කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. කියෙව්ව මිසක් ලියන්න මූඩ් එකක් තිබුනෙ නෑ පහුගිය දවස් වල. අපූරු පෝස්ට් සහ අපූරු කමෙන්ට් කියව කියව හිටිය. ලියන්න විශේෂ දෙයක් තිබුනෙත් නෑ. මට ඊයෙ මූන දීපු අත්දැකීමක් ගැන ලියන්න හිතුන. තාමත් අපේ කැම්පස් පටන් ගත්තෙත් නෑ නෙ. දැන් ඔන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් වැටුප් විශමතා අයින් කරන්න කියල පෝස්ටරයක් ගහල. ඒ කියන්නෙ තව ස්ට්‍රයික් එකක් ලඟම එනව වගේ. හැබැයි එයාලට නම් වැඩිය දෙයක් කරන්න බැරි වේවි. කකා බිබී ගෙදරටම වෙලා ඉන්න එක දැන් නිකන් අවුල් වගේ. අවුරුදු 23ක් වෙලා කොල්ලෙක් නිකන් ගෙදරට වෙලා ඉන්නව කියන්නෙ චාටර් නෙ. මට නම් ඇත්තටම ඒක ගොඩක්ම තදට දැනුන. ඒක නිසා මම ගොඩක් දවස් ඉඳල පාර්ට් ටයිම් එකක් වත් හොයාගන්න කියල ට්‍රයි කලා. හරි ගියේ නෑ. සමහර පාර්ට් ටයිම් ජොබ් තිබුන ඒවට යන්න නිකන් මොකක්ද මොකක්ද වගේ. ඩේට එන්ට්‍රි ජොබ් එකක් වත් ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න බැලුව ඒකත් හරි ගියේ නෑ.
අපේ සෙට් එකක් ගාමන්ට් වල පාර්ට් ටයිම් ජොබ් වලට යනව. මම ඒකට යනවද කියලත් හිතල පස්සෙ ඕන නෑ කියල නිකන් හිටිය. ඒත් අන්තිමට ඊයෙ තීරණයක් ගත්ත. ලැජ්ජාව පැත්තකින් තියල ඒකට යනව කියල හිත හදා ගත්ත. ඇයි ඉතින් හැමදාම කාකා බිබී නිකන් ඉන්න බෑ නෙ. මහ ගානකට නම් නෙමෙයි. රුපියල් හත්සීයකට තමයි ගියේ. මුකුත්ම නැතුවට වඩා හොඳයි නේ. ඒක ලංකාවෙ ප්‍රධානම පෙළේ ගාමන්ට් එකක්. අපේ එකෙක් තමයි ඒක සෙට් කලේ. මායි අපේ තව එකෙකුයි, කැම්පස් එකේ තව දෙන්නකුයි තමයි ඊයෙ ගියේ. රෑ කෑම දෙන්නෙ නැති නිසා කෑම එකකුත් අරගෙන ගියේ. සෙට් කරපු එකත් ආව අපිව ඇරලවන්න.
ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම දඩාස් ගාල සද්දයක් ආව. බලනකොට කාර් එකක් රිවස් කරල පිටිපස්සෙ තිබුන බයික් එකේ ඇනල. මම හිතුව වගේම ගෑනු කෙනෙක් තමයි වාහනේ එලෙව්වෙ. තවත් ගෑණු කෙනෙක් එහා පැත්තෙ හිටිය. ටිකක් පොස් නෝනල දෙන්නෙක්. අපේ එකෙක් කිව්ව අනිවාර්යෙන්ම ඔය බයික් එක ඔහොමම තියල ඔය දෙන්න යනව කියල. මම යන ගමන් සීන් එක බලාගෙන ගියේ. එක්කෙනෙක් බැහැල ටිකක් වෙලා බයික් එක දිහා බලාගෙන හිටිය. අරූ කිව්ව වගේම ටික වෙලාවකින් දෙන්න මුකුත් වුනේ නෑ වගේ ශේප් එකේ යන්න ගියා. අර බයික් එක අඩුගානෙ කෙලින් කරල වත් ගියේ නෑ. එහෙම හරි නෑ නෙ. ලොකු, පොස් නෝනල නෙ.
කොහොම හරි එතන තිබුන පොතේ අත්සන් කරල අපි ඇතුලට ගියා. අපිව එක්කගෙන ගියපු එකා අපිවත් අරගෙන අරහෙන් මෙහෙන් හැරි හැරි ගොඩක් දුර ගියා. එදා යන්න තිබුන සෙක්ශන් එක තිබුනෙ ගාමන්ට් එකේ කොනක. අපිත් ඉතින් මග දිගට මග සලකුණු තියාගෙන ගියේ. මොකද අපිව සෙට් කරපු එකා එදා වැඩ කලේ නෑ. ඌ අපිව ඇරලවල ගියා. ඒක නිසා ආයෙත් එන්න පාර බලාගන්න ඕන නෙ. ඊට පස්සෙ ඕන අදාල සෙක්ශන් එකට ගිහින් අපිව දාල අපිව සෙට් කරපු එකා ගියා. එතන තිබුන පොතෙත් නම සයින් කරන්න ඕන. ඊට පස්සෙ තමයි ඉතින් ගේම පටන් ගන්නෙ.
ටික වෙලාවක් යනකල් අපිට මුකුත් කිව්වෙ නෑ. අපි හිතුවෙ මුලු රෑම අයිස් පාර ගහගෙන ඉන්න පුලුවන් වෙයි කියල. ඔන්න පොරක් තඩි ට්‍රොලියක් තල්ලු කරන් ආව. ට්‍රොලි කිව්වට අර හොස්පිට්ල් වල තියනව වගේ ඒව නෙමෙයි. හතර දෙනකුට විතර එක පාර බැහැල නාන්න පුලුවන් ලොකු, උස බාත් ටබ් එකක් වගේ එකක්. ඒගොල්ලො ඒවට කියන්නෙ නැව් කියල. (ට්‍රොලි කියලම කියන තව පොඩි ට්‍රොලි වර්ගයකුත් තිබුන.) ඒකෙ දිග කලිසම් වගයක් තිබුනෙ. අපිට කිව්ව ඒකෙ තියන ලේබල් එක අනුව ඒව වර්ග කරල නවන්න කියල. ලේසි වැඩක්නෙ කියල ඉතින් අපිත් පටන් ගත්ත. ටික වෙලාවක් යනකොට තවත් ඒ සයිස්ම ට්‍රොලියක් අරන් ඇවිත් මේකත් නවන්න කිව්ව. හරි සන්තෝසයි එතකොට. ටික වෙලාවක් යනකොට රෙදි ගන්නයි, නවපු රෙදි තියන්නයි පාත් වෙලා කොන්ද රිදෙනව. ඒ ටික ඉවර කලා විතරයි වෙන වර්ගයක් උස්සගෙන ඇවිත් ඒ ටිකත් නවන්න කිව්ව. කොහොම හරි ඊට පස්සෙ එක එක්කෙනාට එක එක වැඩ සෙට් වුනේ.
ඒ සෙක්ශන් එකෙන් කරන්නෙ වොශ් කරල ඩ්‍රයි කරල ගේන රෙදි පැක් කරල ලොරි වලට පටවන එක. රෙදි එක එක විදියට පැක් කරනව. කාඩ්බෝඩ් පෙට්ටි වටලයි, රෙදි මලු වලටයි, ප්ලස්ටික් පෙට්ටි වලටයි. රෙදි මලු වලට පැක් කරද්දි අපි තමයි මල්ල අල්ලගෙන ඉන්න ඕන. ඒගොල්ලො ගනන් කර කර දානව. ඒක තමයි එපා වෙනම වැඩේ. ඒ රෙදි වල පුදුම ඩස්ට් එකක් තියෙන්නෙ. ඒ රෙදි වලට දාපු ඩයි එක තමයි ඒ එන්නෙ. මම ඉතින් උපතින්ම හති කාරය නෙ. මම කලේ අනිත් පැත්ත බලාගෙන හුස්මක් අරගෙන පුලුවන් තරම් හිර කරගෙන ඉන්නව, ඊට පස්සෙ ආයෙත් අනිත් පැත්ත හැරිල හුස්මක් ගන්නව. හතිය නැති කෙනෙක්ට වුනත් හතිය හැදෙන්න පුලුවන් ඒ ඩස්ට් එකට. නාස් ආවරන පාවිච්චි කරන්න කියල හැම තැනම බෝඩ් ගහල තියනව, එකෙක් වත් ඒව දාන්නෙ නෑ. අපිට දුන්නෙත් නෑ. ඒ මිනිස්සු කඩි වගේ. මැශින් එකක් ස්ටාර්ට් කලා වගේ රෙදි ගනන් කර කර මල්ලට විසි කරනව. අපි ඉතින් කොහොම හරි රෙදි වැටෙන්න නොදී මල්ල අල්ලගෙන ඉන්න ඕන. එකක් වැටිල ඒක ගන්න ගියොත් තව 5ක් 6ක් වැටෙනව. ඒක නිසා රෙදි වැටුනොත් එහෙමම තියෙන්න දීල ගනන් කරල ඉවර වුනාම තමයි දාගන්නෙ. අනිත් එක රෙදි දාද්දි නිතරම බෑග් එක එහාට මෙහාට ගස්සල, උස්සල ඇතෑරල, අතින් තද කරල, ඉඩ හදාගන්න ඕන. නැත්තන් අන්තිමට මල්ල ගැටගහන්න ගියාම හෙනම ගේමක් දෙන්න ඕන. ඒක නිසා දාන අතරෙම ඉඩ හදාගන්නව. උස්සල අතාරින එක තමයි අමාරුම. ටිකක් වෙලා ගියාම ඇඟිලි හම යනව.
මේ තියෙන්නෙ එදා අපි කරපු වැඩ ලිස්ට් එක.
# රෙදි වර්ග කිරීම
# රෙදි නැවීම
# මල්ල ඇල්ලීම සහ ගැට ගැසීම
# ගලවා ඇති කාඩ්බෝඩ් පෙට්ටි සැකසීම
# පෙට්ටි වලට රෙදි දැමූ පසු ඒවා වසා සීල් කිරීම
# රෙදි මලු සහ පෙට්ටි නියමිත ස්ථාන වලට උස්සාගෙන හෝ ඇදගෙන යාම
# ට්‍රක් රථ පැමිණි පසු ඒවාට රෙදි පැටවීම.
අපි හතර දෙනයි තව එක කොල්ලෙකුයි තමයි එදා ටෙම්පරරි විදියට ඇවිත් තිබුනෙ. එතන හිටපු ගොඩක් කොල්ලො අපිටත් වඩා බාලයි. අපි කැම්පස් කිව්වම හතර දෙනක් විතර ඇරෙන්න ඔක්කොම අපිට අයියෙ කියල කිව්වෙ. හැබැයි එතන හිටපු කොල්ලෙ සෙට් එක නම් එල. අපිට බොහොම හොඳට කතා කලා. අයිය, මල්ලි, මචන්, කොල්ලො, වගේ වචන වලින් තමයි කතා කලේ. බැන්නෙ, කෑගැහුවෙ, ටෝක් දුන්නෙ නෑ. හැබැයි දෙන්නෙක් හිටිය ටිකක් ලොකු ලයින් දෙන. එහෙම ඩයල් කොහෙත් ඉන්නව නෙ. බයිට් කිරීම්, රන්ඩු වීම්, බැන ගැනීම්, හිනා වීම් නම් ගොඩයි. නැත්තන් ඉතින් නිදි මත වෙනව නෙ. එක පාරක් නම් එකෙක්ට ඇත්තටම මල පැන්න. මම හිතුවෙ ගැහුව තමයි කියල.
කොහොම හරි එක පොඩ්ඩක් වත් නිකන් ඉන්න වුනේ නෑ. එකක් ඉවර කරල පොඩ්ඩක් වාඩි වෙනකොටම තව එක්කෙනෙක් කතා කරනව. බර වැඩ ගොඩක් වෙලාවට සෙට් වුනේ අපි පස් දෙනාට. පර්මනන්ට් අය ගොඩක් වෙලාවට කරන්නෙ ගනන් කරන එක, ටැග් ලියන එක, ආපු රෙදි ස්ටොක් මාක් කරගන්න එක, බෑග් වලට අංක දාන එක වගේ ඒව. අපි තමයි බර අදින්න ඕන. මම ජීවිත කාලෙටම නවල තියනවට වඩා රෙදි නැව්ව ඒ පැය දොලහ ඇතුලත. ඇත්තටම එක නම් ශ්‍රමය සූරාගෙන කෑමක්. පැය දොලහක් එක දිගට වැඩ කරල රුපියල් 700යි දෙන්නෙ. අනිත් එක ඔහොම ටෙම්පරරි ගත්තම ETF, EPF ගෙවන්න ඕනත් නෑ නෙ. එතකොට වැඩ තියන කාලෙට විතරක් ගෙන්න ගන්නත් පුලුවන්. ගොඩක් ගාමන්ට් කාරයො ඔය වැඩේ කරනව. රෑ මැද ප්ලේන්ටි, ටී එහෙම දෙනව. 1ට ප්ලේන්ටිත් එක්ක කන්න රෝස් පාන් හරි මාලු පාන් වගේ දෙයක් හරි දෙනව. ආයෙත් පහට ටී එකක් දෙනව. ඊට පස්සෙ උදේ හත හමාරට කෑම දෙනව. ඒ ප්ලේන්ටියෙනුයි ටී එකෙනුයි තමයි ඔලුව උස්සගෙන හිටියෙ.
එතන මාරම ගේමක් යන්නෙ. ඒ ගේන රෙදි එවෙලෙ වොශ් කරල ඩ්‍රයි කරපුව. සේරම ඉතින් මැශින් වලින් තමයි කරන්නෙ. ඒ රෙදි අපි හිටපු සෙක්ශන් එකට ගේනකොටත් රස්නෙයි. සමහර ඒව අල්ලන්නවත් බැරි තරම් රස්නෙයි. පෝලිමට ට්‍රොලි අරගෙන එනව කට්ටිය. රෑ 7.30ට පටන් ගත්ත එක උදේ 7.30 වෙනකල්ම එක දිගටම රෙදි ආව. අපේ සෙට් එක කලින් දවස් වල වොශ් කරන තැනයි, ඩ්‍රයි කරන තැනයි වැඩ කරන්න සෙට් වෙලා තියනව. අමාරුම සෙක්ශන් එක ඩ්‍රයි කරන එකලු. ඒකෙ රෙදි මිරිකන්න තියනවලු. ඒක නම් පන යන වැඩක්ලු. ඒ ගොඩක් ඇඳුම් රට යවන ඒව. අපේ එකෙක් අහල තිබුන ඒ රෙදි වල ගනන්. පොකට් තියන ශෝට් එකක් 15000ක් විතර වෙනවලු. දිග කලිසමක් 20000ක් 25000ක් විතර වෙනවලු. කවුරු අඳිනවද මන්ද ඒව. හැබැයි ඒව අපි අඳින රෙදි වගේ නෙමෙයි. මාරම කොලිටි රෙදි තියෙන්නෙ. ඒව ඇඟට හරි සනීපයි. එක පාරක් ගෙනාව කොටම කොට ඩෙනිම් සායවල් ටිකක්. මම හොරෙන් මැන්න, දිග වියත් දෙකකටත් වඩා අඩුයි. අනේ ඒවත් රට යවන්නලු. :( තව පිරිමි අයට නානකොට අඳින කලිසම් සෙට් එකක් ආව. ඒකෙ කකුල් දෙක ගොඩාක් චූටි තීරුවකින් සෙට් වෙලා තියෙන්නෙ. මට ඇහුන කවුද කියනව "ඕක ඇන්දොත් _ _ _ _ එලියෙ" කියල.
එතන හරි පරෙස්සමින් ඉන්න ඕන. වැඩ කරන අය ටොලි අරන් යන්නෙ හයිවේ එකේ යනව වගේ. කොයි වලේ කකුල යට කරන් යාවිද දන්නෙ නෑ. එතන තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි වෙලාව යන්නෙ නැති එක. මම ගනන් හදල බැලුව, එතන විනාඩි 5ක් යන්න විනාඩි 15ක් යනව. වැඩේ කියන්නෙ මම ඒක එකෙකුට කියන්න යනකොටම ඌ මට ඒකම කිව්වනෙ. ඒ කියන්නෙ ඌටත් ඒක තේරිලා. අන්තිම පැය නම් මල විකාරෙන් හිටියෙ. කොහොම හරි ඉතින් රුපියල් 700ට රුපියල් 1400ක විතර මහන්සි වුනා.
මෙච්චර කල් අම්මල තාත්තල හම්බ කරපුව වියදම් කලා මිසක්, එදා තමයි තේරුනේ සල්ලි හොයන්න තියන අමාරුව. අපේ එකෙක් කියනව, "මම නම් මීට පස්සෙ කැන්ටිමෙන් රුපියල් 3ක් දීල තේකක් ගන්න කලින් තුන් පාරක් හිතනව" කියල. ඒක හරියටම හරි. දහයෙ රෝල් එකක් කන්න කලින් දහ පාරක් වත් හිතන්න ඕන. හැබැයි දාහක විතර බඩුවක් ගන්න ගියොත් තමයි වැඩේ.
මෙච්චර කල් අම්මල තාත්තල හම්බ කරපුව වියදම් කලා මිසක්, එදා තමයි තේරුනේ සල්ලි හොයන්න තියන අමාරුව. අපේ එකෙක් කියනව, "මම නම් මීට පස්සෙ කැන්ටිමෙන් රුපියල් 3ක් දීල තේකක් ගන්න කලින් තුන් පාරක් හිතනව" කියල. ඒක හරියටම හරි. දහයෙ රෝල් එකක් කන්න කලින් දහ පාරක් වත් හිතන්න ඕන. හැබැයි දාහක විතර බඩුවක් ගන්න ගියොත් තමයි වැඩේ.
කොහොම හරි හරියටම 7.30 වෙනකොටම එලියට පැන්න. අම්මෝ එතනින් එලියට ආවම තියන සනීපෙ. සමහර සෙක්ශන් වල කෙල්ලොත් නයිට් ශිෆ්ට් එක කරනව. අපි එනකොටම සෙට් එකක් එලියට ආව. මම එහෙම එකක් එදාමයි දන්නෙ. කොහොම හරි හොස්ටල් එකට ආවට නින්ද ගියෙත් නෑ, නිදි මත වැඩි නිසාද මන්ද සැරින් සැරේ බයවෙලා වගේ ඇහැරෙනව. හවස් වෙනකොට තමයි ඇඟම රිදෙන්න ගත්තෙ. බෙල්ල, කකුල් දෙක, යටි පතුල, අත් දෙක, උරහිස්, ඇඟිලි, සේරම රිදෙන්න ගත්ත. ඒ මදිවට ඔලුවෙ කැක්කුමකුත් ආව. කොහොම හරි එදයින් පස්සෙ පාර්ට් ටයි නම් එපාම වුනා. මම නම් ඊට පස්සෙම ගියේ නෑ. අපේ කට්ටිය නම් තාම යනව. මොනව වුනත් ඒ අත්දැකීමෙන් මිනිස්සු හම්බ කරන්න කොච්චර මහන්සි වෙනවද කියල ඉගෙන ගත්ත. ඔය තරම්ම නැතත්, අපිටත් ඉස්සරහට සල්ලි හම්බ කරන්න ලොකු මහන්සියක් වෙන්න වේවි.
...................................................................................................................................................................
ප.ලි. මේක ලියන්න අරන් දවස් තුන හතරක් වෙනව. ලියන්න වුනේ නෑ, දැන් තමයි ඉවර කලේ.
මාස ගානක් ගෙදරට වෙලා ඉන්න මටත් තේරෙනවා ගෙදරට වෙලා ඉන්න එකේ රගේ..මම නම් අන්තර්ජාලය හරහා පොඩි පොඩි වැඩ ටිකක් හොයාගෙන කරනවා. ඒක ලේසියි කියලා හිතෙනවා වෙන තැනක රැකියාවට යනවට වැඩිය. ඒ මොනවා වුනත් මේ අත්දැකීම නම් උපරිමයි. සල්ලි හොයන්න තියන අමාරුව දැනගන්න අපිත් කට්ටක් කන්නම ඕනේ.
ReplyDeleteජංජාලෙන් රස්සාවල් හොයනවා Odesk නම් පාවිච්චි කරන්න .Data entry වගේම Programing, Graphic Designing ,Creative Writing වගේ දේවල් වලටත් තියෙනවා ගෙවන එකත් විශ්වාසයි. හැබැයි රෙජිස්ටර් වෙලා ජොබ් ඇප්ලයි කරන්න පොඩි වැඩ කිඩ ටිකක් දාන්න ඕනේ.. මම ඔය දේවල් දැනගෙන හිටියට අත්දැකීමක් තියෙන කෙනෙක්ගෙන් අහලා තිබ්බේ නෑ. මිනිස්සු දවසක් ජීවත් වෙන්න හම්බ කරන විදිය දැක්කම අපි කොච්චර කාලය අපතේ යවනවද කියලා හිතුනා..
ReplyDeleteමගෙ යාලුවෙක් කිව්ව එයාල ඔහොම පාට් ටයිම් කරනව කියල චොකලට් කොම්පැනියක.රෑ ගිහින් උදේ එනවලු.කරන්න තියෙන්නෙ චොකලට් පෙට්ටි වලට අහුරන්නලු.කන්නත් පුලුවන්ලු.හැබෑයි අරන් එන්න බෑලු.500ක් ද කොහෙද දෙනව කිව්වෙ.
ReplyDeleteඅම්මෝ ඔය ගාමනට් කෙරුවාව එපා වෙනවා බන්. උන් දෙන පඩිය වගේ දෙගුණයක් වැඩ ගන්නවා ලු. බන් එහෙම් පිටින්ම ටාර්ගට් එකක් කවර් කරන්න ඕනේ නැත්නම් එදාට ඕටී නැතුව වැඩ කරන්නත් ඕනලු. අපේ අම්මත් කාලයක් ගාමන්ට් වැඩ කරපු කෙනෙක්. අම්මා කලේ ජුකී මැශින් ඔපරේටර් වැඩක්.
ReplyDeleteනැති බැරි කමටනේ යන්නේ. නැත්නම් ඔච්චර මැරෙන්න මොකටෑ යන්නේ.
අර කිව්වත් වගේ මාත් මේ දවස්වල ජොබ් එකක් හොයනවා කොච්චරවත් කන්න අඳින්න දෙන්න ගෙදරටම බරක් වෙලා හිටිය කාලේ මදෑ. එහෙම තව ඉන්න පුලුවනෑ.
ඒ හන්දම මාත් මේ දවස්වල නෙට් එකේ හිටන් ජොබ් හොයනවා. මේක තමයි එපාවෙන වැඩේ.
ඔය වගේ තැන් වල හෙන කට්ට තමා බං...
ReplyDeleteඅනේ හරිම දුකයි . ඔයාලගේ වටිනා කාලයනේ මේ නිස්කාරනේ ගෙවන්නේ..
ReplyDeleteකමක් නැහැ මල්ලි . ජිවන සරසවියෙන් දවසකින් ඉගෙන ගන්න පාඩම් කැම්පස් ගිහින් අවුරුද්දකින් වත් ලබාගන්න බැහැ. මෙහෙ ඕනෑම කඩයක රෙස්ටුරන්ට් එකක ටිකක් ඉංග්‍රීසි පුළුවන් ළමයෙක් ගෙන් අහල බැලුවොත් එයාල කැම්පස් යන අය. මගේ උදව්වට ගෙදරට ආපු ළමය හවස කැම්පස් යනවා.
ReplyDeleteගෙදරට වෙලා නිකං ඉන්නේ නැතුව කීයක් හරි හොයාගන්න හිතුන එකනම් හොඳා කසුන් මලයෝ... ඒත් ඔය ගාමන්ට් කේස් නම් හැමෝටම බෑ. අපි වගේ IT කාරයින්ට නම් කොහොමත් බෑ. ඒත් උත්සාහය අගය කරනවා. ඒ වගේම මේක පෝස්ට් කළ එකටත් ස්තුතියි. එතකොට මේක කියවන අයත් දැනගනීවී ‘ගාමන්ට් කෑලි‘ කොච්චර කට්ටක් කනවද කියලා ?
ReplyDeleteuba jivithe terun ganin! aththatama bnn un maara widiyata ahinsaka kello kollo huuran kanne! :) ube kathawe thiyana e kathawata man godak kamathie
ReplyDeleteoya vage experience ekak hamoma jeevitheta ganna one ethakota thamay yatharthaya therum ganna puluwan venne.
ReplyDelete@deeps
ReplyDeleteඅනේ මම සෑහෙන ට්‍රයි කලා අන්තර්ජාලෙන් ජොබ් කෑල්ලක් හොයා ගන්න. බැරි වුනා නෙ. සයිට් දෙක තුනක රෙජිස්ටර් උනත් එක්ක. ඒ වුනාට ජොබ් එකක් සෙට් කරගන්න බැරි වුනා. ඒක ඇත්ත, ඒ වගේ කට්ටක් කන්නම ඕන ඒකෙ අමාරුව තේරෙන්න.
@චතුර
මම oDesk වල රෙජිස්ටර් වුනා බං. ඒ වුනාට ඇප්ලයි කරපු එකක් වත් ආවෙ නෑ නෙ. දෙකක් විතර ආව ඒ දෙකත් oDesk වලින් අයින් කරා.
ඇහුවත් වැඩක් නෑ බං, ඒක හරියට දැනෙන්නෙ ඒක විඳින්නම ඕන.
@නදී
බිස්කට් කම්පැනි වලත් ඔහොමයි. ඕන තරම් කන්න පුලුවන්ලු, හැබැයි ගේන්න දෙන්නෙ නෑ. ඒවයෙ ගෙවන්නෙ මීටත් වඩා අඩුවෙන් මම හිතන්නෙ.
@මධුරංග
ඇත්තටම වෙන කරන්නම දෙයක් නැත්තන් තමයි බන් කවුරු හරි ඔය වගේ ජොබ් එකකට යන්නෙ.
ඔව් බං, අම්ම තාත්ත කියල හැමදාම ඒ මිනිස්සුන්ගෙන් කාලා ඇන්දල ඉන්න බෑ නෙ.
නෙට් එකේ ජොබ් හොයන එක නම් ලේසි නෑ ගොයියො.
@Prasanna
කට්ට කියන්නෙ ඒක නම් ලොවෙත් කට්ට බං. ඒ වුනාට මම දන්න එකෙක් දවස් 10ක් එකදිගට නයිට් ශිෆ්ට් එකට ගියා.
@Gimhani
ReplyDeleteඒව කාටවත් ගානක් නෑ ගිම්හානි. හැමෝම බලන්නෙ තමන් ගැන විතරයි. ඒකෙන් අපිට වෙන හානිය ගැන කවුරුවත් හිතන්නෙ නෑ.
@Bindi
ඒක ඇත්ත අක්කෙ, ඒ පැය දොලහෙන් ඉගෙන ගත්ත දේ වෙන මොන විදියකින් වත් ඉගෙන ගන්න බෑ.
මම දන්න කැම්පස් ලමයෙක් ඉන්නව එයා හොටෙල් වල අරක්කු සර්ව් කරන්න පවා ගිහින් තියනව.
@චතුරංග පෙරේරා
ඒක ඇත්ත අයිය, ඇඟ මහන්සි කරල වැඩ කරල පුරුදු නැති අයට ඒ වගේ තැනකට ගියාම අනාථයි. ගාමන්ට් කොල්ලො කෙල්ලො කන කට්ට නම් කියල වැඩක් නෑ අයියෙ.
@මාධව
ඇත්තටම ගාමන්ට් කාරයො උන්ව හූරගෙන කනව බං. ඔය වෙන මහන්සිය පොඩියට හරි තමන්ගෙ කියල බිස්නස් එකක් පටන් අරන් ඒකට යෙදෙව්වොත් කිසි කතාවක් නෑ හොඳ තැනකට එන්න පුලුවන්.
@Jayanthi
ඔව් ඒක ඇත්ත. ඔය අම්මල තාත්තලගෙ සල්ලි කාබාසිනිය කරන ළමයින්ව නම් බලෙන් හරි දවසක් ඔය වගේ තැනකට යවන්න ඕන රඟේ තේරෙන්න.
ඔන්න ඔය සංගදිය හින්ද තමයි සුද්දෝ ඔය කරුමාන්තේ දුප්ප්පත් රටවලට පටවල තියෙන්නේ.. සුරාකන්න .. හොඳ ලුහු කර්මාන්ත ඔක්කොම මැලේසියාව වගේ රටවලට යද්දී අපේ ගොන් රජවරු ඔය මගුල තමයි ලංකාවට ගෙනාවේ..
ReplyDeleteකස්සො.... ඔස්ට්‍රේලියා ගිය අපේ උන් එහෙ බාත් රූම් හෝදනවා නම් පාට් ටයිම් විදිහට....ඕවා මොනාද ?
ReplyDeleteකැම්පස් ඉන්න කාලේ මාත් පාට් ටයිම් ජොබ් කලා. ඉස්සරවෙලාම කිරිබත් ගොඩ ටවුන් එකේ සරු කඩවල් වල බුක් කීපින් කලා.. ඒක ලැජ්ජාවක් නෙමේ නෙ. නිකම් කාලෙ කනවට වඩා... නේද ?
ගාර්මන්ට් විතරක් නෙමේ. ඕනෙම තැනක පෞද්ගලික අංශයේ රැකියාවක් කලොත් කට්ට් කන්න වෙනවා. ඒක තමා ඇත්ත
අනේ කසුන්..ඔයාට පෝස්ට් එකක් දාන්න කිව්වට..මෙහෙම දුක් විදපු බවක්නම් බලාපොරොත්තු වුන් නෑ යාලු..ගොඩක් දුක හිතුනා.. ඔයා දුක් වෙන් එපා..ඉක්මනටම හැම දේම විසදෙයි..මගේ දුක සැප බලන යාලුවගේ දුක සැප බෙදා ගන්න මේ යාලු ඉන්නවා..හිනා වෙලා ඉන්න..
ReplyDeleteපිටරට වල (ඕස්ට්‍රේලියාවත් ඇතුලුව) න්න ඉගෙන ගන්න අයගෙන් ගොඩක් අය කරන්නේ ඔය ක්ලීන් ජොබ් එක තමයි. හැබැයි හූරා කෑමක් වගේ දෙයක්නම් වෙන්නේ නෑ. පැයකට $20ක් විතර හම්බවෙනවලු ගොඩක් තැන් වල. එයාලා රෑ එළි වෙනකන් වැඩ කරනවා. ගොඩක් අය එයාලගෙ university fees ගෙවන්නේත් එහෙම හම්බකරල, ලංකාවෙන් එවනකන් බලන් ඉන්නේ නෑ.
ReplyDeleteමෙහෙ ස්කෝල වලත් 12 වසර විභාගෙට 20%ක් දෙනවා පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවනම්. ඉතිං ගොඩක් ලමයි අවු. 14 ඉදන් වගේ ජොබ් කරල තමන්ට කීයක් හරි හොයා ගන්නවා...
මේ දේ ඔයාලට කරපු උන්ට වැහි නැති හෙන ගහනවා.හරිම දුකයි ඔයාලා ගැන.. :(
ReplyDelete@සරත් ලංකාප්‍රිය
ReplyDeleteඒ කතාවත් ඇත්ත අයියෙ. ඔහොම ලෙඩ තමයි ලංකාවට එන්නෙ. හැබැයි ගාමන්ට් කාරයො නම් ඇති වෙන්නම සල්ලි හම්බ කරනව ඒ වැඩෙන්.
@දිල්
ඔව් අක්කෙ එහෙම රස්සාවක් කරන එක ලැජ්ජාවක් කියල නම් හිතන්න ඕන නෑ. හැබැයි ඉතින් මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කොල්ලො කෙල්ලොන්ගෙ ශ්‍රමය සූරගෙන කනව, ඒකයි වැරැද්ද.
@අසනි
ඒ වචන ටිකම ලොකු හයියක් අසනියේ. දුක සැප දෙකම බෙදාගන්න යාලුවො ලඟ ඉන්නව නම් ඊට වඩා දෙයක් නෑ.
@තාරක
ඔව් සහෝ, දියුනු රටවල් වල මොන රස්සාව කලත් සාධාරන පඩියක් ලැබෙනව. අපේ එකෙක් ඇමරිකාවෙ ඉන්නව, ඉගෙන ගන්න ගිහින්. මිනිහ සිගරට් කඩේක වැඩ කරනව. මිනිහට මාසෙට $1200ක් ලැබෙනව. මේ අපේ වගේ රටවල් වල තමයි ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ.
@පිස්සු පුසා
ඒකනෙ බලන්නකො..:) ස්තූතියි සටහනක් එක් කලාට.
අයියෝ.... හරිම දුක හිතුනා මේක කියවලා... මේ තරම් දුක් විඳින්න වෙනවනෙ... අපි නොදන්නවට තව මිනිස්සු කොයිතරම් දුක් විඳිනවා ඇත්ද රු.500 ක් වත් හොයගන්න...
ReplyDeleteදුක හිතුනා... හැමදේම හොදට වෙයි අයියා...මෙහෙම දුක සතුට බෙදාගන්න එකත් ඔයාට වටිනවනෙ..
ඔයාට පැහැදිලි අනාගතයක් තියෙනවනේ. කවද හරි හොද ජොබ් එකක් ලැබෙනවනේ. ඒ ඇන සතුටු වෙන්න. අතීතේ ගොඩක් දුක් වදලා තියෙන මිනිස්සුන්ගේ අනාගතේ ගොඩක් සුන්දරයිලූ. මං ඒක අදහනවා. හැමදාම. මමත් නොකරපු ජොබ් එකක් නෑ. කොච්චර ඉගෙන ගත්තත් අපි හිතන තැනට යන්න බැරි වෙන වෙලාවල් එනවා. මොනවා කරන්නද? මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් A/L පස්සේ අම්මගෙන් සල්ලි ඉල්ලුවේ නෑ. මොකද අම්මා ඒ වෙනකොට අපි වෙනුවෙන් සෑහෙන්න දුක් වින්දා. දෙයියනේ කියලා අද මම මගේ වියදමත් හොයාගෙන අනිත් යටත් උදව් කරනවා. ඒක මගේ හිතේ තිබුනු හයිය නිසා ගොඩනගා ගනිපු තැනක් කියලයි මං විශ්වාස කරන්නේ.
ReplyDeleteහැමෝම දුක් විඳිනවා මල්ලි හම්බකරන්න. ඇඟ වෙහෙසලා හෝ මොලේ වෙහෙසලා. ඔය මුකුත්ම නොකරත් සල්ලි හම්බ කරන උන් ඉන්නවා. ඒත් අමාරුවෙන් හම්බකරන මුදලක තමා වටිනාකම තියෙන්නෙ.
ReplyDeleteඅම්මෝ...රුපියල් 700 කට ඔච්චර කට්ටක්... ඕක හැමදාම කන එව්වොත් ඇති නේ... හ්ම්ම්... ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු විදින දුක කියල හිතෙනවා... ඇත්තටම ගාමන්ට් වල පොඩි පඩියකට කී දෙනෙක්ගෙ ශ්‍රමය හූර කනවද... මිනිස්සුන්ගෙ අසරණ කම තමා...
ReplyDeleteඒත් දෙමව්පියන්ට බරක් නොවී කීයක් හරි හොයා ගන්න හිතුන එකත් ලොකු දෙයක් මචන්
@හිතුවක්කාරි
ReplyDeleteඔව් නගෝ, ඕක බොහොම පොඩි දෙයක් විතරයි. සල්ලි හොයන්න ඔයිටත් වඩා තරම් මහන්සි වෙන මිනිස්සු තව කොච්චර නම් ඉන්නවද.
@batti
ඔව් සහොදරී, පුලුවන් තරම් ඉක්මනට අම්මල තාත්තලාට බරක් නොවී ඉන්න පුලුවන් තත්ත්වෙට එන එක තමයි හොඳ. හිතේ හයිය තියනව නම් ඒක කරන්න පුලුවන්.
@පිණිබිඳු
ඒක ඇත්ත අක්කෙ, අමාරුවෙන් සල්ලි හොයා ගත්තම තමයි ත්‍රිල් එකක් තියෙන්නෙ.:) අපේ ගොඩක් උන්ට ට්‍රේනින් හිටපු තැන් වල පාට් ටයිම් වැඩ සෙට් වුනා. මට නෑ නෙ.:(
@පිස්සා පලාමල්ල
ඒ අසරණ කමෙන් තමයි බං මිනිස්සු ප්‍රයෝජන ගන්නෙ. ජීවිත කාලෙම ඔය වගේ මහන්සි වෙන මිනිස්සු කොයිතරම් ඉන්නවද?
:( :( :( :(
ReplyDelete@StArry aNgeL
ReplyDeleteමොනව කරන්නද? දුක තමයි ඉතින්
කසුන්,
ReplyDeleteමේක කියවලා නම් මට මාර අප්සෙට්. පොඩි දෙයක් කියන්නම් ඇයි ඔයා ටියුෂන් එකක් කරන්න බලන්නෙ නැත්තෙ? ඔයා කැම්පස් කොල්ලෙක්නෙ. ඔයා කරන සබ්ජෙක්ට් නම් මම දන්නෙ නෑ. කොහොමත් ඔයාට පුලුවන් ඔයා දන්න සබ්ජෙක්ට් ටියුෂන් දෙන්න. මුලදි ලොකුවට බැරි වුනත් ළමයි 10 දෙනෙක්ගෙ විතර ගෲප් ක්ලාස් එකක් කරන්න බලන්නකො. පොඩි ළමයින්ට ගණිතය, ඉංග්‍රීසි, සිංහල, වගෙ දේත් සති අන්ත වල කරන්න පුලුවන්නෙ. මහා පරිමානයට යන්න එපා. මොකද ඔයාගෙ ඉගෙනීමට බාදා වෙන්න පුලුවන් නිසා.
henryblogwalker aka Dude
@Dude
ReplyDeleteමම ඔය ගැන කල්පනා කලා අයියෙ, ඒත් මට බෑ කියල හිතුන. එහෙම දෙයක් පටන් ගන්නව කියන්නෙ ලොකු වගකීමක් නෙ. ළමයෙක්ගෙ අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න බෑ නෙ. මට එච්චර වගකීමක් ගන්න බයයි. අනිත් එක උගන්නන වැඩේ මට හරියන්නෙ නෑ. කාටහරි දෙපාරක් විතර දෙයක් කියල දීල තේරුනේ නැත්තන් මට මළ පනිනවා. :D
හ්ම්ම් ඔහොම කොච්චර අය ලංකාවේ ඉන්නවා ඇත්ද තව
ReplyDelete