twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Wednesday, March 14, 2012

කසුන්ට අවුරුද්දයි

කවදාවත් නැතුව එක පෝස්ට් එකක් දාල දවසකින් තව පෝස්ට් එකක් දාන්න යන්නේ. මොකද අද මට ටිකක් විශේෂ දවසක්. හ්ම්ම්! ඔන්න ඉතින් අදට, ඒ කිව්වේ මාර්තු 14 වෙනිදට කසුන් කියන චරිතය ඉපදිලා අවුරුද්දක් වෙනවා. 2011 මාර්තු 14 තමයි මම බ්ලොග් කෑල්ලක් හදාගෙන මුලින්ම පොස්ට් එකක් දැම්මේ. අද ලොකු හෑල්ලක් ලියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. 50 වෙනි පෝස්ට් එක දාලත් වැඩි දවසක් නෑ නේ. ඒකෙ කියන්න තියන ඔක්කොම කිව්වා.:)

හැබැයි මේ හරහා ඇති වුන යාළුකම ගැන නම් ආයෙත් කියන්නම ඕන. කමෙන්ට් එකකින් පටන් ගත්ත යාළුකම, මූණුපොත, ස්කයිප්, ජංගම දුරකථනය හරහා ගිහින් සැබෑ ජීවිතයේදීත් හොඳ යාළුවො දක්වා දුර ගිහින්. හොඳම යාළුවො කියන ගොන්නට බ්ලොග් කෙරුවාවෙන් අඳුර ගත්ත යාලුවොත් කීප දෙනෙක්ම එකතු වෙලා. සැබෑ ජීවිතයේ දුක සතුට බෙදාගන්න, ප්‍රශ්නයක් ආවම විසඳගන්න, තීරණයක් ගන්න තියන වෙලාවට උපදෙස් ගන්න වගේ ඕන දේකට දැන් මේ අය ළඟ ඉන්නවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ගනුදෙනුව හරිම සුන්දරයි. ඒ හැම දෙනාටම නැවත නැවතත් ස්තූතියි. ඒ ඇසුර මට ගොඩක්ම වටිනවා. මේ විදියට හැමදාම ලඟින් ඉන්න කියලා තමයි මම ඉල්ලන්නේ. 

එහෙනම් කට්ටිය ඔය පහලින් තියන කේක් කෑල්ලක් කාලම යන්න. කුඩු හලන්න එපා කූඹි එනවා.:D



57 comments:

  1. cake eke ivara wenne kalin mama awa suba pathanna.
    thawa thawa rasawath nirmanath ekke digu kalayk
    blog awakashaye rendennata magen unusum suba pathum !

    (ada singhala fonts na malli wene computer ekaka inne )

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි අක්කෝ. ගොඩක් කල් බ්ලොග් අවකාශයේ රැඳෙන්න නම් අක්කලා මාත් එක්ක ඉන්න ඕන.:) ඒක තමයි මගේ ශක්තිය.

      Delete
  2. සුභම සුභ උපන්දිනයක් වේවා අයියෝ.....!!!!!!!!
    :)

    ReplyDelete
  3. මම නම් කියන්නෙ කේක් කනවට වඩා මේ සතුට සමරන්න කොහෙ හරි ගිහින් නාන එක වටිනව කියල :)

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ කරනවානම් ලොකු පිනක්

      Delete
    2. අනේ පලයල්ලා යන්න. මම කිව්වනේ උදේ පාන්දරම නාන එකෙයි මේකෙයි සම්බන්ධයක් නෑ කියලා.:P

      Delete
    3. කසුන් මලයෝ ඔන්න කර ගන්නව නම් පිනක් මේ සාතන් අයියා මලාට නාන්නේ නෑ ඔහොම එකක් සෙට් වුනොත් මිස....

      Delete
    4. අප්පටසිරි ඒකත් එහෙමද අක්කේ? ඒ වුනාට මිනිහගේ ටෝක් නම් දවසට දෙපාරක් නානවා වගේ.

      දැන් උඹ මට නේ අයියේ ටෝක් දුන්නේ? දැන් දීපල්ලකෝ මේවට උත්තර.

      Delete
  4. බොහෝම සංතෝසයි..ආවා වගේම ඉස්සරහටත් යං...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාරයියේ. ගොඩාක් කාලෙකින් අයිය මේ පැත්තේ ආවේ.:)

      Delete
  5. ලස්සන කේක් එකක්...

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් කාලම යන්න එහෙනම්...:)

      Delete
  6. කසුන්ට වැඩි වැඩියෙන් හිතිලා තව අවුරුදු ගානක් බ්ලොග් එක කරන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා.
    හොද වෙලාවට දැම්ම ආවේ. ‍මේ ගැටෝ එක මිස් වුනානම් ඉදලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කා. ගැටෝ කිව්වේ මේ කේක් එකද? අනේ ඕවයේ නම් දන්නේ නෑ නේ අක්කා අපි.:)

      Delete
  7. අපොයි අයිසින් කේක් එපා අයියෙ... නැද්ද බටර් කේක් එහෙම....:)))

    තව දිගටම ලියන්න නෑ නෑ ටයිප් කරන්න ඇඟිලි වලට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා... !!!

    ReplyDelete
    Replies
    1. කේක් කෑල්ලක බටර් ටිකක් ගාල වගේ දෙන්නද? :) බොහොම ස්තූතියි නගෝ.

      Delete
  8. සුභ උපන්දිනයක් වේවා බ්ලොගේට....කේක් එක රස පාටයි...යම්....

    තව තවත් ලියන්න ශක්තිය,දිරිය ලැබේවා.... :)))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කා. ශක්තිය ඉතින් කියවන ඔයාල තමයි.

      Delete
  9. සුභ උපන්දිනයක් මල්ලි...!!! තව තව ලියන්න ශක්තිය වෙලාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාළු අයියේ. අන්න වෙලාව ලැබෙන්න කියන එක නම් සෑහෙන්න වටිනවා.:)

      Delete
  10. අවුරුද්දක් උනාද බන්... කාලය යන වේගෙ... සතුටුයි දිගටම ලියපන් මචන්... 22 හමු වෙමු

    ReplyDelete
    Replies
    1. සිරාවට අයියේ, අවුරුද්දක් ගියා කියල නම් දැනුනේ නෑ. තැන්කූ අයියා! 22 සෙට් වෙමු.

      Delete
  11. සුභ උපන්දිනයක් වේවා කසුන්ට.....!!!!
    සිය දහස් ගණනින් පෝස්ට් ලියවෙන්නට, වසර ගණනාවක් ලියන්නට වාසනාව ලැබේවා.
    මේ කේක් එකේ අයිසින් විතරද මන්දා තියෙන්නේ.
    (මේ පැත්තට පාර කීව කෙනත් ඇවිත් තියෙන්නේ...:D)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ.

      නෑ නෑ, මැද කේක් තියනවා.:) පාර කියපු කෙනා නම් ඉතින් නිතරම මේ පැත්තේ එනවා නේ.:)

      Delete
  12. ජය වේවා අයියේ.. අපිට පාර්ටියක් ඕනේ හොඳේ.. මෙහෙම e- කේක් දීලා විතරක් හරියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ. පාටිය ඉතින් අර මම කියපු විදියට කරමු.:)

      Delete
  13. සුභ පතනවා...!

    ReplyDelete
  14. සුභම සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා...!

      Delete
  15. බ්ලොග් අවකාශයේ දිදුලන තරුවක් වීමට සුභපැතුම් henryblogwalker aka Dude ගෙනි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ එච්චර පුළුවන් වේවිද මන්ද?:) බොහොම ස්තූතියි Dude අයියේ...!

      Delete
  16. සුභපැතුම් කසුන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...!

      Delete
  17. දෙයියන්ගෙ පිහිටෙන් බුදුන්ගෙ සරණින් තව චිරාත් කාලයක් ලියන්න වාසනාව ලැබෙන්න කිව්ව ඕං......සුභ පැතුම් හොඳේ.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ...!

      Delete
  18. කසුන්ට අවුරුද්දයි කනියගෙන් පලවෙනි කමෙන්ට් එකයි හැපි බර්ත් ඩේ මචාංංං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ...!

      Delete
  19. බ්ලොග් ලෝකේ අව්රුද්දට සහ ඉපදිලා අවූරුදු 24 ටත් ඔන්න මගෙන් සුභ පැතුම්.. ඉදිරියටත් හිතන පතන හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නගෝ. ඉපදිලා අවුරුදු 24 වෙන්න තව ටික දවසක් තියනවා අලේ.:)

      Delete
  20. අම්මපා අද මම හිතුවේ අද උඹේ ඇත්තම උපන්දිනේ කියලනේ.. බුකියේ බිත්තියේ පෝස්ටරයක් දාලා උඹේ ඔරිජිනල් එකේ මොකද උපන්දිනේ නැත්තේ කියලා බලද්දි තමයි වැඩේ මීටර් උනේ.. අපරාදේ මම ඉස්සෙලාම දාපු සුභ පැතුම..

    ReplyDelete
    Replies
    1. එතකොට ඊයේ ඇත්තම උපන්දිනේ නෙමෙයිද? :/

      Delete
    2. @Dinesh
      මොකද අනේ අපරාදේ වෙන්නේ? ඒ සුභ පැතුවේ බ්ලොගේ උපන්දිනේට නේ.:)

      @වර්ණා
      ඇයි ළමයෝ ඔරිජිනල් එකවුන්ට් එකේ තියන එක නේ මගේ ඇත්තම උපන්දිනේ. මේක බ්ලොගේ උපන්දිනේ.

      Delete
  21. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් .....

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ අයියා, 12ට කලින් දාල නේ.:) ස්තූතියි අයියා...!

      Delete
  22. ඔන්න මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ...!

      Delete
  23. මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ...!

      Delete
  24. ජයෙන් ජයම වේවා අයියේ!!! ඉදිරියටත් සාර්ථක ගමනක් යන්න මගෙන් සුබහ් පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නගෝ...!

      Delete
  25. What Is Caesars Casino & Hotel Casino? - Dr.MCD
    Caesars Casino & 부천 출장샵 Hotel Casino: It's a fun 군포 출장안마 place 충청북도 출장샵 to stay with family and friends. It's 광주광역 출장마사지 located in 전라북도 출장안마 the heart of Las Vegas, steps from LINQ Promenade and

    ReplyDelete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.