twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, September 20, 2011

එපා ආයෙ නම්

කතා කරනකොට හුරතල් වෙවී
ආයෙත් මගෙ දැහැන බිඳේවි
ඒ ලස්සන වචන වලට
මගේ හිත ඇදිල යාවි

ආයෙමත් වතාවක් මම
ලස්සන හීනයක තනි වේවි
හැමදාමත් වගේම ආයෙත්
මට ඔයා නැතුව බැරි වේවි

ඒත්....

ඔයත් දවසක යන්න යාවි
එදාට මම ආයෙත් තනි වේවි
ආයෙත් පාරක් නම් මට
ඒ දුක දරාගන්න බැරි වේවි

මෙතෙක් කල් සිටි ලෙසම
මට ඉන්න හැකි වේවි
මා වෙත ලං වෙන්නෙපා
ඔබත් මට දුකම දේවි

12 comments:

  1. ආලයේ පැහැය තුරු කොට
    ගෙන ආ විට නුබට ඇය
    සායම් මකාලන්න වෑයමේ
    කිමද අද මේ නුබ...

    ReplyDelete
  2. නුඹ එපා මගේ හිතට ලං වෙන්න
    කඳුළු සැලුවා ඇති මගේ හිත ආදරේ නිසාම
    නුඹත් ඇවිත් රිදවා ගියොතින් හිත
    මට දුක වැඩියි ආයෙත් පැරදුන නිසා මම...

    ReplyDelete
  3. ජීවිතය හැමදාම චලනය වෙන්නෙ ලක්ෂ්‍යයන් දෙකක් අතරමයි. ආදරය - විරහව , දුක - සැප..නින්ඳා - ප්‍රශංසා.. වාගේ. ඉතින් එපා කිව්වත් ඒක සදාකාලිකවම එහෙම වේවි !ජීවිතයට අත්දැකීම් ගොඩාක් එක් කරමින්...

    ReplyDelete
  4. මට නම් කවි ලියන්න බෑ. ඒ නිසා මගේ අදහස වචන වලින් කියන්නම්. ගෑනු ළමයා දාලා ගියාම කොහොමහරි ඒ දුක හිතේ තද කරගෙන ඉදලා හිත හදාගන්නවා. පස්සේ දවසක ආයෙමත් ලං වෙලා හදාගත්ත හිත පෑරෙනවා. ඊට පස්සේ එයා යන්නම යනවා.
    එපා වෙනවා මේ වැඩේ. එක්කෝ එක විදිහකට ඉන්න දෙන්නෝන නැත්නම් ආදරේ කරන්නෝන

    ReplyDelete
  5. මට නම් දැන් පට්ටි බයයි බං කෙල්ලෙක් එකක් යාළු වෙන්න.... ඔක්කොම එකාවගේ...

    ReplyDelete
  6. උණුසුම් හාදුවක් දී
    නළලත රැන්දු...
    .ආලය ගියා කලකට පෙර
    මන බැන්දු.......
    උණුසුම ඇත හදේ
    තවමත් ඔබ රැන්දු...
    කදුලැල් එපා නැවතත්
    නිරතුරු රැන්දු..

    ReplyDelete
  7. ආදරේ මට නැත්නම්
    මගේ හීනෙට ඇයි එන්නෙ එහෙනම්
    තේරෙන්නම් කියන්නම්
    පාඩුවේ මට ඉන්න දීපන්,,,

    මගේ නිර්මානයක් නෙවේ
    බුකියෙන් අහුලගත්තේ..

    ජය....

    ReplyDelete
  8. හ්ම්....මේක ගෑණු පිරිමි හැමෝටම පොදු දෙයක්..

    ReplyDelete
  9. ආදරේ ඉතින් ඔය වගේනෙ...ගැහැණු පිරිමි භේදයක් නෑ....වෙන උනාම දුක වගේම ලං උනාම සතුටත් උරුමයි නෙ....

    ReplyDelete
  10. ඔබ ආයෙමත් ඇවිදින්
    හිත හදාගත්තා විතරයි
    ඔබ ආයෙමත් ඇවිදින්....

    අමරසිරි පීරිස් මහත්තයගෙ සිංදුව මතක් වුණා.
    ලස්සනයි සහෝ.....

    ReplyDelete
  11. දුක සැප නිති පෙරලේ....

    කොහොම අපි මේකට මොනවා කිවද විදින කෙනාට තමා එකේ වේදනව.

    කවුරුහරි කියපු එකක් මතක් උනා

    කෙනෙක් දාල ගියාම ඔයා ගැන සතු‍ටු වෙන්න..එයා ගැන දුක් වෙන්න

    සතු‍ටු වෙන්නේ : ඔයාට ආදරේ නොකර කෙනෙක්ගෙන් වුන එක ගැන
    දුක් වෙන්නේ : ඒ තරම් ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්ත එක ගැනම

    ReplyDelete
  12. අයියා කවි ලියලා.. ලස්සනයි.. හැබැයි දුක තම..:(
    ඔය ප්‍රශ්නෙනම් මටත් තියන්වා..:(

    "ඔයත් දවසක යන්න යාවි
    එදාට මම ආයෙත් තනි වේවි
    ආයෙත් පාරක් නම් මට
    ඒ දුක දරාගන්න බැරි වේවි"

    ආදරයක් නැති වුනාට පස්සෙ, හිත හදාගන්න එකනම් ලේසි නෑ....

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.