"කෝ ඉතින් කට අරින්නකෝ."
"අනේ ඇති අනේ."
"නෑ නෑ, මේ ටිකත් කන්න ඕන."
"අයියෝ දැන් බඩ පිරිල ළමයෝ."
"මේ චුට්ටත් කන්නකො පැටියො."
"අයියො කාට කියන්නද ඉතින්?"
"එහෙම තමයි මම කවනකොට, ඔක්කොම කන්න ඕන."
"අපරාදෙ කවන්න කිව්වෙ. තනියම කෑව නම් ඉවරයි."
ඇයගෙ මූන වෙනස් වූයේ මා බලා සිටියදීමය. මෙතෙක් වේලා ඇයගෙ මුව සැරසූ සිනහව කොහෙන් ගියාද නැත. හොඳින් අනා තිබූ බත් කට පිඟාන දෙස බලාගෙනම ඈ නැවතත් අනන්නට විය. මම කිව්වේ මෝඩ කතාවක් බව තේරුම් ගැනීමට එක මොහොතක් ප්‍රමානවත් විය.
"ඔන්න ඉතින්, කෝ මේ බලන්න."
මම ඇගේ මුහුණ මගේ දෙසට හරවා ගත්තද ඇය මා වෙතින් දෑස් ඉවතට ගත්තාය.
"තරහ ගියාද?"
"නෑ, දුක හිතුන."
"ඉතින් අනේ විහිලුවක්නෙ කලේ."
"විහිලු තමයි, උයල ඔක්කොම කරල, අනල කවල තව එක එක කතාත් අහන්න ඕන."
"අනේ කවුද සුදූ එක එක කතා කිව්වෙ?"
මම ඇයට ලංවී ඇයව තුරුලු කරගත්තෙමි.
"අනේ යන්න ඔයාගෙ බොරු ආදරේ."
ඇය එසේ කීවද ඇයද මට තවත් තුරුලු වී සිටියා මිස මගෙන් මිදීමට උත්සහ නොගත්තාය.
"හරි එහෙනම් ඔය ටිකත් කවන්නකෝ."
"නෑ මේ කටවල් දෙක විතරක් කන්නකො. ඒ ඇති."
ඒ බත් කටවල් දෙකත් කවා ඈ යන්නට සැරසුනාය. මම ඇගේ අතින් අල්ලා ඇගේ ගමන වැලැක්වුවෙමි.
"තරහ නෑ නේද?"
"නෑ." ඇය කීවෙ නැවතත් බොරු නෝක්කාඩුවක් ආරෝපණය කරගෙනය.
"එහෙනම් පොඩ්ඩක් හිනා වෙන්න."
"හ්ම්ම්."
ඇය යාන්තන් දසන් පෙන්නුවා පමණි.
"අනේ එහෙම බෑ. හොඳට හිනා වෙන්න ඕන. නැත්තන් ඉතින් කාපු ඔක්කොගෙන්ම වැඩක් නැති වෙනව."
"හ්ම්ම්."
එවර ඇය ආදරබර සෙනෙහෙබර සිනහවකින් මට සංග්‍රහ කලාය.
"දැන් හරිනෙ?"
"හ්ම්ම් දැන් හරි."
"මල කෝලං" මා වෙත දඟකාර බැල්මක් හෙලූ ඇය පිඟානත් රැගෙන ගෙතුලට ගියාය.
එකවරම මගේ දැහැන බිඳුනේ කාමරයට ඇතුලු වූ හෙදියගේ අඩි ශබ්ධයෙනි. මා වෙත අනුකම්පා සහගත බැල්මක් හෙලූ ඇය කෙලින්ම ගියේ හෘද ස්පන්දනය හා රුධිර පීඩනය සටහන්ව තිබූ පරිගණකය වෙතයි. ඇය එම තිරයෙහි වූ යම් යම් දේ සටහන් කරගත්තාය. සේලයින් බෝතලයට යම් ඖෂධයක් එක් කල ඇය ඉක්මනින්ම යන්නට හැරුනාය.
"නර්ස්"
"ඇයි මිස්ටර්?"
ඇය පිළිතුරු දුන්නේ මගේ මුහුණවත් නොබලා ඇගේ අතෙහි වූ බෙහෙත් තැටිය සකසමිනි.
"මෙයාට දැන් කොහොමද?"
"එයාගෙ පල්ස් නෝර්මල්, බ්ලඩ් ප්‍රෙශර් එක නෝර්මල්, ඒත් අපිට තවම...
ඇය කියන්න ගිය දෙය නොකියා ඉතුරු ටික ගිල ගත්තේ මගේ මුහුණ බලගෙන ඉතිරිය කියන්න බැරි නිසා විය යුතුය. මා බලාපොරොත්තු වන පිලිතුර එය නොවන බව ඇය දනී. නැවත මා කිසිවක් අසන්නට කලින් ඇය වහාම කාමරයෙන් පිට වූවාය.
ඇය නිශ්චලය. මා කුමක් කීවත්, කුමක් කලත් ඇයට ගානක් වත් නැත. දැන් සති තුනක් තිස්සේ ඇය දෑස පියාගත් වනමය. මා අසල දැවටී සිටීමට දැඩි ලෙස ඇලුම් කරන ඇය, මා සති තුනක් තිස්සේ ඇය අසලටම වී සිටියද ගානකට වත් ගත්තේ නැත. මට වෙනදා බලහත්කාරයෙන් බත් කවන ඇය, මා කෑවාද කියා බලන්නවත් හිස ඔසවන්නේ නැත. අඩුම තරමේ මා මෙතරම් ඇය ගාවට වී අඬන්නේ ඇයිද කියාවත් ඇය අසන්නේ නැත.
ආදරයෙන් කීප විටක් පරාද වූ පසු විවාහ යෝජනාවකින් විවාහ වීමට මා හිත හදා ගත්තේ වෙන කරන්නට දෙයක් නැතැයි මට සිතුනු නිසාය. විවාහ යෝජනාවකින් වන විවාහයක් තුල මා බලාපොරොත්තු වන ප්‍රමාණයේ ආදරයක්, සමීප බවක් බලාපොරොත්තු විය නොහැකිය යන මතය තදින්ම මගේ සිත තුල විය. මා විවාහ දිවියට එලඹියේ එම තත්තවයට හිත හදාගෙනය. නමුත් මා එල්බ ගෙන සිටි එම නිගමනය කොතරම් වැරදි දැයි මා විවාහ වූ දින සිට අවුරුදු දහයයි මාස තුනයි දින එකොලහක් යනතුරු, එනම් අද දින වන තුරුම මොහොතක් පසාම මට පසක් විය. මා ලැබිය නොහැකි වේ යයි සිතූ ආදරය මහා වර්ශාවක් මෙන් මා වෙත ඇදහැලෙන්නට විය. මා බලාපොරොත්තු වූ ආදරයට වඩා කෙතරම් ආදරයක් මා ඇය කෙරෙන් ලැබුවේද යත් මා ඊට පෙර ආදරයේ නාමයෙන් විඳි කටුක අත්දැකීම් කිසි දිනක යලි මතකයට නොආවේය. ආදරය කුමක් දැයි මා දැන සිටි තරමට වඩා, එය සැබවින්ම කොතරම් විශාල දැයි මට කියා දුන්නේ ඇයයි. ළාමක බව, බොළඳ බව, ගැඹුරු බව, පරිණත බව; මේ හැම එකක්ම ඇගේ ආදරය තුල විය. ඇගේ ආදරය හමුවේ මා පොඩි දරුවකු බවට පත් වීම මට කිසිසේත්ම වැලැක්විය හැක්කක් නොවූ අතර එය වැලැක්වීමට මට උවමනාවක්ද නොවීය. මට මොහොතක් වත් ඇය නොමැතිව සිටීමට නොහැකි තත්ත්වයකට පත් වන්නේ මෙවැනි පසුබිමක් තුළය. ඇය විදේශ ගතවී සිටි සති දෙකක කාලය මගේ ජීවිතයේ දීර්ඝම හා අමිහිරිම සති වූයේ ඒ නිසාය. කාර්යාළයේදී දිනකට හතර වතාවක් පමණ ඇයට ඇමතුම් ලබා ගන්නේත්, කෙටි පණිවිඩ පහළොවක් පමණ හුවමාරු වන්නේත්, රාජකාරි වැඩ ගෙදර රැගෙන විත් කරන දින වලදී මාගේ ලැප්ටොප් පරිගණකය රැගෙන ගොස් කුස්සියේ තබාගෙන වැඩ කරන්නේත් ඒ නිසාය.
"මොකද ළමයො ඔයා කරන්නෙ?"
"ඇයි?"
"මගේ දිහා බලාගෙන ඉන්නෙ?"
'ඇයි ඉතින් ඒක හොඳ නැද්ද?"
"හොඳ නැත්තෙ නම් නෑ. ඒත් ඔය වැඩේ ඉවර කරල හිටිය නම් හොඳ නැද්ද? නැත්තන් මහ රෑ තිස්සෙ නිදි කිර කිර තමයි ඕක කරන්න වෙන්නෙ. "
"මම වැඩේ කර කර තමා ඉන්නෙ"
"මම බලාගෙන හිටියෙ දැන් ගොඩක් වෙලාවක් තිස්සෙ වැඩේ කරන හැටි. මගේ දිහා බලාගෙන ඉන්නව මිසක් වැඩක් නම් කලේ නෑ."
"ඔයාගෙ තමයි වැරැද්ද?"
"අනේ මම කරපු වැරැද්ද මොකක්ද?"
"ඔයා ලඟ ඉන්නකොට ඔයා දිහා බලනව ඇරෙන්න වෙන වැඩක් කරන්න හිතෙන්නෙ නෑ නෙ"
"ඔව් ඔව්, මේ මහ බබාව මෙච්චර හුරතල් කරන එක තමයි මගේ වැරැද්ද. මම පොඩි එකාව වත් ඔච්චර හුරතල් කරන්නෙ නෑ"
"හ්ම්ම්, එහෙනම් මීට පස්සෙ හුරතල් කරන්න එපා." මම බොරු දුකක් මවා ගතිමි.
ඇය තම අත තිබූ අල ගෙඩිය පසෙකට දමා වහාම මා වෙත පැමිණ මා සිටි බංකුවේ කොනකින් වාඩි වූවාය.
"මොකද මේ මූන දෙක කරගත්තෙ? අයියෝ, වචනයක් වරදින්න බෑ."
ඇය මගේ බඳ වටා අත යවමින් මා බදාගත්තාය.
"මගේ පැටියව මම හුරතල් කරන්නෙ නැතුව වෙන කවුරු හුරතල් කරන්නද."
මමද ඇගේ හිසට මගේ හිස හේත්තු කරගත්තේ ඇය ඉක්මනින් නැගිටීවි යන බියෙනි.
"මිස්ටර්.... මිස්ටර්"
"අහ් ඇයි... ඇයි නර්ස්?"
"ඩොක්ටර් ඔයාට පොඩ්ඩක් එන්න කිව්ව."
.................................................................................................................................................................
ප.ලි. ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය දවස් වල ගොඩක් වැඩ තිබුන. දැන් තමයි නිදහසක් ලැබුනෙ. ඒත් ලියන්න කියල විශේෂ දෙයක් මතක් වුනේ නෑ. ගොඩක් අය කතා ලියන නිසා මටත් ආස හිතුන පොඩි කතාවක් ලියන්න. කලිනුත් එකක් ලියල තියනව නෙ. ඒත් ඒක ලියපු තරම් ලේසියෙන් මේක ලියන්න බැරි වුනා. ගොඩක් අයාසයෙන් තමයි මේක ලිව්වෙ. සාර්ථකද කියල නම් දන්නෙ නෑ. අනේ මේක කියවන අය වැරද්දක් අඩුපාඩුවක් තියනව නම් කියල යන්න. එතකොට මට ඊලඟ පාර හදාගන්න පුලුවන් නෙ. ලියාගෙන යනකොට හිතුන එක පාරකට දැම්මොත් දිග වැඩි වේවි කියල. එක නිසා එක කොටසක් දැම්ම.
මුළු රටම එක මිටට
2 weeks ago
යාළුවා හරිම සුන්දර කතාවක ආරම්භයක්.. ඊළග කොටසත් ඉක්මනට දාන්න..
ReplyDeleteනියමයි කසුනෝ. ලස්සන කතාවක් ලියන්න පටන් අරන් තියෙන්නේ. නියමයි නියමයි. මේ වගේ ආදර කතාවක් කියවලා හරි රසවිදින්න තියෙනවනම් නියමයි.
ReplyDeleteමේ ලෝකේ කොහේ හරිත් මේ වගේ ආදර කතා ඇති නේ. ඉක්මනට ඊලග කතාවත් දාන්න. කියවන්න බලාගෙන ඉන්නේ.
ගොඩ කාලෙකින් ලිව්වේ නෑ කිව්වට මොකෝ ඒ ඔක්කෝටම හරි යන්න හොද කතාවක් ලියලා තියෙන්නේ. එල එල
ලියමු ලියමු....හිතට වදින විදියට ලස්සනට ලියලා තියනවා...ඉතුරු ටිකත් ඉක්මනට දාන්න අපි බලන් ඉන්නවා.
ReplyDelete@Dinesh
ReplyDeleteමම මේ ඉතුරු ටික ගැට ගහගන්න හෙනම ගේමක් දෙනවා.
@මධුරංග
උඹ හොඳයි කිව්වට බං වැඩේ එච්චර හරි ගිහින් නෑ වගේ. එච්චර ප්‍රතිචාර නෑ නෙ.
@අසoක
ස්තූතියි සහෝ! ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම්.
අඩේ එහෙම නෙමෙයි කසුනෝ. පඩුවන් බස්සා එලි බහින පට්ට පාන්දර පෝස්ට් දාන්නේ නැතුව උදෙ 8ට නමයට විතර දාපන්කෝ. එතකොට කමෙන්ට් වැටෙයි නේ.
ReplyDeleteඋදේ පාන්දරම දාපුවාම පෝස්ට් ගොඩ වෙද්දි සින්ඩි වලින් පහලටම යනවා. ඒ නිසා සමහර අයට පේන්නේ නෑ.
දෙයියනේ මේක ඇත්ත කතාවක් නම් වෙන්න එපා. මෙච්චර ආදරයක් තිබිලා ඒක නැති වෙන්න නම් එපා.
ReplyDelete@පිණිබිඳු
ReplyDeleteනෑ නෑ ඇත්ත කතාවක් නම් නෙමෙයි.
මේක නම් හිතලා ලිව්ව එකක් කියල කියන්න බෑ... මාරම ගති.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ තියෙන්නේ කසුනෝ කමෙන්ට්ස්.කෝ සහෝ සිංහල බ්ලොග්‍ගර් එකට දාලා නෑ නේ. ඒකටත් දාමූ !!!!!
ReplyDeleteමෙන්න ඒකට ලින්ක් එක
තව එකක් හත්මාලුවෙත් නෑ. සින්ඩියේත් නෑ. ඒ දෙකටත් දාමු.
ReplyDelete@මධුරංග
ReplyDeleteසිංහල බ්ලොගර් එකට දැම්ම බං, මගේ එක අරගෙන නෑ. හත්මාලුවටත් දැම්ම ඒකත් හරි ගියේ නෑ. සින්ඩියේ නම් ඉන්නව. ඒකෙ බැනර් එකක් නෑ. අර දෙකට ආයෙත් දාල බලමු.
@prasanna86k
ReplyDeleteතැන්ක් යූ අයියා
මචෝ උඹව දන්නෙත් මගේ බොලොක්කෙ දාපු කමෙන්ට් එකෙන්..... කතාව ගැන මම වැඩිය කියන්නේ නැහැ.... මෙච්චරයි මුලු කතාවටම කියන්නේ විශිෂ්ඨයි මචං.... කසුන්ට හිතෙන හැටි.......
ReplyDelete@අපරාජිතයා
ReplyDeleteබොහොම ස්තූතියි මචෝ! ගොඩක් කාලෙකින් ලියන්න ගත්තෙ. ඒකයි කමෙන්ට් එකට රිප්ලයි කරන්න පරක්කු වුනේ.
කසුන් අයියා ..බොහොම කැතයි වැඩේ..මගේ හිතේ තිබුන කතාව ලිවුවා නේද..?:P:P... just kidding...හෙ..හේ.. ඔය මම ආසම මතෘකාවක් අයියා... ඔයා හරි ලස්සනට ලියාගෙන යනවා.. කියවන්න හරිම ආසයි..
ReplyDelete@ප්‍රාර්ථනා
ReplyDeleteස්තූතියි නංගී. මාත් ගොඩක් ආස මාතෘකාවක් මේක.
අනේ ගොඩාක් ලස්සනට ලියලා තියෙනවා :)
ReplyDelete