ඔන්න කැම්පස් පටන් ගන්නවලු. මෙච්චර දවස් බැන බැන හිටියට දැන් නම් යන්න කම්මැලියි වගේ. තව ටිකක් ස්ට්‍රයික් එක තිබුන නම් හොඳයි කියල හිතෙනව. මේ සෙමෙස්ටර් එකේ නම් කොට්ටෙකුත් අරගෙනම තමයි ලෙක්චර්ස් යන්න වෙන්නෙ. ඇයි දෙයියනේ මෙච්චර දවස් ගෙදර ඉඳල කොහොමද ලෙක්චර්ස් වල ගිහින් ඉන්නෙ? අදත් මොකක් හරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම බැරෑරුම් මාතෘකා ගැන නෙ කතා කලේ. මට හිතුන මගේ ජීවිතේ මම මූන දීපු අත්දැකීම් ගැනත් අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන් නම් හොඳයි කියල. අත්දැකීම් කිව්වට ඉතින් චාටර් සිද්ධි තමයි තියෙන්නෙ. අද මේ කොටන්න යන්නෙ මම ට්‍රේනින් කාලෙ වුන සිද්ධියක්.
මම ට්‍රේනින් හිටියෙ විශාල පරිමාණයේ ආයතනයක. ඒකෙ අංශ ගනනාවක්ම තියනව. අපේ බැච් එකේ හතර දෙනෙක්ම ඒකෙ ට්‍රේනින් හිටිය. කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි. මම හිටපු අංශයේ මාත් එක්ක අනිත් හිටියෙ කෙල්ලෙක්. ඒකි තමයි කතා නායිකාව. අපි කියමු එයාට නිශාදි කියල. අපි ඉතින් ලන්ච් ටයිම් එකට හතර දෙනාම සෙට් වෙලා තමයි කෑම කන්නෙ. ඉතින් කනකල් මායි අනිත් කොල්ලයි කරන්නෙ අරුන් දෙන්නව බයිට් කරන එක. උන් දෙන්නත් කිසි අවුලක් නෑ. උන් දෙන්නගෙත් හොඳ කටවල් දෙක, උන් දෙන්නත් අතාරින්නෙ නෑ. කොහොම හරි අපි මාරම ෆන් එකේ හිටියෙ. ඒ මගේ සෙක්ශන් එකේ හිටපු කෙල්ල එක්ක ඊට කලින් මම වචන දහයකට වැඩිය කතා කරල නෑ මම හිතන්නෙ. ආපු දවස්වල කාගෙත් නම් ගම් විස්තර අහගන්නවනෙ සින්නො ඇහුවම කියන්න. එහෙම කතා කලාට පස්සෙම මම කතා කරල නෑ ඒ කෙල්ල එක්ක. ඒ වුනාට ට්‍රේනින් ගියාට පස්සෙ ඒකටත් එක්ක හරියන්නම කතා කලා. ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට (වැඩියම තිබුනෙ එහෙම වෙලාවල් තමයි.) අපි දෙන්නගෙ වැඩේ මොකක් හරි බයිලයක් කියව කියව හිනා වෙන එක. (පසු කාලීනව 'ටක් ටුක් ටික්', 'කොටු කැපීම' වගේ ළමා ක්‍රීඩාත් ඒකට එකතු වුනා.) ඒ සෙක්ශන් එකේ තුන්වෙනියට ඉන්න සර් ඉන්නෙ අපේ ලඟම අපේ පැත්ත බලාගෙන. පස්සෙ ඒ මනුස්සයවත් ගානක් නැතුව ගියා. ඒ කෙල්ල අනිත් කෙල්ලො වගේ පොඩ්ඩ ඇත්තන් බුම්මගන්නෙ නෑ. විහිලු හොඳට තේරෙනව. ඒක නිසා මාත් කටට එන ඕන දෙයක් කියන්න පුරුදු වෙලා හිටියෙ.

හරි දැන් සිද්ධියට එමුකො. ඒකෙ හිටීගමන් එක එක දේශන තියනව. එක එක මාතෘකා ගැන. ටෙක්නිකල්, මැනේජ්මන්ට්, පොසිටිව් තින්කින් වගේ දේවල්. එක ඔය කියන දවසෙ තිබුනෙ පොසිටිවි තින්කින් ගැන දේශනයක්. අපේ ට්‍රෙනීස්ලට කියල තිබුනෙ ඕන දේශනයකට කැමති නම් යන්න කියල. ඉතින් එදා එකටත් අපි හැමෝම ගියා. එදා දේශනේ ගොඩක් ඉන්ටරෙස්ටින්. ඒක කරපු සර්නුත් ගොඩක් ආස හිතෙන විදියට කියල දුන්න. මම එතන තිබුන දේශන වලින් නිදා ගන්නෙ නැතුව ඔක්කොම අහගෙන හිටපු එකම දේශනේ ඒක. ඔහොම යනකොට ටික වෙලාවකින් මෙන්න මේ පහලින් තියන ෆොටෝ එක තියන ස්ලයිඩ් එකක් දැම්ම.
(ගූගල් ඉමේජ් වලට පින්සිද්ද වෙන්න 'cat in front of mirror' කියල ගහපු ගමන් මේක හොයා ගන්න පුලුවන් වුනා.)
දාල කිව්ව "අපි ඇත්තටම කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ, අපි ගැන අපි හිතාගෙන ඉන්න විදියයි වැදගත් වෙන්නෙ" කියල. ඒ කියන්නෙ සරළව කිව්වොත්, අපි අපේ ගැන ඉහලින් හිතන ඉන්න තරමට අපිට වැඩි වැඩියෙන් ඉහලට යන්න පුලුවන් කියන එකනෙ. මම අර කෙල්ලට ඔයිට කලින් විහිලු කර කර හිටියෙ ඒකි තමන්ගෙ ගැන හෙන ලොකුවෙන් හිතාගෙන ඉන්නෙ කියල. ඔන්න ඉතින් ඒ වෙලාවෙ මගේ කට කහන්න ගත්ත. අපේ සෙට් එකේ මම හිටියෙ කොනේම. මගේ ගාව අනිත් කොල්ල, ඊලඟට මගේ සෙක්ශන් එකේ කෙල්ල, ඊටත් එහා අනිත් කෙල්ල. මම ඉතින් ඉස්සරහට නැමිල අරකි දිහා බැලුව. ඒකිත් මම කියපුව මතක් වෙලාද කොහෙද මගේ පැත්ත බලාගෙන හිටියෙ. මම කිව්ව, "ඔන්න, උඹ වගේ ඩයල් එකක්. උඹත් ඔය වගේ හෙන ලොකුවෙන් නෙ හිතාගෙන ඉන්නෙ" කියල. ඒකි මට ඔරවල ඉස්සරහ බලාගත්ත. ඔහොම ඉඳල ඊට පස්සෙ දවසෙ කන වෙලාවෙ මම ආයෙත් ඔය කතාව ඇදල ගත්ත. ඒ වෙලාවෙ නම් ඒකි හොඳටම බයිට් වුනා. එදා හවස හොඳටම වැඩ සෙට් වුනා. ඔලුව උස්සගන්න බැරි තරමට වැඩ වැටුන. වැඩ කර කර ඉන්න ගමන් ඒකි එක පාරට කිව්ව මට දෙයක් කියන්න තියනව කියල. ඊට පස්සෙ එක්කො ඕන නෑ කියල නිකන් හිටිය. වැඩ හිර වෙලා තිබුන නිසා මමත් ආයෙ අහන්න ගියේ නෑ. ඊට පස්සෙ දවසෙ එච්චර වැඩ තිබුනෙ නෑ. දැන් මේකි ටිකක් අවුල් වගේ. මාත් එක්ක වැඩිය කතා කරන්නෙත් නෑ, හිනා වෙන්නෙත් නෑ. මට අවුලක් තියනව කියල මීටර් වුනා, ඒත් මම අහන්න ගියේ නෑ. හවස ආයෙත් මේකි කිව්ව "මට ඔයාට දෙයක් කියන්න තියනව" කියල. මම කිව්ව කියන්න කියල. ඊට පස්සෙ ආයෙත් නොකිය ඉන්න හැදුව. මම කිව්ව " නෑ නෑ කියන්න ගිය දේ කියන්න" කියල.
"මම ඔයා හිතාගෙන ඉන්න විදියෙ කෙනෙක් නෙමෙයි කසුන්."
මට දැන් විකාරයි මොනවද මෙයා කියන්නෙ කියල.
"මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතාගෙන හිටියෙ නෑ." එහෙම කියනකොටම මේකිට ඇඬුන. මට එතකොට තමයි සීන් එක මීටර් වුනේ. මම දැන් කරකවල ඇතෑරිය වගේ.
"මම මගේ තරම හොඳට දන්නව. මම ඊට වැඩියෙන් මගේ ගැන හිතගෙන ඉන්නෙ නෑ. මට එහෙම ඕනත් නෑ."
දැන් මේකි කියව කියව අඬනව. මට කරගන්න දෙයක් හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නව. මහ පාරක වගේ වුනානම් වාහනයකටවත් පනින්න තිබුන. දැන් මට හොඳටම අප්සට්. ඊටත් වැඩිය අනිත් අයට ඇහුනොත් අපි දෙන්නටම හරි නෑ නෙ. කම්පියුටර් ඇසිස්ටන්ට් අක්ක ඉන්නෙත් අපි ඉන්න තැනට චුට්ටක් එහායින්. ඒ අක්කට මේකි අඬන සද්දෙ ඇහිල. එයා ඉන්නෙ අපිට පිටුපාල. දැන් එයාත් හැරි හැරී බලනව. මේකි තවත් ලේන්සුවෙන් මූන වහගෙන අඬනව. ඔයිට වැඩිය හොඳයි පැත්තකට එක්කගෙන ගිහින් මට ගැහුව නම්.
මම කිව්ව "අයියෝ, මම ඒක විහිලුවට කිව්වෙ. හරි හරි දැන් ඒක ඉවරයි" කියල. වැඩිය මොනවත් කියන්න ගියේ නෑ, අඬන වෙලාවට හිත හදන්න ගියාම තවත් ඇඬෙනව නෙ, ඒක නිසා. කොහොමහරි ශේප් එකේ ඇඬිල්ල නැවතුනා. අම්මෝ එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. අර අක්කට විතරයි වැඩේ මාට්ටු. අර අපි දෙන්න ලඟම ඉන්න සර් වෙලාවට ඒ වෙලාවෙ හිටියෙ නෑ. ඒ මනුස්සය ඒ වෙලාවෙ හිටිය නම් මම ආයෙත් එතන ට්‍රේනින් යන්නෙ නෑ.

කොහොමහරි මට වුන දේ ගැන ගොඩක් දුක හිතුන. කවදාවත් විහිලු කලාට තරහ යන්නෙවත් නැති කෙල්ලට ඇඬුන කියන්නෙ ගොඩක්ම හිත රිදිල වෙන්න ඕන නෙ. ඒකයි මට ගොඩක්ම අප්සට්. ප්‍රයිමරියෙන් අයින් වුනාට පස්සෙ මම විහිලු කරල කෙල්ලෙක් ඇඬුවමද කොහෙද. මම සාමන්‍යයෙන් කවුරුහරි අප්සට් වේගෙන වගේ එනව නම් ටක් ගාල විහිලු කරන එක නවත්තනව. ඒත් මෙයා එහෙම අවුල් යන්නෙ නැති නිසා මෙයට මම ඕන තරම් විහිලු කරනව. මට හිතාගන්න බැරි ඇයි මේ කතාවට විතරක් එච්චර අවුල් ගියේ කියල.
අපි දෙන්නම එකම මේසෙ දෙපැත්තෙ මූනට මූන බලාගෙන ඉන්නෙ. කොහොමහරි ඊට පස්සෙ දවස් ගානක් යනකල් මම ඒකි දිහා ඔලුව උස්සල බැලුවෙවත් නෑ. බලන්න පුලුවන් කමක් තිබුනෙ නෑ ඇත්තටම. ඒකිත් ඊට පස්සෙ වැඩිය කතා නෑ. ඔෆීශියල් වැඩ වලට විතරයි ඊට පස්සෙ කතා කලේ. කන්න ගියාම උනත් අනිත් කෙල්ලට විහිලු කලොත් මිසක් මේකි ගැන වචනයක් වත් කිව්වෙ නෑ. ඒ දවස් ටිකේ ඔෆිස් එකේ ඉන්න එක නම් මාරම බෝරින් වෙලා තිබුනෙ. හැබැයි ඉතින් වැඩි දවසක් ඔහොම හිටියෙ නෑ. අපි දෙන්නටම කට පියාගෙන ඉන්න හරි අමාරුයි. ආයෙත් ටික ටික කතා කරන්න ගත්ත. ඊට පස්සෙ දවස් දෙක තුනකින් සාමාන්‍ය තත්ත්වෙට ආව. ඊට පස්සෙ මම ඇහුව "එච්චර සීරියස් ගන්න තරම් මොකක්ද වුනේ? මම විහිලුවක්නෙ කලේ" කියල. ඒකි කියනව "ඔයා විහිලුවට නෙමෙයි ඒක නම් ඇත්තටමයි කිව්වෙ" කියල. මම කිව්ව එහෙම එකක් නෑ ඒක විහිලුවක් විතරයි කියල. ඒකි කියනව "ඔයා මට ඕන තරම් විහිලු කරල තියනව, ඒ කිසි දෙයක් මට ප්‍රශ්නයක් නෑ. ඒත් මේක නම් මට හිතෙන්නෙම ඔයා ඇත්තටම කිව්ව කියල. මම කවදාවත් මගේ ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ගොඩක් දුක හිතුන" කියල. කොහොමහරි එහෙම දෙයක් නෑ කියල දහ අතේ දිවුරල යන්තන් ශේප් කරගත්ත. පස්සෙ ඒකි ආයෙත් කිව්ව, "වෙනද නම් ඔයා විහිලු කරනකොට හිනා වෙවී නෙ කරන්නෙ, ඒත් එදා නම් මුනේ පොඩ්ඩක්වත් හිනාවක් තිබුනෙ නෑ, මහ සීරියස් මූඩ් එකක් තිබුනෙ. ඒකයි මම හිතුවෙ ඔයා ඇත්තටම කිව්වෙ කියල". හලේ මම ඇත්තටම එහෙම දෙයක් නම් හිතල කලේ නෑ. මම වෙනද වගේම ඉතින් ජෝක් එකටම තමයි කිව්වෙ. කොහොමහරි ඉතින් ඒ වැඩේ ශේප් වුනා.
ඊට පස්සෙ වැරදිලාවත් ඒ විහිලුව නම් ආයෙත් කලේ නෑ. හැබැයි පස්සෙ ඔය අඬපු සීන් එක මතක් කරලත් බයිට් කරන්න ගත්ත. අනිත් දෙන්නට නම් ඒ කතාව කිව්වෙ නෑ. ඒක මගේ පාවිච්චියට විතරක් තියා ගත්ත. ඊලඟට සමහර වෙලාවට මම මොකක් හරි චාටර් කතාවක් කියල එහෙමම අනිත් පැත්තට ගොන් හිනාවක් දාල කියනව "ඔන්න හිනා වෙවී කිව්වෙ, සීරියස් ගන්න බෑ" කියල. මම කියල තිබුනෙ ඇත්තට කියන්න දෙයක් තියනව නම් කියන්නම්, විහිලු සීරියස් ගන්න බෑ කියල. කොහොම වුනත් වෙනදට වඩා පරෙස්සමින් තමයි ඊට පස්සෙ විහිලු කලේ. ඊට පස්සෙ ඒ වගේ ප්‍රශ්න වුනේ නෑ. දෙන්න රන්ඩු වෙලා මල පැනල හිටපු වෙලාවල් නම් තිබුන.