමෙයි සහෝ. මම හිතන විදියට ඕක වෙන තරහක් පිරිමහ ගන්න කරපු වැඩක්. දැන් නම් ඒ බ්ලොග් එකත් එක්ක අයින් කරල. දැන් ටිකකට කලින් නම් තිබුන, මම ගිහින් බැලුව. ඇත්ත වෙනුවෙන් කතා කලාට ගොඩක්ම ස්තූතියි සහෝ. ඒක මට ලොකු ශක්තියක්.
උඹත් කරගන්න දේවල්... මම නම් කැමතී අතක් උස්සගන්න පන නැතිවුනත් තනියෙන් ගමකට ගහන්න පුළුවන් කියල හිතන් ඉන්න කෙල්ලන්ට...
ReplyDeleteමොකක්ද සහෝදරය මේ කොපි කතන්දරේ?
ReplyDelete@සාතන්
ReplyDeleteඒක නම් වෙන්න ඇති අයියෙ. උඹට තියෙන්නෙ අමුතුම ටේස්ට් එකක් නෙ.
මම මේක දාපු ගමන් එකෙක් මේක එහෙමම දාගෙන. ඊට පස්සෙ ඇවිත් ඒ පෝස්ට් එකේ ලින්ක් එක මගේ එකේ කමෙන්ට් එකක් විදියට දාල ගිහින්. ඔය තාම උඩ තියෙන්නෙ. මොකක් හරි ජිල්මාට් එකක් දාල ඒකෙ වෙලාව මගේ එකට කලින් දාල. හැබැයි මිනිහට පෝස්ට් එකේ තියෙන කසුන් කියන නම වත් වෙනස් කරන්න තරම් මොළයක් තිබිල නෑ. දැන් නම් ඒ බ්ලොග් එකත් අයින් කරල.
මමත් අක්කා කෙනෙක්ට කොල්ලෙක් ගැන කියලා විහිළු කරලා දැන් කෑම කන්න එන්නේ නෑ අවුරුද්දක විතර ඉඳන්....
ReplyDeleteඅම්මෝ මමත් ඔහොම විහිළු කරලා හොඳට මට්ටු වෙලා ඉන්නේ. මට්ටු වෙනවටත් වඩා අනිත් මනුස්සයා අඬන්න ගත්තා නිකම් මටත් ඇඬෙන්න වගේ. ඒක නිසා ඔය වැඩෙන් මමත් හුඟාක් දුරට අයින් වෙලා ඉන්නේ.
ReplyDeleteඒක නෙමෙයි මම හිතුවේ අන්තිමට ඔයාලා දෙන්නා සතුටින් හුඟාක් කල් හිටියා වගේ දෙයක් වුණාවත්දෝ කියලා :))
@Hasitha
ReplyDeleteඔව් ඉතින් අපි දෙන්න සතුටින් තමයි ඉන්නේ....:P
අනෙ මන්ද ඔවනම්
ReplyDelete