කලින් පොස්ට් එකෙන් මැට්ට, මෝඩය වගේ ආදරණීය වචන කීපයක්ම අහගත්තා.:) හැබැයි මම නම් හිතුවේ බූරුවා, හරකා වගේ වචනත් අහගන්න වෙයි කියල.:D ඒ අස්සේ මහිමයට හෙන ආතල් එකක් ගිහින් උගේ නම කට්ටිය මට කිව්ව කියල.:P කලින් පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලල එන්න. හරි දැන් කතාවට එමුකෝ.
දැන් ඔන්න මම අර කලින් කියපු විදියට බොහොම බුද්ධිමත් විදියට, ලස්සනට ලියුම ලියල ඉවර කළා. ලියුම ඒකිට දුන්නේ හවස වෑන් එකේ එනකොට. සෙල්ලම් පොතක නෙමෙයි දාල දුන්නේ. මම O/L වලට අතිරේක විෂයක් විදියට ඉංග්‍රීසි සාහිත්‍ය කළා. (අම්මෝ ෆේල් නොවී බේරුනේ නුලෙන්.) ඒ සිලබස් එකට 'මඩොල් දූව' පොතේ ඉංග්‍රීසි පරිවර්තනය තිබුනා. මාත් ඉතින් ඒ පොත අරන් තිබුනේ. හැබැයි ගත්තට පිටුවක් වත් කියෙව්වේ නම් නෑ.
කොහොමහරි ඒ පොතේ දාලා තමයි දුන්නේ. ඇඩ් එකකට නෙමෙයි ඔන්න, ඒ පොත අලුත් නිසා ඒකෙ දාල දුන්නේ. දෙනකොට එච්චර අත වෙව්ලුවේ එහෙම නෑ.:) ඉතින් ලියුම දීල බිත්තර තම්බ තම්බ ගෙදර ගියා. මගේ ජීවිතේට ගත කරපු දිගම දවස් වලින් එකක් ඒක. හැබැයි ෂුවර් එකටම එදා දවස පැය 24කට වැඩිය නම් දිගයි. ඔන්න ඉතින් ඊළඟ දවසේ දහසක් බලාපොරොත්තු තියාගෙන වෑන් එකට නැග්ග. මට පස්සේ හෝල්ට් එකෙන් තමයි චානිකා නගින්නේ. දැන් ඔන්න එයා නැගල මම ඉන්න තැනට එනවා. මගේ කට ඇරිලා, ඇස් උඩ ගිහින් එක විකාරයයි. එදා ඒකි වෙනදාටත් වඩා ලස්සනයිද මන්ද. ඒකි ඇවිත් මගේ ශීට් එක ලඟින් හිටගත්තා. ඊට පස්සේ වෙනද වගේ පොඩි හිනාවක් දැම්ම. ඊට පස්සේ මුකුත් සද්දයක් නෑ. මේක හරි කෙළියක්නේ, දවසක්ම බලන ඉඳල ඉඳල උත්තරේ අහගන්න ආව, මේ කෙල්ල මුකුත් කියන්නෙ නෑ.
කොහොමහරි ඒ පොතේ දාලා තමයි දුන්නේ. ඇඩ් එකකට නෙමෙයි ඔන්න, ඒ පොත අලුත් නිසා ඒකෙ දාල දුන්නේ. දෙනකොට එච්චර අත වෙව්ලුවේ එහෙම නෑ.:) ඉතින් ලියුම දීල බිත්තර තම්බ තම්බ ගෙදර ගියා. මගේ ජීවිතේට ගත කරපු දිගම දවස් වලින් එකක් ඒක. හැබැයි ෂුවර් එකටම එදා දවස පැය 24කට වැඩිය නම් දිගයි. ඔන්න ඉතින් ඊළඟ දවසේ දහසක් බලාපොරොත්තු තියාගෙන වෑන් එකට නැග්ග. මට පස්සේ හෝල්ට් එකෙන් තමයි චානිකා නගින්නේ. දැන් ඔන්න එයා නැගල මම ඉන්න තැනට එනවා. මගේ කට ඇරිලා, ඇස් උඩ ගිහින් එක විකාරයයි. එදා ඒකි වෙනදාටත් වඩා ලස්සනයිද මන්ද. ඒකි ඇවිත් මගේ ශීට් එක ලඟින් හිටගත්තා. ඊට පස්සේ වෙනද වගේ පොඩි හිනාවක් දැම්ම. ඊට පස්සේ මුකුත් සද්දයක් නෑ. මේක හරි කෙළියක්නේ, දවසක්ම බලන ඉඳල ඉඳල උත්තරේ අහගන්න ආව, මේ කෙල්ල මුකුත් කියන්නෙ නෑ.
බැරිම තැන මම ඇහුව ලියුම කියෙව්වද කියල. ඒ පාර ඒකි ඔලුව වැනුව. ඊට පස්සේ ටිකක් අමාරුවෙන් වගේ කිව්ව "මම _____ (ඒකිගේ පස්සෙන් ආපු වෑන් එකේ ගිය අනිත් කොල්ලගේ නම) අයියට හා කියල තියෙන්නේ" කියල. (ඒ වචන ටික නම් අකුරක් නෑර මතකයි) මට මොකද වුනේ කියල මට හිතාගන්න බැරුව ගියා. හැඟීම් දැනීම් නැතුව ගියා වගේ වුනා. ඊට පස්සෙ මට මුකුත් ඇහුනෙත් නෑ, මුකුත් පෙනුනෙත් නෑ, මුකුත්ම දැනුනෙත් නෑ. මට තවත් කියන්න දෙයක් තිබුනේ නෑ. තිබුනත් කියාගන්නත් බෑ. මම ගල් වෙලා වගේ ඔහේ බලාගෙන හිටියා. ටික වෙලාවකින් බොහොම අමාරුවෙන් පියවි සිහියට ආවා. චානිකා තාමත් මගේ ශීට් එක ලඟට වෙලා ජනේලයෙන් එලිය බලාගෙන යනවා. චානිකා මට කවදාවත් අයිති වෙන්නේ නෑ කියල දැන් මම දන්නවා, ඒත් ඒකි තාමත් මගේ ළඟ. වෙනද වගේම ඒකිගේ සුදු ගවුම මගේ උරහිසේ ගෑවෙනව. ඒ සුදු ගවුමෙන් එන සුවඳ අද වෙනදාටත් වඩා දැනෙනවා. ඒත් ඒ සුදු ගවුමේ අයිතිකාරි මට අයිති නෑ. අර #*&%!^ එයාව අයිති කරගෙන. බොහොම අමාරුවෙන් වචන ගැට ගහගෙන මම ආයෙත් ඒකිට කතා කළා.
"අපිට වෙනද වගේ යාළුවො විදියට ඉන්න පුළුවන් නේද?"
"අනේ එහෙම ප්‍රශ්නයක් නෑ කසුන්. හැමදාම ඉස්සර විදියටම අපිට යාළුවො විදියට ඉන්න පුළුවන්."
ඊට පස්සේ මම ජනේලයෙන් එලිය දිහා බලාගෙනම හිටිය. බලාගෙන ගියාට මුකුත් පෙනුනේ නම් නෑ ඇස් දෙක බොඳ වෙලා තිබුන නිසා. එදා දවස ඊට පස්සේ ගෙවපු හැටි ගැන නම් මතකයක් නෑ. දවසම ඔහේ බලාගෙන හිටිය කියල විතරක් මතකයි. මම අපේ එකාටත් සිද්දිය කිව්ව, ඌට නම් එච්චර ගානක් නෑ. මට නම් ඉතින් ලෝකෙම නැති වුනා වගේ. ඔහොම දෙයක් වුන පලවෙනි වතාවනේ. අනිත් එක ඔය කාලේ එච්චර දැනුම් තේරුම් තියන කාලයක් නෙමෙයිනේ. කොහොම වුනත් වෙනද වගේම යාලුවෝ වගේ ඉමු කිව්වට ඊට පස්සේ අපි දෙන්නගේ වැඩි කතා බහක් තිබුනේ නෑ. මොන හිතකින්ද ඉතින් කතා කරන්නේ? ඒකිටත් එහෙමම වෙන්න ඇති.
ඔය විදියට ඉතින් ටික කාලයක් ගෙවිල ගියා. අපේ වෑන් එකේ මම 4, 5 වසර වල ගිය ඉස්කෝලේ හිටපු තව කෙල්ලෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මම අර 'බාල කාලේ මතකය' පොස්ට් එකේ ජීවිතේ පරුදුවට තියල හරි කී එක දෙනවා කියපු කෙල්ල. අනිත් කෙල්ල චානිකාගේ හොඳ යාලුවෙක්. මම අහපු එක චානිකා ඒ කෙල්ලට කියල. පස්සෙ දවසක ඒ කෙල්ල මාත් එක්ක ඒ ගැන කතා කළා. මාව පොඩි කාලේ ඉඳලම දන්න නිසා ඒ කෙල්ල මට ඇත්තම කතාව කිව්වා. අර කොල්ලගේ සල්ලි වලටලු චානිකා කැමති වෙලා තියෙන්නේ. ඒක වෙන්න ඇති, නැත්තන් මාත් එක්ක ලෝකෙ නැති දේවල් කියල බැනල පස්සෙ යාලු වේවිද. කොහොම වුනත් ඒක ඒකිගේ කැමැත්තනේ, මට මුකුත් කියන්න අයිතියක් නෑ නේ. අනිත් එක මගේ උවමනාවටනේ මම ආදරේ කලේ, එහෙම නැතුව ඒකි මට කිව්වේ නෑ නේ ඒකිට ආදරේ කරන්න කියලා.
පස්සෙ පස්සෙ පොඩි පොඩි ආරංචි ආව ඒ සම්බන්දෙ මොකක් හරි අවුලක් තියනවා කියල. මට අර කෙල්ල තමයි කිව්වේ. එකිත් හරියටම දන්නේ නෑ. චානිකත් නිකන් අප්සට් මුඩ් වගේ ඉන්නේ. හැබැයි මම එච්චර ඒ ගැන හොයන්න ගියේ නෑ. වෙනද වගේ පුද්ගලික දේවල් අහන්න තරම් පුළුවන් කමක් තිබුනේ නෑ. දවසක් චානිකා මට ලියුමක් දීල කිව්ව ඒක අරූට (කොල්ලට) දෙන්න කියලා. ඒක නම් දෛවයේ සරදමක්ම තමයි. මම ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙකුට ලියපු පෙම් හසුනක් මට ගිහින් දෙන්න වුනා කිව්වම ඉතින් තවත් මොනවද. මට මොනවා හිතෙන්න ඇත්ද කියල හිතාගන්න පුළුවන් නේ. හැබැයි ඒකිට මගේ ගැන ලොකු විස්වාසයක් තියෙන්න ඇති. නැත්තන් මගේ අතේ ඒක යවන්නේ නෑ නේ. ඒක ෆුල්ස්කැප් කොලයක ලියල පොඩි වෙන්නම නවල තිබුනේ. මට මතක විදියට මම ඒක කියෙව්වේ නම් නෑ. මම ඒක අරුගේ අතටම ගිහින් දුන්නා. ඒ දෙන්න අතරේ ඊට පස්සෙ මොනවා වුනාද කියල මම දන්නේ නෑ.
ඊට ටික කාලෙකට පස්සෙ අපි වෑන් එකෙන් අයින් වෙලා බස් යන්න තීරණය කළා. අපරාදෙනේ සල්ලි නිකන් වෑන් වලට දෙන්නේ. අපේ සෙට් එකේ තුන් දෙනෙක් අපේ වෑන් එකේ ගියා. අපි කතා වුනා ඊළඟ වාරේ ඉඳල බස් එකේ යමු කියල. ඔය කාලේ ඔටෝ පිස්සුවක් තිබුන අපිට. මාත් ඉතින් ඔටෝ පොතක් අරගෙන වෑන් එකේ කට්ටියට ලියන්න දුන්න. ඒ කාලේ වෙනකොට මායි චානිකයි ගොඩක් ඈත් වෙලා හිටියේ. ඒ නිසා මම අර කලින් කියපු කෙල්ලට දුන්න එයාට ලියල දෙන්න කියන්න කියල. ඊට පස්සෙ දවසේ මම වෑන් එකට හවස නැග්ගම චානිකා මට ලඟට කතා කළා. කතා කරලා ඇහුව
"ඇයි _____ (අර අනිත් කෙල්ලගේ නම) අතේ ඔටෝ එක එව්වේ, මට කෙලින්ම දෙන්න බැරිද?" කියලා.
මට ඒකට දෙන්න උත්තරයක් තිබුනේ නෑ. ඊට පස්සෙ ඒකි මට ඔටෝ එක දුන්නා. ඒකෙ අන්තිමට ඒකි ලියල තිබුන ' සදා නොවෙනස් නැගණිය' කියල. මට මතකයි, මම මහිමත් එක්ක හරි වෙන එකෙක් එක්ක හරි කිව්ව එහෙම ලිව්වට එයා දැනටමත් වෙනස් වෙලා කියල. :D ඒ කාලේ මම හරි ගොන් නේද? කොහොම හරි ඉතින් ටික දවසකින් අපි වෑන් එකෙන් අයින් වුනා.
හැබැයි ඉතින් එතනින් කතාව නම් ඉවර වුනේ නෑ. හොඳ හොඳ සෙල්ලම් වුනේ ඊට පස්සෙ. ඒව ඊළඟ කොටසින් කියන්නම්. ඒවත් දැන ගන්න කැමති නම් ඊළඟ කොටසින් එකතු වෙන්න.:)
....................................................................................................................................................................
ප.ලි. කතාව කෙටියෙන් කියනව කියල පටන් ගත්තේ. ඒත් පස්සෙ හිතුන ඊට හොඳයි විස්තර කරලම කියල එක කියල. අතගානව වැඩියි වගේ නම් හරි කම්මැලියි වගේ නම් හරි කට්ටිය කියන්න හොඳද.




