twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Tuesday, September 20, 2011

චානිකා ( II කොටස)

කලින් පොස්ට් එකෙන් මැට්ට, මෝඩය වගේ ආදරණීය වචන කීපයක්ම අහගත්තා.:) හැබැයි මම නම් හිතුවේ බූරුවා, හරකා වගේ වචනත් අහගන්න වෙයි කියල.:D ඒ අස්සේ මහිමයට හෙන ආතල් එකක් ගිහින් උගේ නම කට්ටිය මට කිව්ව කියල.:P කලින් පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලල එන්න. හරි දැන් කතාවට එමුකෝ. 

දැන් ඔන්න මම අර කලින් කියපු විදියට බොහොම බුද්ධිමත් විදියට, ලස්සනට ලියුම ලියල ඉවර කළා. ලියුම ඒකිට දුන්නේ හවස වෑන් එකේ එනකොට. සෙල්ලම් පොතක නෙමෙයි දාල දුන්නේ. මම O/L වලට අතිරේක විෂයක් විදියට ඉංග්‍රීසි සාහිත්‍ය කළා. (අම්මෝ ෆේල් නොවී බේරුනේ නුලෙන්.) ඒ සිලබස් එකට 'මඩොල් දූව'  පොතේ ඉංග්‍රීසි පරිවර්තනය තිබුනා. මාත් ඉතින් ඒ පොත අරන් තිබුනේ. හැබැයි ගත්තට පිටුවක් වත් කියෙව්වේ නම් නෑ.


කොහොමහරි ඒ පොතේ දාලා තමයි දුන්නේ. ඇඩ් එකකට නෙමෙයි ඔන්න, ඒ පොත අලුත් නිසා ඒකෙ දාල දුන්නේ. දෙනකොට එච්චර අත වෙව්ලුවේ එහෙම නෑ.:) ඉතින් ලියුම දීල බිත්තර තම්බ තම්බ ගෙදර ගියා. මගේ ජීවිතේට ගත කරපු දිගම දවස් වලින් එකක් ඒක. හැබැයි ෂුවර් එකටම එදා දවස පැය 24කට වැඩිය නම් දිගයි. ඔන්න ඉතින් ඊළඟ දවසේ දහසක් බලාපොරොත්තු තියාගෙන වෑන් එකට නැග්ග. මට පස්සේ හෝල්ට් එකෙන් තමයි චානිකා නගින්නේ. දැන් ඔන්න එයා නැගල මම ඉන්න තැනට එනවා. මගේ කට ඇරිලා, ඇස් උඩ ගිහින් එක විකාරයයි. එදා ඒකි වෙනදාටත් වඩා ලස්සනයිද මන්ද. ඒකි ඇවිත් මගේ ශීට් එක ලඟින් හිටගත්තා. ඊට පස්සේ වෙනද වගේ පොඩි හිනාවක්‌ දැම්ම. ඊට පස්සේ මුකුත් සද්දයක් නෑ. මේක හරි කෙළියක්නේ, දවසක්ම බලන ඉඳල ඉඳල උත්තරේ අහගන්න ආව, මේ කෙල්ල මුකුත් කියන්නෙ නෑ. 

බැරිම  තැන මම ඇහුව ලියුම කියෙව්වද කියල. ඒ පාර ඒකි ඔලුව වැනුව. ඊට පස්සේ ටිකක් අමාරුවෙන් වගේ කිව්ව "මම _____ (ඒකිගේ පස්සෙන් ආපු වෑන් එකේ ගිය අනිත් කොල්ලගේ නම) අයියට හා කියල තියෙන්නේ" කියල. (ඒ වචන ටික නම් අකුරක් නෑර මතකයි) මට මොකද වුනේ කියල මට හිතාගන්න බැරුව ගියා. හැඟීම් දැනීම් නැතුව ගියා වගේ වුනා. ඊට පස්සෙ මට මුකුත් ඇහුනෙත් නෑ, මුකුත් පෙනුනෙත් නෑ, මුකුත්ම දැනුනෙත් නෑ. මට තවත් කියන්න දෙයක් තිබුනේ නෑ. තිබුනත් කියාගන්නත් බෑ.  මම ගල් වෙලා වගේ ඔහේ බලාගෙන හිටියා. ටික වෙලාවකින් බොහොම අමාරුවෙන් පියවි සිහියට ආවා. චානිකා තාමත් මගේ ශීට් එක ලඟට වෙලා ජනේලයෙන් එලිය බලාගෙන යනවා. චානිකා මට කවදාවත් අයිති වෙන්නේ නෑ කියල දැන් මම දන්නවා, ඒත් ඒකි තාමත් මගේ ළඟ. වෙනද වගේම ඒකිගේ සුදු ගවුම මගේ උරහිසේ ගෑවෙනව. ඒ සුදු ගවුමෙන් එන සුවඳ අද වෙනදාටත් වඩා දැනෙනවා. ඒත් ඒ සුදු ගවුමේ අයිතිකාරි මට අයිති නෑ. අර #*&%!^ එයාව අයිති කරගෙන. බොහොම අමාරුවෙන් වචන ගැට ගහගෙන මම ආයෙත් ඒකිට කතා කළා. 

"අපිට වෙනද වගේ යාළුවො විදියට ඉන්න පුළුවන් නේද?"

"අනේ එහෙම ප්‍රශ්නයක් නෑ කසුන්. හැමදාම ඉස්සර විදියටම අපිට යාළුවො විදියට ඉන්න පුළුවන්." 

ඊට පස්සේ මම ජනේලයෙන් එලිය දිහා බලාගෙනම හිටිය. බලාගෙන ගියාට මුකුත් පෙනුනේ නම් නෑ ඇස් දෙක බොඳ වෙලා තිබුන නිසා. එදා දවස ඊට පස්සේ ගෙවපු හැටි ගැන නම් මතකයක් නෑ. දවසම ඔහේ බලාගෙන හිටිය කියල විතරක් මතකයි. මම අපේ එකාටත් සිද්දිය කිව්ව, ඌට නම් එච්චර ගානක් නෑ. මට නම් ඉතින් ලෝකෙම නැති වුනා වගේ. ඔහොම දෙයක් වුන පලවෙනි වතාවනේ. අනිත් එක ඔය කාලේ එච්චර දැනුම් තේරුම් තියන කාලයක් නෙමෙයිනේ. කොහොම වුනත් වෙනද වගේම යාලුවෝ වගේ ඉමු කිව්වට ඊට පස්සේ අපි දෙන්නගේ වැඩි කතා බහක් තිබුනේ නෑ. මොන හිතකින්ද ඉතින් කතා කරන්නේ? ඒකිටත් එහෙමම වෙන්න ඇති. 

ඔය විදියට ඉතින් ටික කාලයක් ගෙවිල ගියා. අපේ වෑන් එකේ මම 4, 5 වසර වල ගිය ඉස්කෝලේ හිටපු තව කෙල්ලෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මම අර 'බාල කාලේ මතකය' පොස්ට් එකේ ජීවිතේ පරුදුවට තියල හරි කී එක දෙනවා කියපු කෙල්ල. අනිත් කෙල්ල චානිකාගේ හොඳ යාලුවෙක්. මම අහපු එක චානිකා ඒ කෙල්ලට කියල. පස්සෙ දවසක ඒ කෙල්ල මාත් එක්ක ඒ ගැන කතා කළා. මාව පොඩි කාලේ ඉඳලම දන්න නිසා ඒ කෙල්ල මට ඇත්තම කතාව කිව්වා. අර කොල්ලගේ සල්ලි වලටලු චානිකා කැමති වෙලා තියෙන්නේ. ඒක වෙන්න ඇති, නැත්තන් මාත් එක්ක ලෝකෙ නැති දේවල් කියල බැනල පස්සෙ යාලු වේවිද. කොහොම වුනත් ඒක ඒකිගේ කැමැත්තනේ, මට මුකුත් කියන්න අයිතියක් නෑ නේ. අනිත් එක මගේ උවමනාවටනේ මම ආදරේ කලේ, එහෙම නැතුව ඒකි මට කිව්වේ නෑ නේ ඒකිට ආදරේ කරන්න කියලා.

පස්සෙ පස්සෙ පොඩි පොඩි ආරංචි ආව ඒ සම්බන්දෙ මොකක් හරි අවුලක් තියනවා කියල. මට අර කෙල්ල තමයි කිව්වේ. එකිත් හරියටම දන්නේ නෑ. චානිකත් නිකන් අප්සට් මුඩ් වගේ ඉන්නේ. හැබැයි මම එච්චර ඒ ගැන හොයන්න ගියේ නෑ. වෙනද වගේ පුද්ගලික දේවල් අහන්න තරම් පුළුවන් කමක් තිබුනේ නෑ. දවසක් චානිකා මට ලියුමක් දීල කිව්ව ඒක අරූට (කොල්ලට) දෙන්න කියලා. ඒක නම් දෛවයේ සරදමක්ම තමයි. මම ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙකුට ලියපු පෙම් හසුනක් මට ගිහින් දෙන්න වුනා කිව්වම ඉතින් තවත් මොනවද. මට මොනවා හිතෙන්න ඇත්ද කියල හිතාගන්න පුළුවන් නේ. හැබැයි ඒකිට මගේ ගැන ලොකු විස්වාසයක් තියෙන්න ඇති. නැත්තන් මගේ අතේ ඒක යවන්නේ නෑ නේ. ඒක ෆුල්ස්කැප් කොලයක ලියල පොඩි වෙන්නම නවල තිබුනේ. මට මතක විදියට මම ඒක කියෙව්වේ නම් නෑ. මම ඒක අරුගේ අතටම ගිහින් දුන්නා. ඒ දෙන්න අතරේ ඊට පස්සෙ මොනවා වුනාද කියල මම දන්නේ නෑ.

ඊට ටික කාලෙකට පස්සෙ අපි වෑන් එකෙන් අයින් වෙලා බස් යන්න තීරණය කළා. අපරාදෙනේ සල්ලි නිකන් වෑන් වලට දෙන්නේ. අපේ සෙට් එකේ තුන් දෙනෙක් අපේ වෑන් එකේ ගියා. අපි කතා වුනා ඊළඟ වාරේ ඉඳල බස් එකේ යමු කියල. ඔය කාලේ ඔටෝ පිස්සුවක් තිබුන අපිට. මාත් ඉතින් ඔටෝ පොතක් අරගෙන වෑන් එකේ කට්ටියට ලියන්න දුන්න. ඒ කාලේ වෙනකොට මායි චානිකයි ගොඩක් ඈත් වෙලා හිටියේ. ඒ නිසා මම අර කලින් කියපු කෙල්ලට දුන්න එයාට ලියල දෙන්න කියන්න කියල. ඊට පස්සෙ දවසේ මම වෑන් එකට හවස නැග්ගම චානිකා මට ලඟට කතා කළා. කතා කරලා ඇහුව 

"ඇයි _____ (අර අනිත් කෙල්ලගේ නම) අතේ ඔටෝ එක එව්වේ, මට කෙලින්ම දෙන්න බැරිද?" කියලා. 

මට ඒකට දෙන්න උත්තරයක්‌ තිබුනේ නෑ. ඊට පස්සෙ ඒකි මට ඔටෝ එක දුන්නා. ඒකෙ අන්තිමට ඒකි ලියල තිබුන ' සදා නොවෙනස් නැගණිය' කියල. මට මතකයි, මම මහිමත් එක්ක හරි වෙන එකෙක් එක්ක හරි කිව්ව එහෙම ලිව්වට එයා දැනටමත් වෙනස් වෙලා කියල. :D ඒ කාලේ මම හරි ගොන් නේද? කොහොම හරි ඉතින් ටික දවසකින් අපි වෑන් එකෙන් අයින් වුනා. 

හැබැයි ඉතින් එතනින් කතාව නම් ඉවර වුනේ නෑ. හොඳ හොඳ සෙල්ලම් වුනේ ඊට පස්සෙ. ඒව ඊළඟ කොටසින් කියන්නම්. ඒවත් දැන ගන්න කැමති නම් ඊළඟ කොටසින් එකතු වෙන්න.:) 
....................................................................................................................................................................

ප.ලි. කතාව කෙටියෙන් කියනව කියල පටන් ගත්තේ. ඒත් පස්සෙ හිතුන ඊට හොඳයි විස්තර කරලම කියල එක කියල. අතගානව වැඩියි වගේ නම් හරි කම්මැලියි වගේ නම් හරි කට්ටිය කියන්න හොඳද.  


18 comments:

  1. අඩේ මට කලින් එක මිස් වෙලානේ [ මටත් කියන්නේ තියෙන්නේ මැට්ටෙක් කියලා තමා :P :P ]
    මට නිකන ඉවෙන් වගේ දැනෙනවා දුක හිතෙන අවසානයක්ද කියලා..බලමුකෝ

    ReplyDelete
  2. එල එල මෙහෙම ලියපං. කතාව කොට කලොත් හොඳම තැන් මග ඇරෙනවා

    ReplyDelete
  3. හ්ම්ම්....ඔන්න ඔහොමයිලු වුණේ.....
    ඊලඟ කොටසත් බලමුකො එහෙනම්....!!!

    ReplyDelete
  4. එහෙම අවුලක් නෑ. කතාව එලටම ලියලා තියෙන්නේ. අර අන්තිමට ගොන්ද කියලා අහපු එක නම් එච්චරටම ඇල්ලුවේ නෑ. ඒ කාලේ ඔහොම තමා හොද ද ගොන් ද කියලා බලන්නේ නෑ.

    ඉක්මනටම ඉතුරු කොටසත් ලියන්න.

    ReplyDelete
  5. ෂා නියම කතාවක්.. ඉස්කෝලෙ කාලෙට ආපහු ගියා වගේ දැනුනා. මඩොල් දූව පොත නම් ක්ලාස් එකේ උගන්නත්දි පෙරළපු ටික විතරමයි. ඉතුරු ටිකත් කියවන්න එනවා අනිවාර්යයෙන්ම.

    ReplyDelete
  6. ඊළඟ කොටසින් කතාව අනිත් පැත්තට පෙරලෙයිද.

    ReplyDelete
  7. යෙහෙළියකසේ සොයුරියකසේ
    ඔබකියන අයුරින්...
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුළු දෑසින්...

    ReplyDelete
  8. //අතගානව වැඩියි වගේ නම් හරි කම්මැලියි වගේ නම් හරි කට්ටිය කියන්න හොඳද\\

    මටනම් මෙහෙම හිතුනෙ නෑ මල්ලි.විස්තර තියෙන කොටනෙ හොද..

    ReplyDelete
  9. "මම ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙකුට ලියපු පෙම් හසුනක් මට ගිහින් දෙන්න වුනා"

    උඹට මම අදහසක් කියන්න ඕන නෑනෙ නේද මචන්... :)

    ReplyDelete
  10. හයියෝ.....:( මොනා කරන්නද නේද අයියේ...යාලුවො දෙන්නෙක් අතරෙ එහෙම දෙයක් වුනාම ඊට පස්සෙ කලින් විදියටම ඉන්න අමාරුයි..(අත් දැකීමෙන් මාත් දන්නවා ඕකනම්..;))

    ප.ලි- මැටි වැඩක් කලාම මැට්ටා කියනවනෙ..තරහකට නෙවෙයිනෙ කියන්නෙ..හුරතලේටනෙ..;) හික්ස්ස්..)

    ReplyDelete
  11. කතාව හරියට විස්තර කරලා කියනකොට අපේ හිතට අමුතුවෙන් ප්‍රශ්ණ එන්නේ නෑ.. ඇයි මෙහෙම කලේ ඇයි මෙහෙම නොකලේ කියලා... ඒ නිසා මෙහෙමම ලියාගෙන යන්න..
    කතාව ගැන කියනවනම් හැමදේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගනින් මලේ....

    ReplyDelete
  12. මඩොල් දූව පොත දැක්කම නම් තේරෙනව පාවිච්චි කරලම නැති බව. හික්ස්!!
    හ්ම්ම්ම්.. ඔහොම සහෝදරයො විදියට ආශ්‍රය කරන කේස් නම් මට සෑහෙන වෙලා තියෙනවා. මම කලින් කමෙන්ට් එකේ දාපු කේස් එක ඉවර වෙන්නෙ ඔය විදියට නෙවෙයි. පස්සෙ දිව හපාගෙන මැරෙන්න හිතෙන විදියට. ඒක නම් මගෙ බ්ලොගියෙ දානවමයි.
    යකෝ මෙච්චර කල් ගිහිල්ලත් පරන ලව් කේස් මතක් වෙනකොට මට මෙච්චර ත්‍රිල් මොකද කියලයි කල්පනා කලේ.
    henryblogwalker aka Dude

    ReplyDelete
  13. http://pdfcast.org/pdf/madol-doova

    ReplyDelete
  14. @ChammA
    අයියෝ මම හිතුව මැට්ට කියල අහගෙන ඉවරයි කියල. ඒ පාර වරහන් ඇතුලේ මැට්ට කියල දාල.:D

    @Prasanna
    තැන්කූ මාළු අයියේ

    @පිසාචයා
    ඊළඟ කොටස බලල ආයෙත් මට බනින්න තමා තියෙන්නේ.:)

    @මධුරංග
    ඔව් බං, ඒ කාලේ මුකුත් තේරෙන්නේ නෑ නේ. අනිත් එක ගොඩක් බොළඳයි නේ. දැන් ඔහොම දෙයක් වුනත් ඉතින් ලොකු වෙනසක් නැති වේවි.:)

    @හංසි
    ස්තුතියි සහෝදරී. අපේ නම් ක්ලාස් එකේවත් මඩොල් දූව කලේ නෑ. ඒක නිසා පෙරලන්න වුනේම නෑ.:)

    @පිණිබිඳු
    ම්ම්ම්.... බලමු නේද අක්ක. මේ ඒක නෙමෙයි අර ගෙනාපු පොත් කියවල ඉවරද? දැන්ම කියවල ඉවර කරන්න, ඕව ඉක්මනටම ගුල්ලෝ ගහනවා.

    @Gimhani
    ඒකනේ අක්කේ, ආදරේ කරලා ඉවර වෙලා ආයෙත් යෙහෙලියක් විදියට බලන්න බෑ නේ.

    ReplyDelete
  15. @නිසුපා
    ආහ් එහෙනම් කමක් නෑ අක්ක, මේ විදියටම ලියන්නම් එහෙනම්.

    @සාතන්
    අඩේ ඒ කිව්වෙ සාතන් අයියේ? මට මීටර් වුනේ නෑ නේ.

    @හිතුවක්කාරි
    ඒක නම් එහෙම තමයි නගෝ. කොච්චර කලත් ඒ දේ ඔලුවට එනවනේ.

    ආහ් හුරතලේට නම් ඉතින් මැට්ට කිව්වට කමක් නෑ.:D

    @Dinesh
    ඔව් වෙන ඕන දෙයක් හොඳයි කියල තමයි දැන් නම් ඉන්නේ. හරි එහෙනම් මේ විදියටම ලියන්නම්කො.

    @Dude
    අප්පෝ දිව හපාගෙන මැරෙන්න එපා, රිදෙනවනේ.:D එහෙනම් ඒ කතාව දාමුකෝ බලන්න.

    පරණ කතා මතක් වෙනකොට ත්‍රිල් එකක් ගියාට කමක් නෑ, අක්ක දැනගත්තොත් තමයි කේස් එක.:P

    @Ano
    තැනක් යූ සහෝ ලින්ක් එකට. මාත් ඩවුන්ලෝඩ් කරගත්ත.

    ReplyDelete
  16. ලව් එකක් පොඩ්ඩක් හරි ඔලුවට ආවට පස්සෙ.... " යාළුවො වගේ ඉමු " කියන එක නම් අමූලික බොරුවක්... එක්කො ලව් නැත්තනම් මූනිච්චාවට හිනා වීමක් පමනයි.

    ඊලඟ එකත් දාපන්කො බලන්න....

    ReplyDelete
  17. ඉතුරු කොටසත් දාපං කෝ
    හොද හොද සෙල්ලන් ඉස්සරහටනේ
    එතකොට ඔය උබට පවු කියන අය මට පවු කියල කියාවි

    අයියෝ සල්ලි!

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.